කෝලිට එල්ලවන තර්ජන ගැන හිටපු පකිස්තාන නායකයා කෝපයට පත් වෙයි | Page 2 | සිළුමිණ

කෝලිට එල්ලවන තර්ජන ගැන හිටපු පකිස්තාන නායකයා කෝපයට පත් වෙයි

 

ඉන්දීය කණ්ඩායම ගැන හැමෝගෙම පූර්ණ විශ්වාසයක් තිබුණේ, සියලුම කණ්ඩායම් අතර ඉන්දීය කණ්ඩායම ඉතා ඉක්මනින් අවසන් පුර්ව වටයට මෙන්ම අවසන් මහා තරගයට ඉඩකඩක් වෙන් කර ගනියි යන බලාපොරොතුවක් වුණා. ඉන්දීය කණ්ඩායම මුල් තරග දෙක අඛණ්ඩව පරාජය වීම නිසා ඉන්දීයානු ජනතාව ද කෝපයට පත්ව තිබුණා.

නායක විරාත්ව සමාජ මාධ්‍යවල බොහෝ විවේචනයට ලක්වුණා. මෙකි ජනතාවගේ කෝපය කොතරම් දුරදිග ගියාද යත් ඔවුන් සීමාව ඉක්මවා ගියේය.

ඒ වගේම දැන් මිනිස්සු විරාත්ගේ පවුල සහ ඔහුගේ කුඩා දියණිය ඉලක්ක කර තිබෙනවා. මේ ගැන පාකිස්තානයේ හිටපු නායක ඉන්සමාම් උල් හක් කෝපයෙන් අදහස් දක්වා තිබුණා. ඔහු සිය පෞද්ගලික යූ ටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රකාශ කළේ කෝලිගේ දියණිය සම්බන්ධයෙන් තර්ජන රැසක් අසන්නට ලැබෙන බවයි.

ඒක සෙල්ලමක් විතරයි. සෙල්ලමකදී පවුලක් සම්බන්ධ කරගෙන තර්ජන කරන එක සම්පූර්ණ වැරදියි. ' ඔහු පවසනවා.

කෝලිගේ පසමිතුරු කඳවුරක් තිබෙන බව පේනවා - අක්තාර්

පාකිස්තානයේ හිටපු වේග පන්දුයවන්නකු වන ෂොයිබ් අක්තාර් කියන්නේ කෝලි සමඟ එකක්, කෝලිට එරෙහිව එකක් යැයි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තුළ කඳවුරු දෙකක් තිබිය හැකි බවයි. කණ්ඩායම තුළ බෙදීමක් පවතින බව ද ඔහු පවසනවා.

කෝලි පළමු තරග දෙකේදී යම් යම් වැරදි තීරණ ගත්තද ඔහු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු බැවින් ඔහුට සියලු දෙනාම ගරු කළ යුතු බව යි හිටපු වේග පන්දු යවන්නා පැවසුවේ.

නවසීලන්තය හා තරගය පැරදුණේ කාසියේ වාසිය පරාජය වීමෙන් අනතුරුව සියල්ල කඩා බිඳදමා ක්‍රීඩා කිරීම නිසා බව පවසන අක්තාර් එම තරගයට ඔවුන් එහි පැමිණ සිටියා මිස කිසිදු සැලැස්මක් තිබුණේ නැතැයි අක්තාර් ප්‍රකාශ කර තිබුණා.

බන්ධුල ජයමාන්න

****************************

ගොල්ෆ් තරගාවලිය 13 වැනි දා

කොළඹ මෙට්‍රොපොලිටන් රොටරි සමාජය ඩයලොග් අනුග්‍රාහකත්වය ඇතිව සංවිධානය කරන ගොල්ෆ් සිදුරු 18 ගොල්ෆ් තරගාවලිය හයවැනි වරටත් කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයීය පිටියේදී 13 වැනි දා ආරම්භ වෙයි.

කණ්ඩායමකට සමාජිකයන් 4 දෙනෙකු හෝ 5 දෙනෙකු එක්වන මෙම තරගාවලිය තරග කරුවන් 120 ක ට අදික සංඛයාවක් තරග වැදීමට නියමිතය. කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ සාමාජිකයන්ට Texas Scramble යන කණ්ඩායම් ගොල්ෆ් තරග ආකෘතියකි. කොළඹ මෙට්‍රොපොලිටන් රොටරි සමාජය සිය වාර්ෂි අරමුදල් රැස්කිරිමේ වැඩසටහන් එකතුවේ කොටසක් ලෙස මෙම ඩයලොග් එන්ටර්ප්‍රයිසස් මෙට්‍රො ටෙක්සස් ස්කැම්බර් ගොල්ෆ් තරගාවලිය සංවිධානය කරනු ලබයි.

රොටරි සමාජය ආරම්භ කරන ලද හා අධික්ෂණය කරන, කළමණාකරනය කරන බහුවිධ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සදහා අරමුදල් රැස්කිරිමේ අරමුණ පෙරදැරිව මෙම තරගාවලිය සංවිධානය කරයි. මෙම වසරේදී අපේ තේමාව වනුයේ අනාගතය ගොඩනැගීමට විශ්වාසයෙන් නැගී සිටින්න යන තේමාවයි.

***************************

දෙසැම්බරයේ කටුකුරුන්ද රත් වෙයි

මෝටර් රථ ධාවන තරග වසන්තය නැවත දේශිය ධාවන පථයට කැන්දමින් දෙසැම්බර් 4 හා 5 දෙදින කටුකුරුන්ද ධාවන පථයේදී මෝටර් රථ තරගාවලියක් පැවැත් වීමට ශ්‍රී ලංකා ඔටෝමෝබයිල් ක්‍රීඩා සමාජය සැලසුම් කර තිබේ. එම ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපති අශාර් හමීම් මහතාගේ සංකල්පයකට අනුව මෙම තරගාවලිය පැවැත්වෙයි.

තරගාවලියට අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා මෝබිටෙල් ආයතනය විසිනි. එය නම් කර ඇත්තේ එස්.එල්.ටී. මෝබිටෙල් ස්පීඩප් කටුකුරුන්ද 2021 ලෙස ය. තරගාවලිය කාණ්ඩ 12 ක් යටතේ පැවැත් වීමට නියමිතය.

තරගාවලියට ඉදිරිපත් වන තරග කරුවන් ශ්‍රී ලංකා ඔටෝමෝබයි ක්‍රීඩා සමාජය අංක 33 ටොරින්ටන් පෙදෙස කොළඹ 7 යන මුලස්ථානය වෙත අයැදුම් පත් යොමු කළ යුතු ය. සැම කාණ්ඩයෙන්ම අවම වශයෙන් තරග කරුවන් 12 ක ට නොවැඩි ප්‍රමාණයකින් තරග අයැදුම් පත් යොමු කළ යුතුය. අවමය මෝටර් රථ 10 නොතිබෙන තරග ඛාණ්ඩයන් තරගාවලියට ඇතුළත් නොකිරිමට සංවිධායකයන් තීරණය කර ඇත. තරගාවලිය පිලිබදව වැඩි විස්තර www.slas.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.

ගීෂා මුණසිංහ

 

Comments