පසුව අට වසරකට පළඳත් පදක්කම් බරට | Page 2 | සිළුමිණ

පසුව අට වසරකට පළඳත් පදක්කම් බරට

 

රන් පදක්කම් හතරක් ඇතුළුව පදක්කම් 12 ක් දිනා ගැනීමට බහරේනයේ මනමාහි පැවැති සිව්වැනි යොවුන් ආසියානු පැරා ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනා සමත් වුහ. ආසියාවේ රටවල් 32ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800ක් පමණ මෙකි ක්‍රීඩා උලෙළට එක් වු අතර, ක්‍රීඩා 9ක් ඇතුළත්විය.මෙවර ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උලළේ ශ්‍රී ලංකාව පිහිණුම් ඉසව්වලින්, පදක්කම් 5 ක් දිනා ගත් අතර, සෙසු පදක්කම් 7 ට හිමිකම් කිමට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වුහ.මෙවර පදක්කම් සටහනේ පෙරමුණ ගැනිමට ඉරානය සමත් වුයේ රන් පදක්කම් 44ක් දිනාගනිමින්ය. ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගලීනා බස්නායක පිහිණුම් ඉසව්වලින් රන් පදක්කම් තුනක් හා රිදී පදක්කමක් හිමිකරගැනීම විශේෂත්වයකි.

2017 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැති තෙවැනි ආසියානු පැරා උලළේදි ජපානය පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත් වු අතර, ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 9කට එකඳු පදක්කමක් හෝ දිනා ගැනීමට නොහැකි

විය. 2013 මැලේයාසීයාවේ පැවැති දෙවැනි ආසියානු පැරා උලළේ දී ජපානය පෙරමුණ ගනිද්දී ,ශ්‍රී ලංකාව රන් 03,රිදී 02ක් සමඟ පදක්කම් සටහනේ 17වැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය. 2009 ජපානයේ ටෝකීයෝහි පැවැති පළමු ආසියානු යොවුන් පැරා උලළේ ජපානය පෙරමුණ ගැනීමට සමත්විය.ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමිවිය.

ගලීනා බස්නායක S8-10 – මීටර් 100 නිදහස් ආර – (විනාඩි 1.12.09) රන් පදක්කම

S6-10 – මීටර් 400 කාන්තා නිදහස් ආර – (විනාඩි 5.25.27) රන් පදක්කම

S6-10- මිටර් 50 කාන්තා නිදහස් ආර-(තත්. 32.99)- රන් පදක්කම

S6-08 – මීටර් 100 සමනල ආර – (විනාඩි 1.32.86) රිදී පදක්කම

ජේසන් ජයවර්ධනF40-41 – කවපෙත්ත විසිකිරීම – ( මීටර් 13.84) රිදී පදක්කම

F40 – යගුලිය විසිකිරීම –(මීටර් 6.64) රිදී පදක්කම

ජනනී වික්‍රමසිංහF42-47 – දුර පැනීම –(මී.4.38) ලෝකඩ පදක්කම

T42-47 – මීටර් 100 – (තත් 13.88) ලෝකඩ පදක්කම

T47 – මීටර් 200 –(තත්.29.36)ලෝකඩ පදක්කම

මුහම්මදු සෆ්රාන් T46 – දුර පැනිම මිටර් 5.60 රන් පදක්කම

T42-47 –මීටර් 100 (තත් 13.39) රිදී පදක්කම

නවීඩ් රහීම් S6-10 – මීටර් 400 පිරිමි නිදහස් ආර -(විනාඩි 5.20.59) ලෝකඩ පදක්කම

---------------------

ධර්මරාජ ක්‍රිකට් පුහුණුවට නව මුහුණුවරක්

මහනුවර ධර්මරාජ විදුහලේ ක්‍රිකට් පුහුණු කටයුතු පසුගිය 2 වැනි දා ආරම්භ කිරීමට එම විදුහලේ ක්‍රීඩා අංශය කටයුතු කළේ ය. ඒ විදුහල මගින් පත්කරන ලද නව ක්‍රිකට් පුහුණුකරුවන් වන මාලිංග සුරප්පුලිගේ සහ චම්පික සිරිවර්ධන යන මහත්වරුන් ගේ මූලිකත්වයෙනි. සුරප්පුලි ආදි නාලන්දියකු වන අතර සිරිවර්ධන හිටපු ශාන්ත අන්තෝනි ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

ධර්මරාජ විදුහලේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති ජගත් කරුණාරත්න මහතා ක්‍රීඩා පරිපාලක සාලිය සමරවික්‍රම ක්‍රිකට් ආචාර්ය අමරජීව දිසානායක හිටපු ක්‍රිකට් කණ්ඩායම් නායකයෙකු වන හැරල්ඩ් රණසිංහ විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති තිස්ස ජයසිංහ ක්‍රිකට් පදනමේ භාණ්ඩාගාරික මුදිත විජේකෝන් යන මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගි වූ හ.

නව ක්‍රිකට් නායක සචින්ත දිසානායක වෙත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති ජගත් කරුණාරත්න ක්‍රිකට් නායකත්වය සංකේතවත් කරමින් විදුහල් ක්‍රිකට් හිස්වැසුමක් ප්‍රදානය කිරීම

උපනන්ද ජයසුන්දර - මහනුවර ක්‍රීඩා විශේෂ වාර්තාකරු

 

Comments