
චූලසෙට්ඨි බෞද්ධ සහිත්‍යයේ එන ජාතක කතාවකි. ක්‍රීඩාවට ආගමක් නොමැති වුව ද චූලසෙට්ඨි ජාතක කතාවේ දැක්වෙන සිදුවීම්වලට සාම්‍යයක් පෙන්වන ආකාරයේ සිදුවීම් මේ දිනවල ක්‍රීඩා අමාත්‍යාංශය ආශ්‍රිතව වාර්තා වන හෙයින් එම ජාතක කතාව සම්බන්ධයෙන් නොපවසා බැරිය.
පෙර කී ජාතක කතාවෙන් කියැවෙන්නේ මී කුණක් විකුණා ධනවත් වූ දුගී තරුණයකු ගැන ය. ක්‍රීඩාව හා මී කුණු කතාවක් කෙසේ ගැළපේ ද? එය ගළපා ගන්නට වෙන්නේ මී කුණකට වඩා අගනා ක්‍රීඩාංගණ හා ඒ ආශ්‍රිත ගොඩනැඟිලි ඇතැම් ක්‍රීඩා සංගම්වලට පවරාදීමට මේ දිනවල ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින හෙයිනි.
ඒ අනුව ඔහු පසුගිය දා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව පැවැති කොළඹ කෘත්‍රිම හොකී පළස හා ගොඩනැඟිල්ල ශ්‍රී ලංකා හොකී සම්මේලනයට පැවරුවේ ය. එසේ එම ක්‍රීඩාංගණය පවරා දුන්නේ වසර තිහක කාලයකට යටත්ව ය. මෙම පවරා දීම උඩුපෙළින් කියවා ඉවත නොදැමිය යුතු සංසිද්ධියකි.
එම සංසිද්ධියේ යටිපෙළ තෙරුම් ගන්නට උත්සුක වන්නේ නම් පමණක් අප කී බෞද්ධ ජාතක කතාවේ එන දුගී තරුණයා මී කුණකින් පොහොසතෙක් වූවා සේ හොකී සම්මේලනයට ද ධනවත් වීම කෙසේ වෙතත් ආර්ථික වශයෙන් යම් පමණකට ස්වාධීන වන්නට පිළිවන.
ඒ තම සංගමයට පවරා දුන් ක්‍රීඩාංගණය හා කාර්යාල සංකීර්ණය නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් එයින් තවදුරටත් ආදායම් උත්පාදනය කර ගැනීමට උත්සුක වීමෙනි. ස්ථිර අනුග්‍රාහකයෙක් නොමැතිව, තරගාවලියක් සංවිධානය කිරීම සඳහා කුලී පදනම යටතේ ලබා ගන්නා ක්‍රීඩාංගණ හැරුණු කල ස්වාධීන ක්‍රීඩාංගණයක් නොමැතිව හොකී සම්මේලනය දීර්ඝ කාලයක් තිස්සේ දැඩි අසීරුතා වින්දේය. එහෙත් දැන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මත ක්‍රීඩාංගණයක්, අබලන් තත්ත්වයේ හෝ පවතින කෘත්‍රිම හොකී පළසක් හා කාර්යාල පරිශ්‍රයක හිමිකම දැන් ඔවුන් සතු ය. එය දැන් නිසි පරිදි කළමනාකරණය කිරීම පැවරෙන්නේ හොකී පරිපාලනය මත ය.
ඒ සඳහා හොකී සම්මේලනයේ නිලධාරීනට මෙම ක්‍රීඩාංගණය සාධාරණ කුලී පදනම යටතේ විවිධ පාසල්, හොකී සංගම්වලට ලබාදී හැකිතාක් හොකී අරමුදල් තරකර ගත හැකි ය. නව තරගාවලි සංවිධානය කිරීම, අනුග්‍රාහක ආයතනයන්හි දැන්වීම් පුවරු ප්‍රචාරණය සඳහා ක්‍රීඩා භූමියේ අවකාශය වෙන් කිරීම මඟින් තම ක්‍රීඩාව වෙත වැඩි ආකර්ෂණයක් දිනාගැනීමට ද අවස්ථාව හිමි ය.
එසේම අලුතින් කෘත්‍රිම තණතීරුවක් එළීමට නොහැකි නම් විදේශයකින් ඉවත් කරන තවත් කාලයක් භාවිත කළ හැකි කෘත්‍රිම තණ පළසක් අතුරා තවත් කාලයක් එම ක්‍රීඩාංගණයේ පහසුකම් ඉහළ නංවා ගැනීමට වත්මන් හොකී බලධාරීන්ට හැකි ය.
කොටින්ම කියන්නේ නම් හොකී සම්මේලනය දැන් තමන් සිතන ආකාරය වෙනස් කිරීම අවශ්‍ය ය. ක්‍රීඩා අමාත්‍යවරයා මේ ක්‍රීඩාංගණය හා ගොඩනැඟිලි පරිශ්‍රය තම සම්මේලනයට ලබා දී ඇත්තේ තිස් වසරක් තුළ ස්වාධීනව නැඟී සිටීමට අවශ්‍ය ශක්තිය ගොඩනඟා ගැනීමට බව ඔවුන් තේරුම් ගත යුතුව ඇත. ඒ ශක්තිය උපයෝගී කර ගනිමින් දෙපයින් නැඟී සිට, ස්වාධීනත්වය සොයා ඇවිදයෑමේ වගකීම දැන් තමා තුළ ඇති බව වත්මන් පරිපාලනය මෙන්ම අනාගතයේ හොකී සම්මේලනයේ වගකීම් භාරගන්නා නිලධාරීන්ද තේරුම්ගත යුතු ය. එවිට තම ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ලැබෙන තුරු නොඉඳ ක්‍රීඩාව පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් යම් ප්‍රතිශතයක් සොයාගැනීමට සම්මේලනයට යම් අවස්ථාවක් ඇත.
අප කියන්නේ එය හොකී ක්‍රීඩාවට පමණක් සීමා නොවිය යුතු බව ය. එම තත්ත්වය සෙසු ක්‍රීඩා සංගම්වලටත් යථාර්ථයක් බවට පත්කළ යුතු වේ. මේ අනුව ක්‍රීඩා සංගම් සිදු කළ යුතුව ඇත්තේ හැකිතාක් කඩිනමින් තමන්ගේ ස්වාධීන භාවය වර්ධනය කර ගැනීමට උත්සුක වීමය. එතැනදී වෙසෙසින් ස්වාධීනත්වය ලෙස අප හඳුන්වන්නේ මූල්‍ය ස්වාධීනත්වය ය.
එම ස්වාධීනත්වය ගොඩනඟා ගැනීමේ වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් හොකී සම්මේලනයට ලැබී ඇති කොළඹ හතේ කෘත්‍රිම හොකී පළසේ හිමිකම සැලකීම වරදක් නැත. ඔවුන් එම ක්‍රීඩාංගණය තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගනිමින් ක්‍රීඩාවේ ජයග්‍රහණය වැඩිදියුණු කිරීමට යොදාගන්නේ යම් සේ ද එය සෙසු ක්‍රීඩාවලටත් ආදර්ශයක් කර ගන්නට පිළිවන.
ඒ අනුව දැන් හොකී සම්මේලනය සතුව ඇත්තේ ලැබූ ප්‍රදානයෙන් නිසි ප්‍රයෝජන ගෙන ඇමැතිවරයාගේ අරමුණද විජයග්‍රහණය කරා මෙහෙයවා රටේ මහා භාණ්ඩාගාරයෙන් හොකී සංවර්ධනය වෙනුවෙන් වාර්ෂිකව ඉල්ලා සිටින මුදල් අවම කර ගැනීමට උත්සුක වීම ය. ඒ වෙනුවෙන් මේ ලැබී ඇත්තේ චූලසෙට්ඨි ජාතකයේ දැක්වෙන මී කුණට වඩා වටිනා බිම්කඩකි. එය නිකම්ම නිකං බිම්කඩක් නොව කොළඹ හතේ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රය ආසන්නයේ, තුරඟ තරග පිටියට යාබද ව විචිත්‍රවත් ක්‍රීඩාශීලි පරිසරයක පිහිටා ඇති බිම් කඩකි. එහි ආර්ථික වටිනාකම ඉහළ හෙයින් දැන්වීම් ප්‍රචාරණය ආදි විවිධ උපක්‍රම යොදාගනිමින් උපයා ගත හැකි මුදල් ඉහළ ය. එය අවබෝධයෙන් කටයුතු කිරීම වත්මන් හොකී සභාපති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාරටත් සෙසු හොකී සම්මේලන නිලධාරීන් ඉදිරියේ පවතින මහා වගකීමකි. ඒ බව තේරුම් ගන්නේ නම් හා ඊට අනුගතව කටයුතු කරන්නේ නම් කමල් පුෂ්පකුමාර ඉතිහාසයේ යම් දවසක ක්‍රීඩා ලෝකයේ චූලසෙට්ඨි කෙනෙක් බවට පත්වීම වළකනු බැරි ය.
--------------
මාතලේ තිලක් විමලසිංහ සේවය ඇගයුම් හොකී තරගාවලිය 28 දා
වසර 35ක රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබන ප්‍රවීණ හොකී ක්‍රීඩකයකු, පුහුණුකරුවකු හා ක්‍රීඩා නිලධාරියකු වන තිලක් විමලසිංහ මහතාගෙන් හොකී ක්‍රීඩාවට සිදුවූ සේවය අගයමින් උපහාර හොකී තරගාවලියක් පැවැත්වීමට පියවර ගෙන තිබේ.
තිලක් විමලසිංහ උපහාර රන් කුසලාන සඳහා මාතලේ දිසාවේ පාසල් අතර ජ්‍යෙෂ්ඨ බාලක සත් සාමාජික තරගාවලියක් ලෙස මෙම තරග දෙසැම්බර් මස 28 වැනි දා මාතලේ එඩ්වඩ් ද සිල්වා හොකී ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
මාතලේ දිසාවෙන් බිහිවූ දක්ෂ හොකී ක්‍රීඩකයකු වන ඒ මහතා මාතලේ හොකී පිල මෙහෙයවමින් ද මාතලේ පුරවරයට ලබාදී ඇති ජයග්‍රහණ රැසකි.මාතලේ විජය විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඔහු 1982 සිට 90 දක්වා ශ්‍රී ලංකා ජාතික හොකී පිල නියෝජනය කළ අතර 1990 වසරේ ශ්‍රී ලංකා ජාතික හොකී පිලේ නායකයා ලෙසද පත්විය.
ඔහුගේ නායකත්වය යටතේ සිංගප්පූරුවේ දී රාජ්‍යයන් පහක කණ්ඩායම් සහභාගිත්වයෙන් පැවැති හොකී තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කම දිනා ගැනීමටද හැකි විය.
චන්ද්‍ර ශ්‍රී අසෝක බණ්ඩාර හිදගොඩ - මාතලේ දිසා විශේෂ වාර්තාකරු
--------------------------------
කළුතර ප්‍රවීණ වේගරත්නය රූපරත්න සිල්වා
පසුගිය දා, කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේ විවෘත මීටර් 100 ධාවන තරගයේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට සමත් වූයේ කළුතර ප්‍රාදේශීය සභාවේ සේවය කරන කේ. රූපරත්න සිල්වා මහතා ය.
මීට පෙරද, අවස්ථා ගණනාවක දී ජවන හා පිටිය මලල ක්‍රීඩා ඉසව් කිහිපයකින් ම ජයග්‍රහණ දිනා ඇති ඒ මහතා වෙත, ගෞරව සම්මාන පිරිනමා ඔහුගේ ක්‍රීඩා දක්ෂතාවයන් ඇගයීමට මෙවරද කළුතර ප්‍රාදේශීය සභාව කටයුතු කර තිබුණේ ය. වාර්ෂිකව සිදු කෙරෙන මෙම ඇගයීම සඳහා කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපති, දේශකීර්ති සංජීව ආරියරත්න මහතා මූලිකත්වය ගෙන තිබිණි. ඒ වෙනුවෙන් කළුතර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී උත්සවයක් ද සංවිධානය කර තිබීම විශේෂත්වයකි.
කළුතර මධ්‍යම විශේෂ