හැට දහසක් මරුමුවට පත් ජවිපෙ 2 වැනි කැරැල්ලේ තිත්ත ඇත්ත | Page 2 | සිළුමිණ

හැට දහසක් මරුමුවට පත් ජවිපෙ 2 වැනි කැරැල්ලේ තිත්ත ඇත්ත

 

32 වැනි ඉල්මහ සමරුව (1989-2021) නොවැම්බර් 13 වැනි දිනට යෙදී ඇත. මේ නිමිත්තෙන් ඉල්මහ විරු සැමරුම් උත්සව සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. වසර 1986/90 ජවිපෙ බල අරගලය පිළිබඳ මතකය අවදි කරමින් ද අරගලයේ සාධනීය සහ නිෂේධනීය පැති පිළිබඳ මේ යටතේ දේශන ද පැවැත්වෙනු ඇත.

වසර 1986 සිට 1990 දක්වා ජවිපෙ 2 වැනි කැරැල්ල පැවති කාලයේදී ඝාතනයට ලක්වූ අය සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813කි. එහෙත් මානව හිමිකම් සංවිධාන වාර්තාවන්ට අනුව එසේ ඝාතනයට සහ අතුරුදහන්වීමට ලක්වූ සංඛ්‍යාව 67,652කි. ඉන් වැඩිම පිරිසක් වූ 7,068ක් හම්බන්තොට පදිංචිකරුවන්ය. ඉන්පසුව ඝාතනයට ලක්වූවන් අයත් වැඩිම දිස්ත්‍රික්ක වූයේ පිළිවෙළින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් 5,981කි. මාතර දිස්ත්‍රික්කයෙන් 4,823කි. මොනරාගලින් 4,568කි.

මින් ජවිපෙ කැරලිකරුවන් අතින් ඝාතනය වූ සංඛ්‍යාව 6,661කි. ජවිපෙ විරෝධී වාම කණ්ඩායමක් ලෙස පෙනී සිටි ප්‍රා සංවිධානය මඟින් ඝාතනය කළ සංඛ්‍යාව 1,222කි. සෙසු සියලු දෙනා ඝාතනයට පත්වූයේ එජාප ආණ්ඩුවේ ආරක්ෂක අංශ ඇතුළු එයට ඍජු සහ වක්‍ර සම්බන්ධකම් පැවතුණැයි කියන අතුරු හමුදා කණ්ඩායම් වූ කළු බළල්ලු, ස්‍රා, උකුස්සා, රාජාලියෝ, කහ බළල්ලු, කොළ කොටි, රතු මකරු, මාපිලා, ගෝනුස්සා, නී, කේසර සිංහයෝ, ලේ මාපිල්ලු, කළු කොටි යන සංවිධාන දහතුනෙනි.

 මූලාශ්‍ර සහ සංරක්ෂිත ඡායාරූප - ධර්මන් වික්‍රමරත්න

Comments