පිටියේ උණුසුම තවත් වැඩිකරන පාපන්දු කෙළින ළන්දු | Page 2 | සිළුමිණ

පිටියේ උණුසුම තවත් වැඩිකරන පාපන්දු කෙළින ළන්දු

 

පාපන්දු ක්‍රීඩාව අතිශය ජනප්‍රිය ක්‍රීඩාවකි. ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව කුමක්දැයි ඇසුවහොත් අවිවාදයෙන් පැවසිය හැකි ක්‍රීඩාව වන්නේ ද පාපන්දු ය. මෙම ක්‍රීඩාව කලක් පිරිමින්ට පමණක් සීමාවී තිබූ අතර පසුව එය කාන්තාවන් වෙනුවෙන් ද සංවිධානය විණි.

සුකුමාල බවින් පිරුණු පාපන්දු කෙළින ලඳුන් දැකීමට ලැබීම පාපන්දු ප්‍රේක්ෂකයන් තුළ එකී ක්‍රීඩාව කෙරේ පවතින ආකර්ශනය තවත් වැඩිකරනු ලබන්නේ යැයි කිවහැකි ය. එලෙස පාපන්දු කෙළින ලොව උණුසුම්ම පාපන්දු ක්‍රීඩිකාවන් සම්බන්ධවය මේ.

 

ඇලෙක්ස් මෝර්ගන්

ඇලෙක්ස් මෝර්ගන් යනු වත්මන් පාපන්දු පිටියේ සිටින වඩාත් ආකර්ශනීය පෙණුමකට හිමිකම් කියන ක්‍රීඩිකාවකි. අමෙරිකානු පාපන්දු කණ්ඩායම නියොජනය කරන ඇය ඔලිම්පික් රන් පදක්කමක් ද දිනා තිබේ. ලෝකයේ බොහෝ පිරිමින් ඈ හා විවාහ වීමට පවා කැමැත්තක් දක්වන තරමට උණුසුම් හා සරාගී ක්‍රීඩිකාව සේ සැලකෙන මෝර්ගන් 2022 වසරේ ලොව උණුසුම්ම පාපන්දු ක්‍රීඩිකාව සේ පිළිගැණේ. ඇගේ පාපන්දු තාක්ෂණය ද බාහිර ස්වරූපය තරමටම ප්‍රේක්ෂක ආකර්ශනය ඇදගන්නා බව පිළිගැණේ.

2011 වසරේ අමෙරිකානු පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ළාබාලතම ක්‍රීඩිකාව වූ ඇය ඉදිරිපෙළ ක්‍රීඩිකාවක් වශයෙන් එරට ජාතික පාපන්දු ලීගයේ ක්‍රීඩා කරයි. 2012 වසරෙ දී ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී කැනඩාවට එරෙහිව ජයග්‍රාහී ගෝලය වාර්තා කරමින් ඔලිම්පික් රන් පදක්කම තම රටට දිනාදීමට සමත් වූ මෝර්ගන් එම වසරේ ගෝල 20 ක් රැස් කරමින් එරට පාපන්දු ක්‍රීඩාවේ එවැනි දස්කමක් කළ ළාබාලාම ක්‍රීඩිකාව හා හයවැනි පාපන්දු ක්‍රීඩිකාව ලෙස ද වාර්තා ගතවිය.

 

කෙයිලින් කයිල්

කැනඩාව නියෝජනය කරන මැද පෙළ ක්‍රීඩිකාවක වන කයිල් වැන්කවර් වයිට්කැප්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ප්‍රමුඛ පෙළ පාපන්දු තරගවලදී තරග වදී. ඇය ලෝකය තුළ වඩාත් ආකර්ශනයට ලක්කළේ ඇගේ සුරුපී බව හා සරාගී බාවයට අමතරව 2012 වසරේ ඔලිම්පික් තරගාවලියේ පාපන්දු අවසන් තරගයෙන් කෙසේ හෝ ජයගැනීම වෙනුවෙන් ගන්නා ලද අප්‍රතිහත වෙහෙස හේතුවෙනි. අමෙරිකානු ක්‍රීඩිකාවන් තරම් ජනප්‍රිය නොමැති වුව ද ඈ ලොව පුරා පාපන්දු ලෝලීන් ගේ ආදරය දිනාගත් ලොව උණුසුම්ම පාපන්දු ක්‍රීඩිකාවකි.

 

හෝප් සොලෝ

ඈ සුන්දරය, සුකුමාලය, විශිෂ්ට පෙනුමෙන් යුක්ත ය. අමෙරිකානු පාපන්දු කණ්ඩායමේ දැල් රකින්නිය සේ කටයුතු කරනුයේ ඇය ය.

බහුවිධ දක්ෂතාවයන්ගෙන් පිරුණු ඈ රූපවාහිනිය තුළ ද අතිශය ජනප්‍රිය වූ තාරකාවකි. ඒ ප්‍රේක්ෂකයන් අතර ජනාදරයට පත් සජීවී නැටුම් තරග වැඩසටහනක් වෙනුවෙන් පෙනී සිටීමෙනි. ඈ ලේඛිකාවක් ද වන අතර ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂක අවධානයට නිබඳ යොමුවන්නියකි.

 

ලෝරෙන් සෙසෙල්මාන්

අමෙරිකා එක්සත් ජනපදයේ උපන් ලොරෙන් කැනඩාවේ පුරවැසි භාවය සහිත ක්‍රීිඩිකාවකි. එහෙයින් ඈ නියෝජනය කරනුයේ කැනඩානු පාපන්දු කණ්ඩායම ය. එරට ලෝකඩ පදක්කමක් දිනාගත් පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවක වන ලොරෙන් නිරූපිකාවක වශයෙන් ද ලෝකයේ නමක් දිනාගෙන ඇත. මේ වනවිට ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩිකාවක සේ සැලකෙන ඈ ලොව පුරා දැඩි ආකර්ශනයක් දිනාගත් පාපන්දු ක්‍රීඩිකාවකි.

 

සිඩ්නි ලෙරොක්ස්

කැනඩාවේ උපන් මිශ්‍ර ජාතික ක්‍රීඩිකාවක වන සිඩ්නි ලෙරොක්ස් ලොව පාපන්දු රාජ්‍යයන් ගණනාවක් නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවකි. ඇගේ මව කැනඩාවේ ඉපදුණු තැනැත්තියක වන අතර පියා ඉපිද ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ ය. වයස අවුරුදු පහළොවක් වද්දී ඈ අමෙරිකානු වෘත්තීය පාපන්දු ක්‍රීඩාව තුළ නම පිහිටුවා ගත් අතර ප්‍රේක්ෂකයන් අතර වැඩි අවධානයක් දිනාගත් පාපන්දු ක්‍රීඩිකාවන් අතර මුල් තැනක් හිමිකරගෙන තිබේ.

 

සෙලීනා වැග්නර්

ඈ ක්‍රීඩාංගණය තුළ ප්‍රේක්ෂක ආදරය වැඩි වශයෙන් දිනා ඇත්තේ ඇගේ සොඳුරු පෙනුමට අමතරව නර්තනයක් සේ ක්‍රීඩාංගණයේ දක්වන්නාවූ අරුමැසි දක්ෂතා හේතුවෙනැයි කිවයුතු ය. ඈ ප්ලේබෝයි සඟරාව වෙනුවෙන් ඡායාරූප සඳහා පෙනී සිටීමත් සමඟ ලොව පුරා වඩාත් ජනප්‍රිය වූ අතර වැග්නර් පාපන්දු ක්‍රීඩාවේ ප්‍රවර්ධනය උදෙසා ඊට පෙනී සිටි බව කියැවිණි.

 

නෙයිලි රැන්ගෙල්

මෙක්සිකානු ජාතික පාපන්දු තරුවක් වන රැන්ගෙල් මැද පෙළ ක්‍රීඩිකාවක ලෙසින් එරට ජාතික කණ්ඩායම නියෝජනය කරයි. අතිවිශිෂ්ට හා සියුම් මැදපෙළ ක්‍රීඩිකාවක වන ඇය ලෝකයේ වඩාත් උණුසුම් හා තරුණ ආකර්ශනය දිනාගත් පාපන්දු ක්‍රීඩිකාවක සේ සැලකේ.

 

අලි ක්‍රිගර්

ඇලෙක්සැන්ඩ්‍රා බ්ලෙයර් ක්‍රිගර් යනු ලොව වඩාත් සුන්දර පාපන්දු ක්‍රීඩිකාවක් සේ සැලකේ. අමරිකානු පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ඈ විසි අට හැවිරිදි ක්‍රීඩිකාවකි. මැද පෙළ හා ආරක්ෂක පෙළ ක්‍රීඩිකාවක ලෙසින් කටයුතු කරන ඇය ලොව පුරා දැඩි ජනාදරයට පත් ක්‍රීඩිකාවක සේ දැක්විය හැකිය.

කාන්ති ජයසිංහ 

Comments