20 විස්සේ නොවන අමතක සිහිවටන | සිළුමිණ

20 විස්සේ නොවන අමතක සිහිවටන

'විස්සයි විස්ස ලෝක කුසලානය අවසන් ය. එහෙත් එහි ඇතැම් සිදුවීම් ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ අපූරු මතක සලකුණු සටහන් කර ඇත්තේ ය. අවසන් වූ සත් වැනි ලෝක කුසලානයේ එවන් අසිරිමත් සිදුවීම් පෙළකි මේ.'

සිය උපන්දිනයට භානුක ම තෑගි ගෙනා හැටි

විස්සයි20 ලෝක කුසලාන තරගා-වලියේ සුපිරි 12 වටයේ තුන් වැනි තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ය. අවසානය වන විට තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ දී ශ්‍රී ලංකා පිල බංග්ලාදේශය පරාජය කරමින් කඩුලු 5 කින් ජයග්‍රහණය ලැබී ය. එහි දී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ පන්දු 31 ක දී ලකුණු 53 ක් රැස් කළේ ය. ඔහු ගේ උපන්දිනය ද එදිනට යෙදී තිබුණු අතර විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකයකු විසින් සිය උපන්දිනය දා අර්ධ ශතකයක් රැස් කළ පළමු අවස්-ථාව ලෙස එය ඉතිහාසයට එක් විණි.

කෝලිගේ ආදර්ශය

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ පැවති උද්වේගකර ම තරගය ලෙස ඉන්දු - පාකිස්තාන තරගය හැඳින්විය හැකි ය. එහි දී ඉන්දියාව කඩුලු 10කින් පැරද වූ පකිස්තානය ඓතිහාසික ජයග්‍රහණ-යක් වාර්තා කළ අතර, තරගය අව-සානයේ දී ඉන්දීය නායක විරාට් කෝලි පාකිස්තාන ක්‍රීඩකයන් වෙත උණුසුම් අන්දමින් සුබ පතන්නට ද අමතක නොකළේ ය. දේශසීමා ගැටුම් නිසා ඉන්දියාව සහ පාකිස්තානය අතර වසර ගණනාවක පටන් දැඩි මතභේද පවතී. එවන් තත්ත්වයක් තුළ කෝලිගේ එම හැසිරීම ක්‍රීඩාවේ ජීව ගුණය වඩාත් ඉස්මතු කරවන්නකැයි සැලකිය හැකි ය.

 

ඇෆ්ගන් කඳුළු

ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ රටවල් අතුරින් බොහෝ දෙනකුගේ අවධානයට ලක් වූ රටකි ඇෆ්ගනිස්ථානය. වසර ගණ-නාවක් පැවති අභ්‍යන්තර යුද ගැටුම් අවසානයේ ඇෆ්ගනිස්ථානයේ පාල-නය යළිත් තලේබාන්වරුන් යටතට

පත් වීමෙන් අනතුරු ව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ පළ-මුවැනි අන්තර්ජාතික ක්‍රිකට් තරගා-වලිය වූයේ ද පසුගිය දා නිමාවට පත් වුණු විස්සයි20 ලෝක කුසලාන තරගාවලියයි. ජාතික ප්‍රශ්න රාශියකට මුහුණු දෙමින් ඔවුන් ‍මෙවර ලෝක කුසලානය වෙනුවෙන් සටන් කළ අතර, එහි දී කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සුපිරි 12 වටයේ සහභාගී වූ පළමු තරගයේ දී සිය ජාතික ගීය ගායනා කරන විට හඬා වැටෙන අයුරු කැමරා කාචවල සටහන් ව තිබිණි.

 

රොනාල්ඩෝ අනුකරණය කළ වෝනර්

සුපිරි 12 වටයේ දී ඔස්ට්‍රේලියා කණ්ඩායම විසින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කළ බව සටහන් කළ යුතු නැත. එහෙත් එම තරගයෙන් අනතුරු ව පැවති මාධ්‍ය හමුවේ දී ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් විසින් සුවිශේෂී ක්‍රියාවක් සිදු කළේ ය. ඒ් මාධ්‍ය හමුව වෙනුවෙන් අනුග්‍රාහක භවතුන් විසින් සපයා තිබූ ප්‍රසිද්ධ සන්නාමයක සිසිල් පැන් බෝතල් 2 ක් ඉවත් කරන්නට කටයුතු කරමිනි. ඒ සමඟ ඔහු පැවසුවේ, “රොනාල්ඩෝට පුළුවන් නම් ඇයි මට ඒක කරන්න බැරි” යැයි කියා ය.

කොදෙව්වන්ට බෑ ශ්‍රී ලංකාව ඉදිරියේ පුළුවන්ලු

වර්ණ භේදවාදය පිටුදැකීමේ අරමු-ණින් විස්සයි20 ලෝක කුසලාන තර-ගාවලිය නියෝජනය කළ බොහෝ කණ්ඩායම්වල ක්‍රීඩකයන් තරග ඇර-ඹීමට පෙර අඩක් දණ නමා ආචාර කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබී ය. එහෙත් බටහිර ඉන්දිය කොදෙව්වන් සමඟ දකුණු අප්‍රිකාව තරග කළ තරගයේ දී දකුණු අප්‍රිිකානු සුපිරි පිතිකරු ක්වින්ටන් ඩී කොක් එය ප්‍රතික්ෂේප කොට තරගයෙන් ඉවත්

විය. නමුත් පසු ව එම ක්‍රියාව වෙනුවෙන් සමාව අයැද සිටි කොක් ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයේ දී දණ ගැසුවේ ය.

 

වාස් ගෙන් අයර්ලන්තයට උපදෙස්

ලෝක කුසලාන මූලික තරගවල දී ශ්‍රී ලංකාව අයර්ලන්ත කණ්ඩායම සමඟ තරග වැදුණු අතර, එම තරගය අවසානයේ ශ්‍රී ලංකාවේ වේග පන්දු බලඇණියේ පුහුණුකරු වූ චමින්ද වාස් අයර්ලන්ත ක්‍රීඩකයන්ට උපදෙස් ලබා දෙන අවස්ථාවක් සහිත වීඩියෝවක් බොහෝ දෙනකුගේ අවධානයට ලක් විණි. එම වීඩියෝව අයර්ලන්ත ක්‍රීඩක නියාල් ජෝන් විසින් සිය ට්විටර් ගිණුමට එක් කර තිබූ අතර, “අයර්ලන්ත ක්‍රීඩකයන්ට මේක හොඳ අවස්ථාවක්. මේ උපදෙස් ලබා දෙන්නේ චමින්ද වාස් නම් විශිෂ්ට මිනිසා” යනුවෙන් ද එහි සටහනක් තබා තිබිණි.

 

මහත්මා ගුණය

විස්සේ මෙවර පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණේ එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ය. එහි දී එංගලන්තය ලබා දුන් ලකුණු ඉලක්කය හඹා යමින් ජයග්‍රහණය උදෙසා කරට කර සටනක් දියත් කිරීමට නවසීලන්ත පිතිකරුව-න්ට සිදු විය. තරගය තීරණාත්මක අදියරක පවතිද් දී 17 වැනි පන්දුවා-රයේ දී කාගේත් සිත් ඇදගත් සිදුවී-මක් පිටිය තුළ දක්නට ලැබිණි.

ඒ් එම පන්දුවාරය ක්‍රියාත්මක කළ අදිල් රෂිඩ් හට නවසීලන්ත පිති-කරු නිෂම් ලබා දුන් උඩ පන්දුව, රැක ගැනීමට යෑමේ දී අනික් අන්තයේ රැඳී සිටි නවසීලන්ත පිතිකරු ඩැරල් මිචෙල් නිසා අවහිරතාවක් මතු විය. එම නිසා උඩ පන්දුව ගිලිහී ගිය අතර, පන්දුව නිදැල්ලේ ඉදිරියට ඇදී යද්දී නවසීලන්ත පිතිකරුවන්ට ලකුණක් ලබා ගැනීමට හොඳ අවස්ථාවක් පැවතියත් තමාගෙන් සිදු වූ අත්වරදට සමාවක් ලෙස, එම ලකුණ ලබා නොගැනීමට මිචෙල් තීරණය කළේ ය. එය ක්‍රීඩාවේ මහත්මා ගුණය ඉස්මතු කර වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස ලොව බොහෝ දෙනකුගේ කතාබහට ලක් විය.

 

ඩෙඩ් බෝලෙට හිට් එකක්

දෙවැනි අවසන් පූර්ව තරගය පකි-ස්තාන කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවත්වුණු අතර, එහි දී පකිස්තානු දඟ පන්දු යවන්නකු විසින් එවන ලද ඩෙඩ් පන්දුවකට ඩෙවිඩ් වෝනර් විසින් හයේ පහ-රක් එල්ල කළේ ය. එය බොහෝ දෙනෙක්ගේ සංවාදයට ලක් වූයේ එවැනි සිදුවීම් ක්‍රිකට් ලෝකයේ විරල වන හෙයිනි. කෙසේ නමුත් පාකිස්-තානු නායකයා අදාළ පන්දු වාරයෙන් පසු ව එම පන්දු යවන්නා නැවත පන්දු යැවීමට කැඳවූයේ නැත.

 

ක්‍රීඩාංගණ භාරකරුගේ මරණය

නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති සුපිරි 12 වටයේ තීර-ණාත්මක තරගයේ, පිටිය භාරව සිටි නිලධාරියා තරගය ආරම්භ කරන්නට පෙර තරගය පැවැත්වෙන දිනයේ උදෑසන අබිරහස් ලෙස මරණයට පත් ව තිබිණි. එය ළැව්ගින්නක් සේ පැතිරුණේ කටකතා ගොන්නක් ද සමඟිනි.

 

අලුත් ම බීර ඔඩම

විස්සයි විස්සේ ශූරයන් වූ ඔස්-ට්‍රේලියානු ක්‍රීඩකයෝ සිය ජයග්‍රහණය සමරන්නට බීර පානය කළ හ. එසේ බීර පානය සඳහා ඔවුන්ගෙන් ඇතමකු යොදාගෙන තිබුණේ අමුතු ම ආකාරයේ බීර බඳුන් ය. ඒ තමන් පැලඳ සිටි සපත්තුවට බියර් දමා පානය කරන ආකාරය ය.

 

පසිඳු මිහිරාන් රැටියල

Comments