
ලෝක වාර්තාලාභී කෙන්යානු දිගු දුර ධාවිකා ඇග්නෙස් ටිරොප් ගේ අවමංගල්‍යයට රැස්වූ සිය ගණනක් වූ මලල ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට වහා නැව-තීමේ තිත තැබිය යුතු යැයි ප්‍රකාශ කර තිබේ. පසුගිය දා ඈ සිය සැමියා වන ඊබ්‍රහිම් රොටිච් අතින් සිය නිවෙසේ දී දරුණු පිහි ඇනුම් තුවාලවලට ලක්ව මරණයට පත්විණි.
ඇගේ දේහය ටිරොප්ගේ මව හා පියා ගේ ගම්මානය වන නැන්ඩි ප්‍රාන්තයේ කැප්නයමිසා හි භූමදාන කර තිබුණේ ඇගේ විසිහය වැනි උපන්දිනය යෙදුණු දිනයේ දී ය. එම භූමදාන උත්සවයේ දී ටිරොප්ගේ මව වන දිනා ටිරොප් ද අදස් දක්ව තිබුණා ය. “මට අද ගොඩාක් දේවල් කියන්න නෑ. මම ඉන්නේ ශෝකයෙන්. මම හොඳටම හැඬුවා. මගේ ඔක්කොම කඳුළු නැති වෙන තුරු මම හඬා වැටුණා. මම මගේ දියණියට අද අවසන් ගෞරවය දැක්වූවා. මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ ඇයට ඇගේ අනාගත ස්ථානය තහවුරු කරදෙන්න කියායි.”
මෙම අවස්ථාවට සහභාගි වූ කෙන්යානු මලල ක්‍රීඩක, ක්‍රීඩිකාවන් මෙන් ම සෙසු ශෝකවන්නන් ඇගේ දෙණ රැගත් අවමංගල රථයට මල් විසි කරමින් සිය ගෞරවය දක්වා තිබුණේ ය.
මෙම මළගමට සහභාගි වූ බොහෝ කථිකයන් ඉල්ලා සිටියේ ටිරොප්ගේ මරණයට යුක්තිය ඉටු කර දීම අත්‍ය-වශ්‍ය කාරණයක් බවයි. ටිරොප් යනු මනරම් අනාගතයකට හිමිකම් කියූ දුර දුවන්නියක වන අතර ඇය කිලෝ මීටර් දහයේ කාන්තා දුර දිවීමේ ලෝක වාර්තාව බිඳ හෙළීමට ද සමත්වූවකු වීම ඊට කදිම සාක්ෂියකි. ඇය පසුගිය ඔලිම්පික් උළෙලේ දී මීටර් 5000 ඉසව්වේ සිව් වැනියා වූ අතර, ලෝක මලල ක්‍රීඩා ශූරතායේ දී ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වූ ක්‍රීඩිකාවකි.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහි පද-නමක් ඈ නමින් පිහිටුවීමට ද මෙහිදී තීරණය කෙරුණු අතර, ඉදිරි කාලය තුළ දී එය ස්ථාපනය කිරීමට නියමිත ව ඇත. මේ අතර ලෝක රට හරහා දිවීමේ තරග අදියරට ටිරොප්ගේ නම තැබීමට ද එහි දී තීරණය විණි.
ටිරොප්ගේ මළගම වෙනුවෙන් හාරදහසකට අධික පිරිසක් සහභාගිව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ ය. ඒ අතර මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්, රාජ්‍ය නිලධාරීන්, ගම්වැසියන් ද වූ බව සඳහන් ය.
එම පිරිස අතර ටිරොප්ගේ හිටපු පුහුණු කණ්ඩායම් සගයන් වූ ෆේත් කිප්යෙගොන් සහ හෙලන් ඔබිරි, උගන්ඩාවේ ජොෂුවා චෙප්ටෙගි, පෙරුත් චෙමුටායි සහ ජේකොබ් කිප්ලිමෝ වූ බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.
ඇයට උපහාර දක්වමින් ටිරොප් යනු කාරුණික මෙන් ම සදා සිනහවෙන් යුක්ත වූ නෝනා කෙනෙකු ලෙසින් ද ප්‍රකාශ කෙරුණේ ය.
කාන්ති ජයසිංහ