
එල්. පී. එල්. තරගාවලිය දෙවැනි වතාවටත් මෙවර සංවිධානය කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්ව තිබේ. එහි පළමු තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කිරීමට තීරණය කළේ දැඩි අභියෝගාත්මක කාලවකවානුවක දී ය. මේ පළමු තරගාවලියේ අමතක නොවන මතක ගැන ය.'
වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් නමින් විස්සයි විස්ස තරගාවලියක් මෙරට ආරම්භ වූ නමුත් එය මුල් අවස්ථාවෙන් පසු දිගින් දිගටම පවත්වාගෙන යාමට නොහැකි විය. පසුව 2020-21 එල්.පී.එල්. නැතහොත් ලංකා ප්‍රිමියර් ලිග් නමින් නව විස්සයි විස්ස තරගාවලියක් මෙරට ආරම්භ විය.
එම තරගාවලිය දඹුල්ල, මහනුවර,හම්බන්තොට ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කර තිබූ නමුත් රට තුළ පැවැති කෝවිඩ් තත්ත්වය හේතුවෙන් සියලුම තරග එකම ක්‍රීඩා පිටියක පැවැත්වීමට පසුව තීරණය විය. ඒ අනුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ සියලුම තරග පැවැත්විණි.
එහි දී තිසර පෙරේරාගේ නායකත්වයෙන් ජැෆ්නා ස්ටැලියන්ස්, සයිඩ් ඇෆ්රිඩිගේ නායකත්වයෙන් ගෝල් ග්ලැඩියේටර්ස්, ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් කලම්බු කිංග්ස්, දසුන් ශානකගේ නායකත්වයෙන් දඹුල්ල වයිකිං, කුසල් පෙරේරාගේ නායකත්වයෙන් කැන්ඩි ටස්කර්ස් වශයෙන් කණ්ඩායම් පහක් මෙහි දී තරග වැදිණි.
කොවිඩ් බලපෑම
කෙසේ නමුත් සමස්ත තරගාවලියම පැවැත්වුණේ කෝවිඩ් වසංගතයේ අඳුරු සෙවනැල්ල යට ජීව බුබුළක් ලෙස ය. තරගාවලියට සහභාගි වූ කැනඩා ක්‍රීඩකයෙකු වන රවින්ද්‍රපාල් සිං හට කෝවිඩ් රෝගය වැළඳ තිබු බව ගුවන් තොටුපලේ සිදුකරන ලද පරීක්ෂණයක දී අනාවරණය විණි. ඒ අනුව ඔහු සමඟ එකම ගුවන් යානයේ තරගාවලියට පැමිණි ඇන්ඩ්‍රි රසල් ද ස්වයං නිරෝධානයට ලක් කරන්නට තරග සංවිධායකයන්ට සිදුවිය.
එමෙන්ම කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ සොහයිල් තන්වීර් ද කෝවිඩ් ආසාදිතයෙකු බව පසුව හෙළි වූවෙන් ඔහු වෙනුවට ඩේල් ස්ටේන් කැඳවීමට කණ්ඩායම් කළමනාකාරිත්වයට සිදුවිය.එමෙන්ම නම් අනාවරණය නොකළ තවත් පාකිස්තාන් හා ඉන්දියානු ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙන්ම ඉන්දියානු රුපවාහිනී කාර්මික ශිල්පියෙකු ද රෝගයට ගොදුරුවී තිබූ බව තරගාවලිය අතරතුර සිදුකළ පරීක්ෂණවලදී හෙළි විණි.
කෙසේ නමුත් විදේශ ක්‍රීඩකයින් සඳහා දින 14 ක නිරෝධායන කාලය දින 07 දක්වා අඩු කෙරුණේ සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය ඇතිවය. පළමු තරගාවලියට ක්‍රිස් ගේල්,ලසිත් මාලිංග වැනි සුපිරි ක්‍රීඩකයින් ද සහභාගිවනු ඇති බව පැවසුණද අවසානයේ දී එම ක්‍රීඩකයින් ගේ සහභාගිත්වයෙන් තොරව තරගාවලිය පැවැත්විණි.
ක්‍රීඩක හුවමාරුව
කොවිඩ් තත්ත්වය මත ඇතැම් විදෙස් ක්‍රීඩකයින් වෙනුවට වෙනත් ක්‍රීඩකයින් කැඳවීමට සිදු වූ අයුරෙන් ජාත්‍යන්තර තරග හේතුවෙන් ද ඇතැම් ක්‍රීඩකයින් වෙනුවට හුවමාරු කිරීම් සිදු කිරීම පළමු තරගවාරයේ දී දක්නට ලැබුණු විශේෂ සිද්ධියකි. දකුණු අප්‍රිකාවේ ෆැෆ් ඩු ප්ලේසිස් ,ඩේවිඩ් මිලර් යන ක්‍රීඩකයින් මෙන්ම එංගලන්තයේ ඩේවිඩ් මාලන් වැනි ක්‍රීඩකයින් වසර අවසන ආරම්භ වීමට නියමිතව තිබු දකුණු අප්‍රිකා - එංගලන්තය තරගාවලිය හේතුවෙන් එල්.පී.එල්. තරගාවලියෙන් ඉවත් වූහ.
නවසීලන්තය සමග පැවැත්වීමට තිබු තරග සංචිතයට තෝරා ගෙන තිබීම හේතුවෙන් පකිස්තාන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම තරගාවලියෙන් ඉවත් වූ හ. එල්.පී.එල්. තරගාවලිය පසුගිය වසරේ පැවැත්වුණේ මෙවන් පසුබිමක් මධ්‍යයේ නොවැම්බර් 26 සිට දෙසැම්බර් 16 දක්වා ය. එහි ශුරතාව ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණේ අවසන් තරගයේ දී ගෝල් ග්ලෑඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමිනි.
සමස්ත තරගාවලිය තරග 23 කින් සමන්විත වූ අතර මෙහි විශේෂත්වය තරගාවලියේ වීරයා,වැඩිම ලකුණු ලාභියා,වැඩිම කඩුලු ලාභියා යන අංශ සඳහා විදෙස් ක්‍රීඩකයින් අභිබවා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉදිරියට පැමිණීමය. තරගාවලියේ වීරයා ලෙස වනිඳු හසරංග ගෞරව අත් කර ගත්තේ ය.
මුලික වටයේ විශිෂ්ට දක්ෂතා දක්වා ඉදිරියෙන් සිටි කලම්බු කිංග්ස් කණ්ඩායම් අවසන් පූර්ව වටයේ දී සිව්වැනි ස්ථානයේ සිටි ගෝල් ග්ලෑඩියේටර්ස් කණ්ඩායම හමුවේ පරාජය වීම ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත භාවය යළි තහවුරු කිරීමක් වූ අතර අවසන් තරගයෙන් ගෝල් ග්ලෑඩියේටර්ස් කණ්ඩායම පරදවා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ජයගනිමින් එල්.පී.එල්. ශූරතාව හිමිකර ගත්තේ ය.තිසර පෙරේරාගේ නායකත්වයෙන් වනිඳු හසරංග,අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා,සුරංග ලක්මාල්,චරිත් අසලංක වැනි මෙරට ක්‍රීඩකයින් ද ෂොයිබ් මලික්,උස්මාන් සින්වරී වැනි විදෙස් ක්‍රීඩකයින් ද නියෝජනය කළ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් යාපනයේ උපත ලද විජයකාන්ත් විජයස්කාන්ත් නමැති පා දඟ පන්දු යවන්නා ද තරග වැදීණි.