
සිඩ්නි රත්නායක (වෙළෙඳ සේවා මලල ක්‍රීඩා උපදේශක හා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උප සභාපති)
‘ඔහු වඩා කැපී පෙනුණේ පාපන්දු ක්‍රීඩාවේ දී ය. කලක් ඔහු මල්ලව පොර ශූරයෙක් ද වූයේ ය. ප්‍රවීණයකු වශයෙන් මලල ක්‍රීඩාව වෙත ආකර්ශනය වූ ඔහු සිඩ්නි රත්නායක ය. අද වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ උපදේශකයෙක් මෙන්ම ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමයේ උප සභාපතිවරයෙකි. මේ ඔහු හා ක්‍රීඩා පුවත්පත් පැවැත්වූ සාකච්ඡාවකි.’
ඔබ ක්‍රීඩාව පටන් ගන්නේ පාපන්දු ක්‍රීඩාවෙන්?
මම පාසල් සමයේ කොටහේන ශාන්ත ලුෂියා විද්‍යාලයේ පාපන්දු කණ්ඩායමේ නායකයා. වසර කිහිපයක් ම වර්ණලාභී පාපන්දු ක්‍රීඩකයෙක්. පසුව මෙරට මුල් පෙළේ ක්‍රීඩා සංගම් වන මෝදර වොල්ස් ලේන් රේන්ජස්, එළි හවුස් සහ සිංගප්පූර් කෙපල් යන ක්‍රීඩා සංගම්වල පසු පෙළ ක්‍රීඩකයෙක් ලෙසත් ක්‍රීඩා කළා. කෙපල් ක්‍රීඩා සංගමයට ක්‍රීඩා කළ එකම ශ්‍රී ලාංකිකයා මමයි. ඒ වගේම කොළඹ නැව් තටාකාංගණයේ පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කර තිබෙනවා. විශ්‍රාම යන තෙක්ම එම කණ්ඩායමේ නායකත්වය හෙබවූයේ මම. අප කණ්ඩායම
‘ඒ’ කාණ්ඩයෙන් ක්‍රීඩා කර
වෙළෙඳ සේවා තරගාවලියේ හා ජාතික සේවා තරගාවලියේ ශුරතාව හිමි කර ගත්තා. ඊට අමතරව මා වෙළෙඳ සේවා පාපන්දු සංගමයේ උප සභාපති ලෙස වසර හයක් සේවය කළා. මගේ පියාගෙන් තමයි මට පා-පන්දු ක්‍රීඩාව උරුම වුණේ. ඔහුත් දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්, පියාගේ නම ජේ.බී.රත්නායක. නමුත් පාසල් කාලේ දී මම මල්ලවපොර ක්‍රීඩාවේත් නියැ-ළුණා. 1976 දී රාත්තල් 95 බර පන්තියෙන් ජාතික මල්ලවපොර ශුරයා වුණේත් මම යි.
පෑස්සුම් ක්ෂේත්‍රෙය් දෙස් විදෙස් සුප්‍රසිද්ධ ඉංජිනේරුවරයකු වන ඔබ මලල ක්‍රීඩාවට සම්බන්ධ වුණේ කොහොමද?
ඒ 2004 වසරේ දී යි. 2009 වෙළෙඳ සේවා මලල ක්‍රීඩා තරගාවලියේ දී වයස 55 න් ඉහළ මීටර් 200 දිවීම වාර්තාවක් තැබුවා. ඒක අදටත් පවතිනවා.එසේම දෙස් විදෙස් ජයග්‍රහණ රැසක් මා සතුව තිබෙනවා.
ඔබ දක්ෂ පරිපාලන නිලධාරියෙක්?
මම වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමය (MAF) භාර ගන්න විට එය තිබුණේ ඉතාම ප්‍රාථමික මට්ටමක. මගේ නායකත්වය යටතේ විවිධ සමාගම්වල උගත්, බුද්ධිමත් හා පරිපාලන ක්ෂේත්‍රයේ දක්ෂ අය බඳවා ගත්තා. මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම්වල ක්‍රීඩා හා පරිපාලන ක්ෂේත්‍රයේ හසල දැනුමක් ඇති අය කමිටුවට ඇතුළත් කර ගැනීමෙන් ක්‍රීඩාවේ අනුග්‍රාහකයන් ලෙස මෙරට ඉහළ පෙළේ සමාගම් සම්බන්ධ කර ගත්තා. දූෂණ වංචාවෙන් තොර විනය ගරුක, නීති ගරුක කමිටුවක් හැදුවා. සභාපතිවරු-න්ට නායකත්වය සම්බන්ධයෙන් පෙර පුහුණුවක් ද දීමට මා කට-යුතු සැලැස්සුවා. ඒ වගේ වැඩ කරන්න සභාපතිත්වයේ සිටි පස් වසර තුළදී මට හැකි වුණා.
වර්තමානයේ ඔබ ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමයේත් තනතුරක් දරනවා නේද?
ඔව්. මට ලැබුණු ආරාධනා-වකට අනුව මම එහි උප සභා-පතිවරයෙක් ලෙස පත්වුණා.
ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමයේ මුල් පුටුවට ඔබ එන්න යනවා කියලා ආරංචියි?
ඒ කමිටුවේ කිහිප දෙනෙක්ම ඉදිරියේ සභාපතිත්වයට එන්න කියලා ආරාධනා කර තිබෙනවා.
නමුත් මෙරට ප්‍රවීණයන්ගේ සංගමය දෙකට බෙදිලා?
ඔව්. හැබැයි ඊට හේතුව මම දන්නේ නෑ. නමුත් ඔවුන් සියලු දෙනා මම අඳුනනවා. සියයට අනූවකට වැඩි පිරිසක් එකතු වෙලා වැඩ කරන්න කැමතියි. ඇත්තම කියනවා නම් මේ කණ්ඩායම් දෙක එකතු වෙනවා නම් මට තනතුරු අවශ්‍ය නෑ.
අවසන් වශයෙන් ඔබ ආ මඟ ගැන සතුටු විය හැකි ද ?
ඇත්තෙන්ම ඔව්. දැන්. මගේ වයස අවුරුදු 65 යි. කොපමණ රාජකාරී තිබුණත් මා දවසට පැය එකහමාරක් යෝග්‍යතා ව්‍යායාම් කරනවා. මගේ බිරිඳ ඉන්දිකා රත්නායක. අපිට පුතුන් තිදෙනෙක් සිටිනවා. ඔවුන් නම් දිල්ෂාන්, ඉමංක සහ මධුෂාන්. ඉන්. දෙදෙනෙක් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටිනවා. පොඩි පුතා ඇස්මිඩ් ඉන්ජිනියරින් ආයත-නයේ කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස සේවය කරනවා.
මගේ සියලු ජයග්‍රහන පිටුපස සිටින්නේ ආදරණීය බිරිය බව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.
උදුලා පීරිස්










