පසුගියදා පැවති ලෝක දේශගුණ වෙනස්වීම් පිළිබඳ ලෝක සමුළුවට කාබන්ඩයොක්සයිඩ් ටොන් ලක්ෂයකට වඩා විමෝචනය කරන පෞද්ගලික ජෙට් යානා 600ක් පමණ පැමිණි බව සඳහන්ය. ලෝකයම පරිසරය සුරැකීමට යැයි පවසමින් මේ සිදු කරමින් සිටින්නේ කුමන විහිළුවක් ද යන්න වටහා ගැනීමට මීට වඩා උදාහරණ අවශ්‍ය නැත.
දිල්ලි නගරයේ පාසල් වසා දැමීමටත් රජයේ සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමටත් නගරය තුළ සිදු කෙරෙන ඉදිකිරීම් සතියක පමණ කාලයකට කල් දැමීමටත් නිර්දේශ කර ඇත. මේ සියල්ලෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ නගරයේ වායු දූෂණයහැකිතාක් අවම කර ගැනීමය
සංවර්ධනය විසින් ඔබට ඉතා සුඛෝපභෝගී ජීවන තත්ත්වයක් ලබා දෙනු ඇත. තාක්ෂණය ඔබගේ ජීවිතය වඩා පහසු කරවනු ඇත. එහෙත් මේ දෙකම ඔබගේ හුස්ම පොද අහිමි කරවමින් සිටින බව පැවසුවහොත් ඔබ තිගැස්මට පත් වනු ඇත. එහෙත් සත්‍යය එයයි. මේ දිනවල ඉන්දියාවේ දිල්ලි නුවර වැසියන් අත්විඳමින් සිටින්නේ ද එම කනගාටුදායක අත්දැකීමයි.
දිල්ලි නගරයේ වායුගෝලය අතිශයින් දූෂණය වී ඇති බැවින් එහි කර්මාන්ත ශාලා තාවකාලිකව වසා දැමිය යුතු වන බවට දිල්ලි මහ ඇමති අර්වින්ද් කේජිරිවාල් පසුගියදා ප්‍රකාශ කර සිටියේය.
මේ තත්ත්වය මෑතකාලීනව වසර කිහිපයක සිට දිල්ලි වැසියන් අත්විඳින සිදුවීමක් බවට පත්ව ඇත. විශේෂයෙන් ශීත සමය ආරම්භ වීමත් සමඟ මේ වායු දූෂණ ගැටලුවට දිල්ලි නගරවාසීහු මුහුණ දෙමින් සිටිති.
දිල්ලි නගරයේ පාලකයන් ජනතාවට දැනුම් දුන් පරිදි ඔවුන් පාසල් වසා දැමීමටත් රජයේ සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමටත් නිර්දේශ කර ඇත. නගරය තුළ සිදු කෙරෙන ඉදිකිරීම් සතියක පමණ කාලයකට කල් දැමීමට ඔවුන් නිර්දේශ කර තිබේ. මේ සියල්ලෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ නගරයේ වායු දූෂණය හැකිතාක් අවම කර ගැනීමය.
නවදිල්ලි නගරය පිහිටා ඇත්තේ ඉන්දියානු අර්ධද්වීපයේ මධ්‍යයට ආසන්නයේ යැයි දළ වශයෙන් පැවසිය හැකිය. ඉන්දියාවට ඉහළින් පිහිටා ඇත්තේ ද මහා ගොඩබිම් ප්‍රදේශයකි. නගරයේ දක්නට ලැබෙන අති දැවැන්ත කාර්මීකරණය හේතුවෙන් නගරය අවට කාබන් විමෝචනය ඉතා ඉහළ බව පෙනී ගොස් ඇත. එය පාලකයන් දැනුම් දුන් පරිදි මේ වන විට ‘ඉතා දරුණූ‘ තත්ත්වයකට පත්වෙමින් තිබේ. ලෝකයේ වායු දූෂණය ඉහළම නගරය නව දිල්ලිය බව ද මේ වන විට තහවුරු වී ඇත.
ඉකුත් අඟහරුවාදා ලබා දුන් දත්ත අනුව දිල්ලි නගරයේ වායු ප්‍රශස්ථ දර්ශකය ඒකක 331ක් ලෙස සටහන් වී තිබිණි. එමෙන්ම නගරයේ ඇතැම් ස්ථානවල මෙය ඒකක 350 ඉක්මවා ගොස් ඇති බව ද වාර්තා විය.
මේ වායු ප්‍රශස්ථ දර්ශකය අනුව ඒකක 0 – 50 අතර මට්ටම දැක්වෙන්නේ ඉතා යහපත් වායුගෝලයක් සහිත යනුවෙනි. 51 – 100 දක්වා සතුටු විය හැකි මට්ටමක් සේ සැලකේ. 101 – 200 දක්වා සැලකිලිමත් විය යුතු වශයෙන් මෙන්ම 201 – 300 දක්වා කනගාටුදායක ලෙස ද 301 – 400 දක්වා ඉතා කනගාටුදායක ලෙස ද 401 – 500 දක්වා බරපතළ වශයෙන් ද වර්ග කර ඇත.
මේ වන විට වායු ප්‍රශස්ත දර්ශක 300 ඉක්මවා ගොස් ඇති බැවින් මේ වන විට දිල්ලි ජනතාව හුස්ම ගනිමින් සිටින්නේ විෂ වායු බව අමුතුවෙන් කිව යුතු නොවේ.
නගරය වසා දමමින්, කර්මාන්ත ශාලා මෙන්ම ඉදිකිරීම් කටයුතු කල් දමමින් බලධාරීන් උත්සාහ දරන්නේ වායු දූෂණය අවම කර ගැනීමට වුවද එය අතීසාරයට අමුඩය ගැසීමක් බව වැඩි දෙනාගේ අදහසයි.
සෑම වසරකම උතුරු අර්ධගෝලයට ශීත ඍතුව එළැඹෙන වසර අවසානයේදී දිල්ලි නගරය මෙලෙස විෂ දුමෙන් වැසී යෑම සිදුවේ. එයට ප්‍රධාන හේතුව වන්නේ ශීත සමය ඇරඹීමත් සමඟ උතුරෙන් හමා එන සුළං ප්‍රවාහ අවම වීමයි. එසේ නොමැතිව වසරේ සෑම දිනකම මෙලෙස අති විශාල කාබන් ප්‍රමාණයක් දිල්ලි නගරයේ වායුගෝලයට අඛණ්ඩව එක් වන්නේ දැන් වසර ගණනාවක සිටය. එම විෂ වායු එක්වීම කර්මාන්ත ශාලා, ඉදිකිරීම් මෙන්ම මෝටර් රථ මඟින් ද සිදු වේ. මේ ගැටලු හඳුනාගෙන ඒවාට නිශ්චිත පිළියම් යෙදීමෙන් තොරව වායු දූෂණය ඉහළ ගිය අවස්ථාවලදී නගරය වසා දැමීමෙන් සැබෑ ගැටලුවට පිළියම් නොලැබෙන බව පරිසරවේදීන්ගේ අදහසයි.
මීට පෙර පසුගිය වසර මෙන්ම මේ වසර පුරා ද අවස්ථා කිහිපයකදී දිල්ලි නගරය වසා දැමුණු අතර එයට හේතු වූයේ වායු දුෂණය නොව කොවිඩ් වසංගතයයි. එලෙස නගරය වසා දැමුණු අවස්ථාවලදී වායු දූෂණය පහළ ගිය බව පැහැදිලි විය.
මෙය ඉන්දියාවේ පමණක් නොව චීනයේ ද ප්‍රධාන නගර ආශ්‍රිතව දැක ගත හැකි විය. පසුගියදා පැවති ලෝක දේශගුණ වෙනස්වීම් පිළිබඳ ලෝක සමුළුවට කාබන්ඩයොක්සයිඩ් ටොන් ලක්ෂයකට වඩා විමෝචනය කරන පෞද්ගලික ජෙට් යානා 600ක් පමණ පැමිණි බව සඳහන්ය.
ලෝකයම පරිසරය සුරැකීමට යැයි පවසමින් මේ සිදු කරමින් සිටින්නේ කුමන විහිළුවක්ද යන්න වටහා ගැනීමට මීට වඩා උදාහරණ අවශ්‍ය නැත.
තම නගරය කළමනාකරණය කර ගන්නවා විනා නගරය වසා දැමීමෙන් කාබන් විමෝචනය වළක්වා ගත නොහැකි බව නව දිල්ලි පාලකයන් මෙන්ම ඉන්දීය බලධාරීන් අවබෝධ කර ගන්නේ කවදාදැයි අප දන්නේ නැත. එහෙත් එම අවබෝධය ඉන්දියාව පමණක් නොව මුළු ලෝකයම ඉතා ඉක්මනින් ලබා ගත යුතු බව නම් කිව යුතුය.