පුවත් | Page 2 | සිළුමිණ

පුවත්

කායවර්ධන ශූරයා අතීෆ්

මාතලේ දිස්ත්‍රික් කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංගමය සංවිධානය කළ මාතලේ කොට්ඨාස කායවර්ධන ශූරයා ලෙස මොහොමඩ් අතිෆ් සම්මාන ලැබීය.

පෙත්සම විභාගය කල් යයි

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජික ඡන්ද අඩු කිරීම හා ඊට යාන්ත්‍රණයක් සකස් කිරීම ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායකයන් සහ හිටපු ක්‍රිකට් පරිපාලකයන් විසින් කොළඹ අභියාචනාධිකරණයේ හමුවේ ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීම කල් දැමීමට අධිකරණය පසුගියදා තීරණය කළේ ය. ඒ එම පෙත්සම පසුගිය 24 වැනි දා යළි කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය. ඒ අනුව මැයි මස 30 වැනි දා මෙම පෙත්සම වෙනුවෙන් දෙපාර්ශ්වයටම තර්ක ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිව තිබේ.

 

මහනුවර හා හැව්ලොක්ස් තරග දෙකක් ජයගනී

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අන්තර් සමාජීය ලීග් ශූරතා පිරිමි රග්බි පාපන්දු තරග මාලාවේ ආරම්භක සතියේ ජයග්‍රහණ සටහන් කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත්විය.

මහානාම උපදේශන මණ්ඩලයෙන් ඉවත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන මණ්ඩලයෙන් ඉවත්වීමට රොෂාන් මහනාම මහතා තීරණය කර තිබේ. ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව දන්වා ඇතැයි වාර්තාවෙයි.

ඔන්ලයින් චෙස් ශූරයෝ

වී. ඇන්ඩ් එස්. චෙස් ක්‍රීඩා සමාජය මගින් සංවිධානය කරන ලද ඔන්ලයින් චෙස් ෆියෙස්ටා 2021 තරගාවලියෙන් විවෘත අංශයේ පිරිමි ශූරතාව දිනා ගැනීමට බිනර ප්‍රභාෂණ සමත්විය. කාන්තා ශූරතාව දිනා ගත්තේ ෆාතිමා තහානි විසිනි. මෙම තරාවලිය සඳහා තරගකරුවන්121 දෙනෙකු සහභාගි වූ හ.

සෙනුරිට රන්පදක්කම් දෙකක්

පළමු වරට මෙරට සංවිධානය කළ ශ්‍රී ලංකා විවෘත අන්තර් ජාතික ටයිකොන්ඩෝ තරගාවලියෙන් රන් පදක්කම් 2 ක් දිනා ගන්නට සෙනුරි දේවින්ද සමත් විණි.

කෑගල්ල මානියම්ගම කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන බී. ඒ.ඩී. සෙනුරි දේවින්දි වයස අවුරුදු 8 න් පහළ තරග කාණ්ඩයෙන් ජයගෙන මෙම දක්ෂතාවය ප්‍රදර්ශනය කළා ය.

චමරිගේ කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට

ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශය පරාජය කොට පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නියෝජනය කිරිමේ වරම් හිමිකර ගත්තේ ය. මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය පසුගියදා මැලේසියාවේ ක්වාලාරාම්පූර් නුවර කින්රාරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්විණි.

“ෂෙහාන් සේමසිංහ“ කුසලානය නිශාන්තට

දෙහිවල - ගල්කිස්ස ක්‍රීඩා සමාජය නියෝජනය කරන යොවුන් ක්‍රීඩක නිශාන්ත පෙරේරා ‘ෂෙහාන් සේමසිංහ‘ විවෘත ස්ටැන්ඩඩ් පාපැදි තරගයෙන් ජය ගැනිමට සමත්විය.

කිලෝමීටර් 138 ක දුරක් අවරණය වන පරිදි අනුරාධපුරයේදී පැවැති ෂෙහාන් සේමසිංහ විවෘත පාපැදි තරගය සඳහා දිවයිනේ නම ගිය පාපැදි ශූරයින් 186 දෙනෙකු සහභාගි වූ හ. පැය 3 විනාඩි 23 තත්පර 3 කාලයකින් නිමා කළ නිශාන්ත මුදලින් රුපියල් ලක්ෂයක් දිනාගැනීමට සමත් වූයේ ය.

 

Comments