
‘මම මේස පන්දු ජාතික ශූරිය වුණේ අවුරුදු 14 දි යි. මම මේ ක්‍රීඩාව සමඟ එකතු වුණේ මගේ පොඩි අයියා ක්‍රීඩා කරනවා දැකලයි. මුලින් ම මම මේස පන්දු ක්‍රීඩාව පටන් ගත්තේ පළමු ශ්‍රේණියේ සිටයි. මගේ ඉලක්කය මෙම වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට යන එකයි.’ යැයි කීවේ මේස පන්දු ශූරි බිමන්දි බණ්ඩාරනායක ය. ඇය පසුගිය දා මේස පන්දු ජාතික ශූරිය පරාජය කර ශූරතාව දිනා ගැනීමෙන් අනතුරුව ‘ක්‍රීඩා‘ හා පැවැති සම්මුඛ සාකච්ඡාවකි මේ.
සම්පූර්ණ නම?
බිමන්දි සදින්සා ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
පාසල?
මම මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා.
ගම ?
කෑගල්ල.
ඔබේ මව හා පියා ගැන විස්තර කළහොත් ?
මව ශ්‍රියානි චම්පිකා රාජපක්ෂ ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක්. පියා වජිර සෝමසිරි ඔහු නීතිඥවරයෙක්.
ඔබ කොහොමද මේස පන්දු ක්‍රීඩාවට එක්වුණේ?
මට අයියලා දෙදෙනෙක් සිටිනවා.වැඩිමලා උවිඳු අංජන බණ්ඩාර. ඔහු නීති විද්‍යාලයේ. පොඩි අයියා චමිඳු දීලක. ඔහු නුවර ත්‍රිත්ව විද්‍යාලයේ උසස් පෙළ කරනවා. ඔවුනුත් මේස පන්දු ක්‍රීඩා කළා. එයාලා එම ක්‍රීඩාව කරනවා දැකලා තමයි මටත් මේ ක්‍රීඩාවට ආසාවක් ඇති වුණේ. මගේ මුල් ම පාසල වන කෑගල්ල සසෙක්ස් ජාත්‍යන්තර පාසලේ පළමු ශ්‍රේණියේ සිට තමයි මම මේස පන්දු පුහුණු ක්‍රීඩාව ආරම්භ කළේ.
මේස පන්දු ක්‍රීඩාව දියුණු කර ගන්න පවුලේ සහයෝගය ලැබෙනවා ද?
ඔව්. මගේ අම්මා තාත්තා මෙන්ම අයියලා දෙන්නා මට ඒ වෙනුවෙන් විශාල සහයෝගයක් ලබා දෙනවා.
ඔබගේ පුහුණුකරුවන් කවුද?
මට ප්‍රධාන පුහුණුකරුවන් තිදෙනෙක් සිටිනවා. බුද්ධික දික්කුඹුර, ගයාන් ලිය-නගේ යන පුහුණුකරුවන් යටතේ නුවර පුහුණු වෙනවා. පාසලේ පුහුණුකරු ඩී.එම්.ජී.එස්. කුමාර සම්පත්, මීට අමතරව නිර්මල ජයසිංහ පුහුණුවට උදව් කරනවා.
මේස පන්දුවෙන් ඔබ ලබාගෙන ඇති ඉහළම ජයග්‍රහණය කුමක් ද?
2018 වසරේ දී මා මේස පන්දු ජාතික ශුරිය වුණා. එතකොට මට වයස අවුරුදු 14 යි. නමුත් ඒ තරගාවලිය පැවැත්වූවේ 2019 වසරෙ දි යි. 2019 දෙසැම්බර්වල නේපාලයේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරගවල දී රිදී පදක්කම දිනා ගත්තා. කේවල තරගවලට සහභාගි වෙන්නත් එක්කයි මම එහෙ ගියේ. නමුත් මට එහෙදී ඩෙංගු හැදුණා. ඒ නිසා මට කේවල තරගවලට සහභාගි වෙන්න බැරි වුණා. 25 වැනි ආසියානු ශුරතාව 2021 සැප්තැම්බර්වල තිබුණා. ඒ තරගාවලියේ දී පළමු 30 දෙනා අතරට එන්න මට හැකියාව ලැබුණා. කණ්ඩායම් තරගවල දී 12 වැනි ස්ථානය හිමි වුණා. ඊට අමතරව විවිධ තරගාවලි වෙනුවෙන් විශාල පදක්කම් ප්‍රමාණයක් හිමි කර ගෙන තියෙනවා. පසුගිය සතියේ පැවැති ටිබා තරගාවලියේ දී මට ඉසව් හතරකින් ශුරතාව හිමි වුණා.
නව වසරේ බලාපොරොත්තු කොහොම ද?
පොදු රාජ්‍ය මණ්ඩලයීය තරග තිබෙනවා. ඒක ඉලක්ක කරගෙන මේ දිනවල පුහුණුවීම් කරනවා. රන් පදක්කමක් ගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ කවුරුවත් රන් පදක්කමක් අරන් නැහැ. එම තරගාවලියේ වයස් මට්ටමින් තරග නැහැ. විවෘත තරග පමණයි තියෙන්නේ. නමුත් මා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත නිසා තරගයට සහභාගී වීම සම්බන්ධයෙන් කොහොම වෙයිද දන්නේ නැහැ. දින වකවානු අනුව තමයි ඒ ගැන තීරණයක් ගන්නේ.
පුහුණුවීම් කරන්නේ කොහේ ද?
නුවර කටුගස්තොට. මම මගේ කෙනෙක් සමඟ පුහුණුවීම් වලට යනවා. පුහුණුවීම් හොඳින් කරනවා. ඒවා නම් අතපසු කරන්නේ නැහැ. අභියෝග වලට මුහුණ දෙන්න පුහුණුව ඉතාම අත්‍යවශ්‍යයි. ඒ නිසා හැකි හැම අවස්ථාවෙම පුහුණුවීම් සිදු කරනවා.