විඳගන්න සැරසෙන්න ලෝකයේ වසරේ ක්‍රීඩා පෙළහර | සිළුමිණ

විඳගන්න සැරසෙන්න ලෝකයේ වසරේ ක්‍රීඩා පෙළහර

 

2022 ලොව ප්‍රධාන ක්‍රීඩා තරගාවලි කීපයක් පැවැත්-වෙන අවුරුද්දකි. එයින් ප්‍රධානත්වය ගන්නේ ලෝක පාපන්දු සම්මේලනය මෙහෙය වන ලෝක කුසලාන පාපන්දු තරාවගලිය යි. කටාර් හි සංවිධානය වන ලෝක පාපන්දු තරගාවලිය කලින් ජුනි මාසයේ පැවැත්වීමට නියමිතව තිබුණත් එරට පවතින දේශගුණික තත්ත්වය මත නොවැම්බර් මාසයට කල් දමා ඇත.

ඒ අනුව එම තරගාවලිය නොවැම්බර් 12 වැනි දා සිට දෙසැම්බර් මස 18 වැනි දා දක්වා පැවැත්වේ. මෙම තරගාවලිය සංවිධානය කිරීමේ දී කටාර් රාජ්‍යය ලෝක පාපන්දු තරගාවලිය සංවිධානය කරනු ලබන ප්‍රථම අරාබි සහ මුස්ලිම් රාජ්‍යය සේම කුඩා ම රාජ්‍යය වීම ද විශේෂිත ය. රටවල් 32 ක කණ්ඩායම් මෙවර තරගාවලියට සුදුසුකම් ලබා තිබේ. ඒ අතර 2018 ශුරතාව දිනු ප්‍රංශය සහ බ්‍රසිලය, ජර්මනිය, එංගලන්තය, ආජන්ටිනාව සහ ස්පාඤ්ඤය ශ්‍රේණිගත ප්‍රබල කණ්ඩායම් ය.

ශීත ඔලිම්පික්

ගිම්හාන ඔලිම්පික් උළෙල සේම ශීත සෘතු ඔලිම්පික් උළෙලත් ලොව ප්‍රධාන ක්‍රීඩා ඉසව්වකි. 24 වැනි ශිත සෘතු ඔලිම්පික් උළෙල වෙනුවෙන් සත්කාරකත්වය දරනුයේ චීනයයි. ඔවුන් මෙම තරගාවලියේ සත්කාරකත්වය දරන ප්‍රථම අවස්ථාව මෙය වේ. 2008 දී චීනයේ බීජිං නුවර ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්වූ අතර මෙම ශීත ඔලිම්පික් උළෙල සංවිධානය කිරීමත් සමඟ ගිම්හාන හා ශිත සෘතු ඔලිම්පික් තරගාවලි දෙකම පවත්වන්නට වරම් ලද ප්‍රථම නගරය ලෙස බීජිං නුවර වාර්තා පොතට ඇතුළත් වෙයි.

කාන්තා ලෝක කුසලානය

ලෝක ක්‍රිකට් සමුළුව මෙහෙය වන කාන්තා ලෝක කුසලාන තරගාවලිය මාර්තු 4 වැනි දා සිට අප්‍රේල් 3 වැනි දා දක්වා පැවැත්වෙන්නේ නවසීලන්තයේ දී ය. 1973 දී ඇරැඹුණ මෙම තරගාව-ලියේ දී වැඩිම ශුරතා දිනා ඇත්තේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය යි. 2000 වසරේ දී නවසීලන්තය ශුරතාව හිමි කර ගත්තේ ය.

බොස්ටන් මැරතන්

එක්සත් ජනපදයේ බොස්ටන් මැරතන් ධාවනය ලොව ප්‍රධාන මැරතන් තරගය ලෙස ශ්‍රේණිගත ය. එය මෙවර පවත්වනු ලබන්නේ අප්‍රේල් 18 වැනිදා ය. නමක් දිනූ ලෝක ශූර මැරතන් ක්‍රීඩකයන් රැසක් මෙම ධාවනයෙන් බිහිව ඇත.

විම්බල්ඩන් ටෙනිස්

'විම්බල්ඩන්' නමින් තිබෙන්නේ ලොව ප්‍රමුඛත ම ග්‍රෑන්ස් ස්ලැම් ටෙනිස් තරගාවලිය යි. එය ලන්ඩන් නුවර සමස්ත එංගලන්ත ටෙනිස් සංගම ය එය සංවිධාන ය කරන්නේ 135 වැනි වතාවටය. එය මෙවර පැවැත්වෙන්නේ ජුනි වැනි දා සිට ජූලි 10 වැනිදා දක්වාය.

මේ මෙම වසරේ පැවැත්නෙ තවත් විශේෂ ක්‍රීඩා ඉසව් කීපයක්.

ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය - මැයි 25 - ජුනි 5

109 වැනි ප්‍රංශ පාපැදි සවාරිය - ජූලි 1 - 24 දක්වා

18 වැනි ලෝක මලල ක්‍රීඩා තරගාවලිය එක්සත් ජනපදයේ දී ජූලි 15 - 24

එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලිය අගෝස්තු 29 - සැප්තැම්බර් 11

යුරෝ කාන්තා පාපන්දු තරගාවලිය එංගලන්තයේ දී ජූලි 6 - 31

 

Comments