ඔමික්‍රෝන් එනවා... බලාගෙනයි
ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ඔමික්‍රෝන් වයිසරය පිළිබඳ සමස්ත ලෝක ජනතාවට දැඩි සේ අනතුරු ඇඟවීය. ලෝක සෞඛ්‍ය සංවිධාන බලධාරීන් එම නිවේදනය මගින් දැනුම් දුන්නේ සමස්ත ලෝකය පුරා මේ වන විට ඔමික්‍රෝන් වයිරස් ප්රෙබ්දය දරණු ලෙස ව්‍යප්ත වෙමින් පවතින බවයි. මීට වසරකට පෙර සමස්ත ලෝකයෙන්ම කොවිඩ් එන්නත්කරණය ප්‍රථමයෙන්ම ආරම්භ කළ බ්‍රිතාන්‍යයේ මේ වන විට කෝවිඩ් මරණ ලක්ෂ දෙකකට ආසන්න වෙමින් තිබේ. ඇමරිකාව එන්නත්කරණයෙන් ඉදිරියෙන්ම සිටින රටක් වුවද එරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ අට ඉක්මවා තිබේ. එන්නත්කරණය කෙරෙහි ලෝක ජනනතාවගේ විශ්වාසය ගිලිහී යමින් පැවතියද ඇමරිකානු ජනාධීපති ජෝ බයිඩ්න් පසුගියදා තම ජනතාවගෙන් දැඩි සේ ඉල්ලා සිටියේ නොපමාව බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙසයි.
යුක්රේනය නිසා ලෝක යුද්ධයක්?
රුසියාව යුක්රේනයට සිදුකරමින් සිටින මැදිහත්වීම වහාම නවතා දැමිය යුතු බව යුරෝපා සංගමය පවසා තිබේ. රුසියාව යුක්රේනයේ කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වෙමින් සිටින බවට චෝදනා දැන් මාස කිහිපයක සිටම එල්ල වෙමින් පවතින අතර මෙවර බ්රසල්ස්හි පැවති යුරෝපා සංගමයේ රැස්වීමෙන් පසු රුසියාවට අවවාද කළ යුතු බවට යුරෝපා සංගමයේ රටවල් අතර එකඟතාවක් ඇතිවී තිබේ. මෙලෙස යුරෝපා සංගමයේ පණිවිඩය රුසියාව වෙත ගොස් ඇත්තේ ඒ අනුවය.
එහෙත් රුසියාව යුක්රේනයට පහර දීමට සැරසෙන බවට වන චෝදනා ක්‍රෙම්ලිනය ප්‍රතික්ෂේප කර තිබේ.
පුපුරලා ඉවරයි
ස්පාඤ්ඤයේ ජනතාව පසුගියදා සැනසුම් සුසුමක් හෙළා තිබේ. ඒ මාස තුනකට අධික කාලයක් තිස්සේ පුපුරා ගිය කම්බ්‍රේ වෙයිජා ගිනි කන්ද පුපුරා අවසන් බවට තහවුරු කර ඇති බැවිනි. පසුගිය සැප්තැම්බර් මස අගදී මේ ගිනිකන්ද පුපුරා යෑම ආරම්භ වූ අතර ගිනි කන්දට ආසන්නයේම පිහිටා තිබෙන ලා පැල්මා දූපත්වාසී ජනතාවට නිවාස හැර යෑමට සිදුවිය. එපමණක්ද නොව වරින්වර සිදුවන භූමිකම්පා, ලාවා ගැලීම් මෙන්ම විෂ වායු මෝචනයන්ගෙන්ද නිතර පීඩා විඳීමට ස්පාඤ්ඤ ජනාවට සිදු විය. පුපුරා ගිය ගිනි කන්ද ස්පාඤ්ඤය අසල කැනරි දූපතේ පිහිටා තිබූ අතර මේ පිපිරීම් හේතුවෙන් දූපත ලාවා සහ අළුවලින් වැසී ගොස් ඇතැයි වාර්තා වේ. ගිනි කන්දේ පුපුරා යෑම අවසන් බවට සාක්ෂි ලැබෙමින් පැවතියද තවමත් එය සම්පුර්ණයෙන්ම තහවුරු කළ නොහැකි යැයි භූවිද්‍යාඥයන් පවසා තිබේ.
එන්නත් නැත්නම් පඩි නැහැ
තම සමාගමේ සේවකයන් කොවිඩ් එන්නත් ලබා නොමැති නම් ඔවුන්ගේ වැටුප කප්පාදුවට ලක් කිරීමට කටයුතු කරන බව ගූගල් සමාගම පසුගියදා පැවසීය. එමෙන්ම පසුකාලීනව එන්නත් ලබා නොගත් සේවකයන්ට තම රැකියාව අහිමි වීමට වුවද ඉඩ ඇති බව එම සමාගම වැඩිදුරටත් පවසා තිබේ. ගූගල් සමාගම තම සේවකයන්ට දැනුම් දී ඇත්තේ ජනවාරි මස 18වැනි දිනට පෙර කොවිඩ් එන්නත් මාත්‍රා සියල්ල ලබා ගන්නා ලෙසය. ජනවාරි 18වැනි දින වන විට එන්නත් මාත්‍රා සියල්ල සම්පූර්ණ කර නොමැති සේවකයන්ට දින 30ක අමතර කාලයක් ලබා දෙන අතර එය නිවාඩු කාලයක් සේ සැලකේ. එම කාලයෙන් පසුවද එන්නත් ලබා නොගත් සේවකයන්ට තම රැකියාව අහිමි වීමේ තර්ජනයක් පවතින බවද සමාගම වැඩි දුරටත් දන්වා තිබේ.