වනිඳු ඉතිහාසය ලියයි | Page 2 | සිළුමිණ

වනිඳු ඉතිහාසය ලියයි

 

ICC හි නවතම විස්සයි20 පිතිකරුවන් සහ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පිළිවෙළින් බාබර් අසාම් සහ වනිඳු හසරංග පළමු ස්ථාන දක්වා ඉහළට පැමිණ ඇති අතර,වනිඳු ඔහුගේ ක්‍රිකට් දිවියේ පළමු වතාවට මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් විය.

විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය අවසන් පූර්ව වටයට පැමිණීමේ දී තීරණාත්මක සාධකයක් වූ බබාර් අසාම්, දැනට පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානයේ ඉනිම් හතරකින් ලකුණු 198 ක් ලබා ගනිමින් තුන්වැනි වැඩිම ලකුණු ලාභියා විමට ද සමත්ව තිබේ. අවසන් වරට 2018 ජනවාරි මාසයේදී ස්ථානය තහවුරු කර ගැනීමෙන් පසු හයවන වරටත් පළමු ස්ථානයට පැමිණීමට ඔහුට හැකිවිය. බබාර්ගේ ශ්‍රේණිගත කිරීම් ලකුණු 834ක් වන අතර ශ්‍රේණිගත කිරීම්හි දෙවන ඩේවිඩ් මලාන්ට වඩා ලකුණු 36ක් ඉදිරියෙන් සිටීයි. පසුගිය නොවැම්බර් මාසයේ සිට එංගලන්ත පිතිකරුවා ඉහළින්ම සිටියේය.බාබර් අසාම් එක්දින පිතිකරුවන් අතර ප්‍රථම ස්ථානය හිමි කර ගැනිම ද විශේෂත්වයකී.

නවතම ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීම්හි දී ජොස් බට්ලර් ශ්‍රී ලංකාවට එරෙහිව නොදැවී ලකුණු 101 ක් ලබා ගනිමින් පිතිකරණ සටහනේ 17 වැනි ස්ථානයේ සිට ඔහුගේ වෘත්තීය ජීවිතයේ හොඳම 9 වැනි ස්ථානයට පැමිණීමයි. ඔහු මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 214කි.

අනෙක් පිතිකරුවන් අතරින් ආරොන් ෆින්ච් හයවැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථානයට ගොස් ඇති අතර පළමු 50 දෙනාගෙන් පිටත ටෙම්බා බවුමා කැපී පෙනෙන ලෙස ස්ථාන 35කින් ඉදිරියට පැමිණ 52වැනි ස්ථානයේ පසුවෙයි.

විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල එංගලන්තයට (21/03)ක් සහ දකුණු අප්‍රිකාවට එරෙහිව හැට්‍රික් පන්දු යැවිමක් ද (20/03) සමඟින් හසරංග දකුණු අප්‍රිකාවේ ටබ්‍රයිස් ෂම්සි අභිබවා පළමු ස්ථානයට පැමිණියේය. වනිඳු තරග 7 කදී පහර 14 ක් සමඟ තරගාවලියේ ඉදිරියෙන්ම සිටින කඩුලු ලාභියා ද වේ.වනිඳු විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ හැට්‍රික් පන්දුයැවිමක් සටහන් කරගත් තෙවැනි පන්දු යවන්නා ද වෙයි.

මේ අතර, අඩිල් රෂීඩ්, රෂීඩ් ඛාන් අභිබවා තුන්වන ස්ථානයට පැමිණ ඇත්තේ වෘත්තීය මට්ටමේ හොඳම ශ්‍රේණිගත කිරීම් ප්‍රසාද ලකුණු 730 සමඟිනි.

මේ වන විට තරග හතරකින් දස්කම් අටක් ලබා ගනිමින් විස්සයි20 ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභීන් අතර සිව්වැනි ස්ථානයේ සිටින දකුණු අප්‍රිකාවේ වේග පන්දු යවන ඇන්රිච් නොර්ට්ජේ ස්ථාන 18කින් ඉදිරියට පැමිණ හත්වැනි ස්ථානයට පත්විය. ඩ්වේන් ප්‍රිටෝරියස් (ස්ථාන 65කින් ඉහළ ගොස් 34 වැනි ස්ථානය දක්වා) සහ ෂොරිෆුල් ඉස්ලාම් (ස්ථාන 77කින් ඉහළ ගොස් 38 වැනි ස්ථානය දක්වා) ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ ඇති අනෙකුත් පන්දු යවන්නෝ වෙති. පළමු 20 දෙනා අතර, ක්‍රිස් ජෝර්ඩන් ස්ථාන 4ක් ඉදිරියට පැමිණ 9 වැනි ස්ථානයටත්, ඉෂ් සෝදි ස්ථාන 6ක් ඉදිරියට පැමිණ දහවැනි ස්ථානයටත්, ඔහුගේ දඟ පන්දු යවන්නා වන මිචෙල් සැන්ට්නර් ස්ථාන හතරක් ඉදිරියට පැමිණ 17 වැනි ස්ථානයටත් පත්ව ඇත.

තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් නබි ප්‍රසාද ලකුනු 271ක් සමඟ අංක 1 ස්ථානයට පත්ව ඇත. ශකීබ් අල් හසන් ශ්‍රේණිගත කිරීම්හි ප්‍රසාද ලකුණු 271ක් සමඟ දෙවැනි ස්ථානයට පත්ව තිබේ .තෙවැනි ස්ථානය නැම්බියාවේ ජේ.ජේ.ස්මිත් (175) හිමිකර ගෙන තිබේ. මෙහි වනිඳු හසරංග ප්‍රසාද ලකුණු 172ක් සමඟ සිවුවැනි ස්ථානය හිමි කරගෙන සිටියි.

බන්ධුල ජයමාන්න

Comments