දෙවැනි වර එල්.පී.එල්. ක්‍රිකට් බිම උණුසුම් කරන ක්‍රීඩකයෝ | සිළුමිණ

දෙවැනි වර එල්.පී.එල්. ක්‍රිකට් බිම උණුසුම් කරන ක්‍රීඩකයෝ

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය අද (05) ගාලු ග්ලැඩියේටර්ස්, යාපනය කිංග්ස්, දඹුල්ල ජයන්ට්ස් කලම්බු ස්ටාර් සහ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් ආරම්භ වෙයි. අඛණ්ඩව දෙවැනි වරටත් පැවැත්වෙන මෙම ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් පහේම ක්‍රීඩක සංචිත මේ වනවිට තෝරා ගෙන අවසන්ය.

ජාතික හා අන්තර්ජාතික ක්‍රිකට් තරු රාශියක් දෙවැනි ලංකා ප්‍රිමීයර් ලිග් තරගාවලියට එක්ව සිටිති. විදේශීය ක්‍රීඩකයන් 300 ක් සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 300 ක් ක්‍රීඩක ලියාපදිංචිය සඳහා ඇතුළත් වූ හ.

දේශීය සහ විදේශීය වටිනා ම ක්‍රීඩකයා, දේශීය සහ විදේශීය දියමන්ති ක්‍රීඩකයා, දේශීය සහ විදේශීය රන් ක්‍රීඩකයා, සහ දේශීය සහ විදේශීය සම්භාව්‍ය ක්‍රීඩකයා වැනි ක්‍රීඩක කාණ්ඩ කිහිපයක් ආවරණය වන පරිදි මෙම කෙටුම්පත සමන්විත වූ අතර තරුණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කෙරෙහි අවධානය යොමු කරමින් දේශීය නැගී එන ක්‍රීඩකයන් තෝරා පත් කර ගැනීම ද සිදුවිය.

දඹුල්ල ජයන්ට්ස්:-

 

දසුන් ශානක (නායක),ඉම්රාන් තහීර්, චාමික කරුණාරත්න, ෂොයෙබ් මක්සූඩ්, ජෝෂ් ලිට්ල්, නිරෝෂන් දික්වැල්ල, නුවන් ප්‍රදීප්,රමේෂ් මෙන්ඩිස්, නජිබුල්ලා ශද්රාන්, තරිදු රත්නායක, ළහිරු උදාර, සාචා ද අල්විස්, මුදිත ලක්ෂාන්, කලන පෙරේරා, සචිත ජයතිලක, මදුශාන් රවිචන්ද්‍රකුමාර්, ජනිත් ලියනගේ, චාමිකර එදිරිසිංහ,ඩිල්ෂාන් මුණවීර, මාර්චන්ට් ද ලැංගේ

 

කලම්බු ස්ටාර්ස්:-

 

ඇන්ජලෝ මැතිව්ස් (නායක), ක්‍රිස් ගේල්, දුෂ්මන්ත චමීර, පැතුම් නිස්සංක, ලක්ෂාන් සදකැන්, සීක්කුගේ ප්‍රසන්න, නුවනිදු ප්‍රනාන්දු, ජෙහාන් ඩැනියෙල්, මළිදු මදුරංග, නලින් ප්‍රියදර්ශන, දුමිදු රණසිංහ, කනගරත්නම් කබිල් රාජ්, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, තික්ෂිල ද සිල්වා, අකිල ධනංජය ,ශිරාන් ප්‍රනාන්දු , අශාන් ප්‍රියංජන් ,හරිස් සොහේල් ,රවී රාම්පෝල් ,නවීන්-උල්-හක් ,ටොම් බැන්ටන් ,හිමේෂ් රාමනායක, සර්ෆෙන් රදෆඩ්

 

ගෝල් ග්ලැඩියේටර්ස්:-

 

භානුක රාජපක්ෂ (නායකයා), මොහොමඩ් හෆීස්, ඉසුරු උදාන, ටබ්‍රේස් ශම්සි,කුසල් මෙන්ඩිස්, මොහොමඩ් අමීර්, සමිත් පටෙල්, සෆාස් අහමඩ්, ධනුෂ්ක ගුණතිලක, ධනංජය ලක්ෂාන්, අන්වර් අලී, පුලින තරංග, නුවන් තුෂාර,ළහිරු මදුශංක, ඩිල්ෂාන් මදුශංක, අෂේන් ඩැනියෙල්, කෙවින් කොත්තිගොඩ, මොහොමඩ් ශමාස්, සුමින්ද ලක්ෂාන්, ඇන්ජලෝ ජයසිංහ,

 

ජැෆ්නා කිංග්ස්:-

 

තිසර පෙරේරා (නායකයා), ෆෆ් ඩු ප්ලෙසිස්, වහාබ් රියාස්, වනිඳු හසරංග, ෂොයෙබ් මලික්, උස්මාන් ශින්වාරි, රාමනල්ලා ගුර්බාස්, අවිෂ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, චතුරංග ද සිල්වා, ජේඩින් සීල්ස්, සුරංග ලක්මාල්, අෂේන් බණ්ඩාර, මහීෂ් තීක්ෂණ, චාමික ගුණසේකර, විජයකාන්ත වියස්කාන්ත්, තේවේන්ද්‍රන් දිනූෂන්, අෂේන් රන්දික, රත්නරාජ් තේනුදරන්, ක්‍රිෂාන් ආරච්චිගේ, ප්‍රවීන් ජයවික්‍රම, ෂම්මු අෂාන්

 

කැන්ඩි වොරියර්ස්:-

 

ඇන්ජලෝ පෙරේරා (නායකයා) රොව්මන් පවෙල්, චරිත් අසලංක, කැමරන් ඩෙල්පොට්, ළහිරු කුමාර, අසේල ගුණරත්න, මිලින්ද සිරිවර්ධන, අම්ජාඩ් ඛාන්, ඉෂාන් ජයරත්න, බිනුර ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, කමිල් මිශාර, අයන සිරිවර්ධන, නිමේෂ් විමුක්ති, ශෂික දුල්ෂාන්, කල්හාර සේනාරත්න,මිනෝද් භානුක, සචිඳු කොළඹගේ ,අහමඩ් ෂෙසාඩ්, මොහොමඩ් ඉර්ෆාන් ,අල්-අමින් හුසේන් , පිල් සෝල්ට්

බන්ධුල ජයමාන්න

***********************

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි කාලසටහන

01 තරගය

දෙසැම්බර් 5 රාත්‍රි 07:30

ගෝල් ග්ලැඩියේටර් සහ ජැෆ්නා කිංග්ස්

 

02 තරගය

දෙසැම්බර් 6 ප.ව. 03:00

දඹුල්ල ජයන්ට්ස් සහ මහනුවර වොරියර්ස්

 

03 තරගය

දෙසැම්බර් 6 රාත්‍රි 07:30

කලම්බු ස්ටාර් සහ ගෝල් ග්ලැඩියේටර්

 

04 තරගය

දෙසැම්බර් 7 ප.ව. 03:00

දඹුල්ල ජයන්ට්ස් සහ ජැෆ්නා කිංග්ස්

 

05 තරගය

දෙසැම්බර් 7 රාත්‍රි 07:30

ගෝල් ග්ලැඩියේටර් සහ මහනුවර වොරියර්ස්

 

06 තරගය

දෙසැම්බර් 8 ප.ව. 03:00

කලම්බු ස්ටාර් සහ දඹුල්ල ජයන්ට්ස්

 

07 තරගය

දෙසැම්බර් 8 රාත්‍රි 07:30

ජැෆ්නා කිංග්ස් සහ මහනුවර වොරියර්ස්

 

08 තරගය

දෙසැම්බර් 10 ප.ව.03:00

දඹුල්ල ජයන්ට්ස් සහ ගෝල් ග්ලැඩියේටර්

 

09 තරගය

දෙසැම්බර් 10 රාත්‍රි 07:30

කලම්බු ස්ටාර් සහ ජැෆ්නා කිංග්ස්

 

10 තරගය

දෙසැම්බර් 11 ප.ව.03:00

ගෝල් ග්ලැඩියේටර් සහ මහනුවර වොරියර්ස්

 

11 තරගය

දෙසැම්බර් 11 රාත්‍රි 07:30

කලම්බු ස්ටාර් සහ දඹුල්ල ජයන්ට්ස්

 

12 තරගය

දෙසැම්බර් 12 ප.ව.03:00

ජැෆ්නා කිංග්ස් සහ මහනුවර වොරියර්ස්

 

13 තරගය

දෙසැම්බර් 12 රාත්‍රි 07:30

කලම්බු ස්ටාර් සහ ගෝල් ග්ලැඩියේටර්

 

14 තරගය

දෙසැම්බර් 13 රාත්‍රි 07:30

දඹුල්ල ජයන්ට්ස් සහ ගෝල් ග්ලැඩියේටර්

 

15 තරගය

දෙසැම්බර් 14 ප.ව.03:00

කලම්බු ස්ටාර් සහ මහනුවර වොරියර්ස්

 

16 තරගය

දෙසැම්බර් 14 රාත්‍රි 07:30

දඹුල්ල ජයන්ට්ස් සහ ජැෆ්නා කිංග්ස්

 

17 තරගය

දෙසැම්බර් 16 ප.ව 03:00

කලම්බු ස්ටාර් සහ ජැෆ්නා කිංග්ස්

 

18 තරගය

දෙසැම්බර් 16 රාත්‍රි 07:30

දඹුල්ල ජයන්ට්ස් සහ මහනුවර වොරියර්ස්

 

19 තරගය

දෙසැම්බර් 17 ප.ව.03:00

ගෝල් ග්ලැඩියේටර් සහ ජැෆ්නා කිංග්ස්

 

20 තරගය

දෙසැම්බර් 17 රාත්‍රි 07:30

කලම්බු ස්ටාර් සහ මහනුවර වොරියර්ස්

 

 

බන්ධුල ජයමාන්න

*****************************

එල්.පී.එල්. තීරකයෝ හා විනිසුරුවෝ

මෙවර එල්.පී.එල්. තරගාවලියේ විනිශ්චය කටයුතු සිදුකරනු ලබන විනිසුරුවන් හා තීරකයන් කවුරුන්ද යන්න ගැන තැබෙන සටහනකි මේ.'

එල්.පී,එල්. තරගාවලියේ දෙවැනි අදියර යටතේ විනිශ්චයකරුවන් හා තීරකයන් වශයෙන් යොදාගනු ලබන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු ප්‍රසිද්ධියට පත්කර තිබේ. එහි මූලිකත්වය හිමිව ඇත්තේ අයි.සී.සී. විශේෂඥ විනිසුරු මණ්ඩලයේ සාමාජික කුමාර් ධර්මසේන හා අයි.සී.සී. තරග විනිසුරුවන්ගේ කමිටු ප්‍රධානී රංජන් මඩුගල්ලේටය.

මොවුන් දෙදෙනා එල්.පී.එල්. තරගාවලියේ විනිසුරු හා තීරක වගකීම උසුලන දෙවැනි අවස්ථාව මෙයය. රංජන් මඩුගල්ලේ 1999, 2003, 2015 හා 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන්හි අවසන් මහා තරග තිරකයා ලෙස කටයුතු කර තිබේ. ඔහුගේ සහාය සඳහා ග්‍රැහැම් ලැබ්‍රෝයි හා වෙන්ඩල් ලැබ්‍රෝයි ද අයි.සී.සී. තරග තීරකවරුන් වශයෙන් මෙවර එල්.පී.එල්. තරගාවලියේ දී සේවා සපයති. ඊට අමතරව පළමු පෙළ තරග තීරකවරයකු ලෙස සැලකෙන මනෝජ් මෙන්ඩිස් ද එල්.පී.එල්. තරග තීරකවරයකු ලෙස කටයුු කරනු ඇත.

තරග විනිසුරු කුමාර් ධර්මසේන යනු 2012 හා 2018 වසරවල දී අයි.සී.සී. ය විසින් ප්‍රදානය කළ ඩේවිඩ් ෂෙපර්ඩ් කුසලානයෙට හිමිකම් කියූ ජාත්‍යන්තර විනිසුරුවරයා ද වේ. ඔහු ගේ සහායට මෙවර එල්.පී.එල්. තරගාවලියේ දී රුචිර පල්ලියගුරු, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල විනිසුරුවන් වශයෙන් කටයුතු කිරීමට නියමිතය. ඔවුන් සියලු දෙනාම අයි.සී.සී. විනිසුරු මණ්ඩලයේ සාමාජිකයෝ වෙති.

ඔවුන් සමඟ දීපාල් ගුණවර්ධන, හේමන්ත බොතේජු, කීර්ති බණ්ඩාර, අසංග ජයසූරිය, රෝහිත කළුආරච්චි හා රවීන්ද්‍ර කොට්ටච්චි යන පළමු ශ්‍රේණියේ විනිසුරුවන් ද එල්.පී.එල්. තරගාවලිය වෙනුවෙන් රාජකාරි සඳහා අනුයුක්ත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

තරගාවලිය දෙසැම්බර් 5 වැනි දා ආරම්භ වන අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයන් කේන්ද්‍ර කර ගනිමින් දෙසැම්බර් 23 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය.

 

කාන්ති ජයසිංහ

 

Comments