
විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානයේ නව ශූරයන් ලෙස ඕස්ට්‍රේලියාව කිරුළ දිනා ගැනීමෙන් අනතුරුව අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නම් කරන ලද වටිනා ම ක්‍රීඩකයන්ගේ ලෝක කණ්ඩායමට චරිත් අසලංක සහ වනිඳු හසරංග ඇතුළත් කර තිබේ.
රටවල් හයක ක්‍රීඩකයන් ඇතුළත් වන අන්තර්ජාතික ක්‍රිකට් සභාව විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානයේ හොඳම කණ්ඩායම නම් කර ඇත. ශ්‍රී ලංකාවට අමතරව මෙවර විස්සයි20 ලෝක ශූරයන් වු ඕස්ට්‍රේලියාව, අනුශුරයන් වු නවසීලන්තය, එංගලන්තය,පාකිස්තානය සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් මෙකී ලෝක විස්සයි20 කණ්ඩායමට ඇතුළත් ය.
පකිස්තානයේ බාබර් අසාම් එම කණ්ඩායමේ නායකත්වයට පත් කර ඇති අතර ඉන්දීය කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට එහි ස්ථානයක් ලබා දී නොමැති වීම ද විශේෂත්වයකි. ප්‍රවීණ විස්තර විචාරකයන් වන ඉයන් බිෂොප්, ශේන් වොට්සන් සහ නටාලි ජර්මනොස් සමඟ ක්‍රිකට් මාධ්‍යවේදීන් වන ලෝරන්ස් බූත් සහ ශාහීඩ් හෂ්මි මෙම කණ්ඩායම තෝරාගෙන තිබේ.
ICCහි වටිනා ම ක්‍රිඩකයන්ගේ කණ්ඩායම පිතිකරු අනුපිළිවෙළින්
1. ඩේවිඩ් වෝනර් (ඕස්ට්‍රේලියාව)
මෙවර තරගාවලියේ ලකුණු 289, සාමාන්‍යය 48.16, වැඩිම නොදැවි 89, අර්ධශතක 03
2. ජොස් බට්ලර් (කඩුලු රකින්නා එංගලන්තය) ලකුණු 269 සාමාන්‍ය 89.66 , වැඩිම නොදැවී 101, ශතක 01, අර්ධශතක 01
3. බාබර් අසාම් (නායක පකිස්තානය) ලකුණු 303 සාමාන්‍ය 60.60, වැඩිම 70, අර්ධශතක 04
4. චරිත් අසලංක (ශ්‍රී ලංකාව) ලකුණු 231 සාමාන්‍ය 46.20 , වැඩිම නොදැවි 80, අර්ධශතක 02
5. ඇඩම් මාක්රම් (දකුණු අප්‍රිකාව) ලකුණු 162 සාමාන්‍ය 54.00, වැඩිම නොදැවි 52, අර්ධශතක 02
6. මොයින් අලි (එංගලන්තය) ලකුණු 92, සාමාන්‍ය 46.00, ලකුණු 77 ට කඩුලු 7 යි සාමාන්‍ය 11.00, හොඳම පන්දු යැවිම 15/02
7. වනිඳු හසරංග (ශ්‍රී ලංකාව)ලකුණු 119,සාමාන්‍ය 23.80 ලකුණු 156 ට කඩුලු 16 යි සාමාන්‍ය 9.75, හොඳම පන්දු යැවිම 09/03
8. ඇඩම් සම්පා (ඕස්ට්‍රේලියාව) - ලකුණු 157 ට කඩුලු 13 යි සාමාන්‍ය 12.07, හොඳම පන්දු යැවීම 19/05
9. ජෝස් හැසල්වුඩ් (ඕස්ට්‍රේලියාව) - ලකුණු 175 ට කඩුලු 11 යි සාමාන්‍ය 15.90, හොඳම පන්දු යැවිම 39/04
10. ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය) - ලකුණු 173ට කඩුලු 13 යි සාමාන්‍ය 13.30, හොඳම පන්දු යැවිම 17/03
11. එන්රිච් නොයා (දකුණු අප්‍රිකාව) - ලකුණු 104 ට කඩුලු 09 යි සාමාන්‍ය 11.55, හොඳම පන්දු යැවිම 08/03
12 වැනි ක්‍රීඩකයා - ෂහීන් ඇෆ්රිඩි (පාකිස්තානය) - ලකුණු 169 ට
කඩුලු 7යි, සාමාන්‍ය 24.14 කි.
බන්ධුල ජයමාන්න










