හිටපු සමස්ත ලංකා, ලෙස්ටර්ෂයර්, එන්.සී.සී., නෝමෑඩ්ස් සහ කොළඹ නාලන්ද විද්‍යාලයීය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ මහතා පසුගිය දා තමාගේ 91 වැනි ජන්ම දිනය සැමරුවේ ය. එතුමා දැනට ජීවත් වන තලපත්පිටියේ පිහිටි නිෙවසේ දී සමීප හිතවතුන් එක්ව මේ වෙනුවෙන් චාම් උපන්දින උත්සවයක් පැවැත්වීය.
‘ස්ටැන්ලි’ යන ආදර නාමයෙන් ආම-න්ත්රණය කරනු ලබන ජයසිංහයන් මෙරට බිහි වූ අතිදක්ෂ තුන් ඉරියව්වේ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. එලෙසම ප්‍රවීණ වෘත්තීය මට්-ටමේ ක්‍රීඩකයකු, ක්‍රිකට් පුහුණුකරුවකු, උපදේශකවරයකු හා හිටපු ක්‍රිකට් බල-ධාරියෙකි.
ඔහු උපන්නේ 1931 ජනවාරි 19 වැනි දා බදුල්ලේ දී ය. ක්‍රිකට් ක්‍රීඩා කරන්නට තිබූ ආසාව නිසා ම කොළඹට විත් ඒ අසාව සපුරා ගන්නට ස්ටැන්ලි කටයුතු කළේ ය. ඔහුට ඒ වෙනුවෙන් මග පෙන්වූයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට විශිෂ්ටයන් රැසක් බිහි කළ කොළඹ නාලන්දා විදුහලයි.
තමාට ක්‍රිකට් අත්පොත් තැබූ නාලන්දා විදුහලේ එදා විදුහල්පතිව සිටි ඩී.සී. ලව්රිස් මහතා සමඳ ක්‍රිකට් පුහුණුකරු ජෙරි ගුණ-රත්න සහ කන්දසාමි මහත්වරුන්ව ස්ටැ-න්ලි කෘතවේදීව සිහිපත් කළේය.
1949 සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඒකාබද්ධ පාසල් කණ්ඩායම අතර පැවැති තරගයට ස්ටැන්ලිව තෝරා ගැනුණේ ඔහු පාසල් ක්‍රීඩකයකුව සිටිය දී ය. 1950 දී පකිස්තාන සංචාරය සඳහා ලංකා ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනීම, 1950 දී ඉන්දියාවේ පැවැති විශේෂ තරගයක් සඳහා සහභාගීත්වය, 1951 දී ටයිම්ස් ක්‍රීඩා ශූරයා හැටියට සම්මාන ලැබීම ස්ටැන්ලිගේ ක්‍රිකට් දිවියේ විශේෂ සිහිවටනයි.
ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් ගමන ඇරැ-ඹුණේ 1949 - 50 දී ය. ජයසිංහයන්ගේ ක්‍රිකට් ගමනේ ඉහළ ම තලය එංගලන්තයට ගොස් වෘත්තීය මට්ටමින් ක්‍රීඩා කිරීමයි. 1955 දී එංගලන්තයට ගිය ස්ටැන්ලි පළමුව ක්‍රීඩා කළේ පෙන්සැන්ස් කණ්ඩායමට වන අතර, පසුව ඔහු අවුරුදු තුනක් ලැන්කර්ෂයර් ලීගයට ක්‍රීඩා කළේ ය. එහිදී අවුරුදු 88 කට පසු ලීග් ශූරතාව තම කණ්ඩයමට දිනා දීම සඳහා ස්ටැන්ලි තම තුන් ඉරියව්වේ දස්කම් මාලාව මැනවින් පෙන්නුම් කළේ ය.
ස්ටැන්ලි තුළ තිබූ ක්‍රිකට් හැකියාව අව-බෝධ කර ගත් ලෙස්ටර්ෂයර් කණ්ඩායමට ඉහළ දායකත්වය ලැබිණ. කණ්ඩායමට ඔහුගේ පිත්තේ දායකත්වය ලකුණු 5223 කි. තරග වාරයක වැඩි ම ලකුණු 1499 කි. මේ හැර 1963 දී ලකුණු 1333 ක් හා 1965 දී ලකුණු 1332 ක් වාරයක ලකුණු 1000 ක් ඉක්මවා ගිය අවස්ථා දෙකකි.
ක්‍රිකට් ප්‍රවීණයකු ලෙස නමක් තැබූ 1968 - 69 දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුවකු හා තේරීම් කමිටු සාමාජිකයකු ලෙස ද සේවය ලබා දුන්නේ ය. 2018 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 49 දෙනෙකුට විශේෂ උපහාරයක් පිදූ අවස්ථාවේ ද ඊට ස්ටැන්ලි ද ඇතුළත් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අමරණීය චරිතයක් වන ස්ටැන්ලි ජයසිංහයන්ට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නේ ඔහු මෙරට ක්‍රිකට් ඉතිහාසයේ පතාක යෝධයකු ද වන හෙයිනි.