
'කඩුලු ත්‍රිත්වයක් දවාගැනීම ලෙහෙසි නැත. පිට පිට පන්දු තුනක දී එලෙස කඩුලු දවාගන්නවා යනු සුවිශාල වැඩකි. ඒ කඩඉම සපුරා ගත් පන්දු යවන්නෝ සීමිත ය. කෙතරම් විශිෂ්ට වුවද බොහෝ පන්දු යවන්නන්ට එවැනි වාසනාවක් හිමි නොවීම ඊට හේතුව යැයි කිව හැකිය. බොහෝ විට කඩුලු ත්‍රිත්ව දඩයම් සිදු වන්නේ පිතිකරුවන්ගේ නොසැලකිල්ලෙන් හා අවාසනාව සමඟ ය. එයින් කියන්නට හදන්නේ පන්දු යවන්නන්ගේ දක්ෂතාවය නැතිව එය සිදුවන බව නොවේ. එහෙත් වැඩි වශයෙන් එවැනි දැවීයෑම්වලට ඉවහල්ව ඇත්තේ පිතිකරුවන්ගේ නොසැලකිල්ල ය. මේ ලෝක කුසලානයේ වාර්තා වූ කඩුලු ත්‍රිත්ව දක්ෂතා ගැන ය.
පසුගිය දා ශ්‍රී ලංකාවේ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩකයකු වන වනිඳු හසරංග අපූරු වාර්තාක් පිහිටුවූයේ ය. ඒ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති සුපිරි වටයේ තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමිනි.
මෙහි ඇති විශේෂත්වයක් වනුයේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩකයෙක් වාර්තා කළ ලොව තෙවැනි කඩුලු ත්‍රිත්වය ලෙස සැලකෙන්නේ මෙම කඩුලු ත්‍රිත්වය වීම ය. මීට පෙර 2007 වසරේ දී ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නකු වූ බ්‍රෙට් ලී සහ මෙවර තරගාවලියේ දී අයර්ලන්ත මඳ වේගපන්දු යවන්නෙක් වන කර්ටිස් කැම්පර් යන ක්‍රීඩකයන් මෙලෙස ලෝක කුසලාන තරගාවලිවල දී කඩුලු ත්‍රිත්ව වාර්තා කර තිබේ.
ඒ අනුව විස්සයි විස්සේ පළමු කඩුලු ත්‍රිත්ව දඩයම වාර්තා කළේ ඔස්ට්‍රේලියාවේ සුපිරි වේග පන්දු යව-න්නකුව සිටි බ්‍රෙට් ලී ය. ඒ 2007 වසරේ දී ය.
1999 වසරේ සිට 2012 වසර දක්වා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙහි විශිෂ්ට දස්කම් දැක් වූ බ්‍රෙට් ලී 2007 වසරේ සංවිධානය වුණු ලොව පළමු විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළේ ය.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ පමණක් නොව ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ඉතිහා-සයේ ද වාර්තා වුණු පළමු කඩුලු ත්‍රිත්වය ලෙස සැලකෙන්නේ එය ය. දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි නිව්ලන්ඩ් ක්‍රීඩාංගණයෙහි පැවැති එම තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ ශකීබ් අල් හසන්, මෂ්රෆි මොර්ටසා සහ අලෝක් කපාලි යන ක්‍රීඩක ත්‍රිත්වය පිට පිට දවා ගනිමින් ඔහු මෙම වාර්තාව පිහිටුවී ය.
දෙවැනි කඩුලු ත්‍රිත්වය
මේ අතර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ දෙවැනි කඩුලු ත්‍රිත්වය මෙර තරගාවලියේ දී වාර්තා කළේ කර්ටිස් කැම්පර් ය. ඔහු අයර්ලන්ත ජාතිකයෙකි.
කෙසේ නමුත් එය ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වුණු 24 වැනි කඩලු ත්‍රිත්වය ලෙස සැලකෙයි. නමුත් මෙම අවස්ථාව වඩාත් සුවිශේෂී වූයේ කැම්පර් කඩුලු ත්‍රිත්වය ඉක්මවා ගොස් පිට පිට කඩුලු හතරක් බිඳ හෙළන්නට සමත් වීම සමඟ ය. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක එම දස්කම පෑ පළමු සහ එකම ක්‍රීඩකයා ලෙස සැලකෙන්නේ ද කැම්පර් ය.
ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට කඩුලු 4 ක් දවාගත් තුන්වැනි ක්‍රීඩකයා ලෙසද කැම්පර් සැලකෙයි. ඔහු මෙම දස්කම පෑවේ අබුඩාබි හි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ දී නෙදර්ලන්ත කණ්ඩායම සමඟ වූ තරගයකදී ය.
එහිදී නෙදර්ලන්ත පිලේ කොලින් ඇකර්මන්, රයන් ටෙන්, ස්කොට් එඩ්වඩ්ස්, වැන් ඩර්මර් වේ යන ක්‍රීඩකයන් සිව් දෙනා කැම්පර්ට ගොදුරු විය.
මෙවර විස්සයි විස්ස තරගාවලියේ සුපිරි දොළහ වටයේ දී දෙවැනි කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට වනිඳු හසරංග පසුගිය දා සමත් වූයේ දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ය. ඒ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක් තුළ කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් තෙවැනි ක්‍රීඩකයා ලෙසිනි.
මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් දවාගත් පළමු සහ එකම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන්නේ වනිඳු හසරංග වීමත් සමඟ ය. එපමණක් නොව ලෝක කුසලාන තරගාවලියක කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා මෙන්ම පළමු ආසියාතිකයා වන්නේ ද වනිඳු ය.
ඊට අමතරව පරාජිතයන්ගේ පාර්ශ්වයේ රැඳෙමින් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු ක්‍රීඩකයා වූයේ ද වනිඳු හසරංගයි. මෙය ජාත්‍යන්තර විස්සයි20 තරග ඉතිහාසයේ වාර්තා වුණු 24 වැනි කඩුලු ත්‍රිත්වයයි.
වනිඳු මෙම කඩුලු ත්‍රිත්වය වාර්තා කළේ සාජා ක්‍රීඩාංගණයේ දී ය. එහිදී ඒඩන් මාක්‍රම්, ටෙම්බා බවුමා, ඩ්වේන් ප්‍රිටෝරියස් යන පිතිකරුවන්ගේ කඩුලු උදුරා ගන්නට වනිඳුට හැකිවිණි.
පසිඳු මිහිරාන් රැටියල