ක්‍රීඩාව තුළින් මිත්‍රත්වය සොයා සැතපුම් හතරක් ධාවනය කිරීම | සිළුමිණ

ක්‍රීඩාව තුළින් මිත්‍රත්වය සොයා සැතපුම් හතරක් ධාවනය කිරීම

 

‘ක්‍රීඩාව තුළින් මිත්‍රත්වය’ යන තේමාව යටතේ ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල දිනය සමරනු වස් කිලෝ මීටර් 4 ධාවනය පසුගිය දා ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගණය අසල පැවැත්විණි.

1948 වසරේ පිහිටුවනු ලැබූ මෙම ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය ලෝකයේ විශාලම බහුවිධ සංවිධානයකි. මෙම සංවිධානය මගින් සාමය ප්‍රවර්ධනය පිණිස ක්‍රීඩාව යොදවා ගැනීම අරමුණු කරගෙන ඇති අතර මෙහි ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත්තේ බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ ය. මේ වනවිට ලොව රාජ්‍ය 133 ක සන්නද්ධ හමුදා සාමාජිකයෝ එහි සාමාජිකත්වය දරති.

පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති මෙම ක්‍රීඩා කවුන්සිල දින සැමරුමේ සමාරම්භක අවස්ථාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, වර්තමාන ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලයේ සභාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.

Comments