අනූ නවයේ ශ්‍රී ලංකා වාර්තා පහයි | Page 2 | සිළුමිණ

අනූ නවයේ ශ්‍රී ලංකා වාර්තා පහයි

 

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද 99 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි අදියර තරග ඉසව් අතරේ කැපී පෙනුණම ක්‍රීඩකයා බවට පත් වන්නට රොෂාන් ධම්මික රණතුංග සමත් වන අතරවාරයේ කැපී පෙනුණුම ක්‍රීඩීකාව බවට පත්වන්නට ගයන්තිකා අබේරත්න ට හැකි විය.

පළමු දිනය තුළ දෙවතාවක් මීටර් 110

කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට රොෂාන් ධම්මික රණතුංග

සමත් වූ අතර, ගයන්තිකා අබේරත්න කාන්තා මීටර් 1500 සහ මීටර් 5000 ඉසව්වන් හි නව ශ්‍රී ලංකා වාර්තා තමන්ගේ නමින් ලියවා ගැනී-මට සමත් වූවා ය.

පළමු දිනය වූ (30) පෙරවරුවේ පැවති මූලික තරඟය ජය ගැනීමට සමත් වීමත් සම-ඟම මහේෂ් පෙරේරා නමින් පැවැති 24 වස-

රක් පැරැණි තත්: 14.00 ක වාර්තාව බිඳ වැටුණි. තත්:13.97 ක තරග නිමි කාලයක් සටහන් කරමින් අදාළ වාර්තාව පිහිටු වීමට රණතුංගට හැකි විය.

ඊට පැය 06 මිනිත්තු 15 කට පසු ව ක්‍රියා-ත්මක කරන ලද අදාළ අවසන් තරගයේ දී

තම සුවිශේෂී ධාවන හැකියාව නැවත වතා-

වක් ප්‍රයෝගිකව ඔප්පු කර පෙන්වමින් තමන් නමින් පැවැති ශ්‍රී ලංකා වාර්තාව බිඳ හෙළන්නට සමත් වූයේ ය. එහිදී ඔහු සටහන් කළ වාර්තා ගත තරග නිමි කාලය තත්: 13.89 කි.

කාන්තා මීටර් 5000 ඉසව්ව මිනිත්තු 15.55.84 කින් අවසන් කරමින් පිහිටු වන ලද ශ්‍රී ලංකා වාර්තාවෙන් නොනැවතුණු ගයන්තිකා අබේ-රත්න මීටර් 1500 ඉසව්ව ද ජය ගත්තේ නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරමිනි. අදාළ දුර ප්‍රමාණය නිම කිරීම සඳහා ඇයට ගතවූ කාලය මිනිත්තු 4.09.12 කි.

මීට අමතරව කේ.එල්. සචිනි කෞශල්‍යා පෙරේරා සහ සාරංගී සිල්වා නව ශ්‍රී ලංකා වාර්තා බිහි කරමින් කැපී පෙනුණි. කාන්තා දුර පැනීම තරග ඉසව්වේ දී මීටර් 06.48 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් සාරංගි සල්වා ද රිටි පැනීම තරග ඉසව්වේ දී මීටර් 03.57 ක දක්ෂතක් ප්‍රදර්ශනය කරමින් කේ.එල්. සචිනි කෞෂල්‍යා පෙරේරා ද නව ශ්‍රී ලංකා වාර්තා බිහි කරමින් කැපී පෙනුණි.

මීට අමතරව ජාතික ජ්‍යෙෂ්ඨ ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේ නව වාර්තාවක් බිහි කිරීමට ඩබ්ලිව්.එස්.එම්. ප්‍රනාන්දු සමත් වූයේ කාන්තා යගුළිය දැමීමේ ඉසව්වේ දී මීටර් 17.36 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය මඟින් මැනවින් සංවිධානය කර තිබුණු දෙවන අදියර තරග ඉසව් ආශ්‍රිතව සුවිශේෂ දක්ෂතා ප්‍රදර්ශනය කරන්නට යුද හමුදාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වීම කැපී පෙනුණි.

සපුමල් වීදිය බණ්ඩාර

*****************************

මීටර් 10.000 (කාන්තා)

1. එච්.එම්.සී.එස්.හේරත් (යුද හමුදාව) මි:36.23.95

2. ඒ.එන්.එල්.ආරියදාස (ගුවන් හමුදාව) මි:36.36.62

3. වේලූ ක්‍රිෂාන්තනී (නාවික හමුදාව) මි:37.07.88

මීටර් 5.000 (පිරිමි)

1. ඩබ්ලිව්. යූ.එම්. වී. කුමාර (යුද හමුදාව) මි: 14.57.76

2. ජී. ආර්. එස්. විජේවික්‍රම (යුද හමුදාව) මි: 14.58.67

3.ඩී.එම් සමරකෝන් (ගුවන් හමුදාව) මි:15.20.26

රිටි පැනීම (පිරිමි)

1.ඒ.පුවිදරන් (යුද හමුදාව) මීටර් 5.00

2. ඉෂාර සදරුවන් ( ගුවන් හමුදාව) මීටර් 5.00

3. එච්.එස්.ඊ.ජනිත් (යුද හමුදාව) මීටර් 4.80

කවපෙත්ත විසිකිරීම (කාන්තා)

1. එච්.ඒ.එම්.දිල්රුක්ෂී ( යුද හමුදාව) මීටර් 41.75

2. සොනාලී වීරසේකර (ගුවන් හමුදාව) මීටර් 40.82

3. වී.එල්. ලක්මාලී (ගුවන් හමුදාව) මීටර් 37.22

තුන් පිම්ම (කාන්තා)

1.රන්දී කුරේ (ශ්‍රී ලංකා පාසල්) මීටර් 12.67

2.රෂ්මී නිරෝධා (යුද හමුදාව) මීටර් 12.46

3.ඒ.සෙව්වන්දී (ස්වාධීන) මීටර් 12.07

මිටිය විසිකිරීම (කාන්තා)

1.එස්.එම්.අමරසිංහ (යුද හමුදාව) මීටර් 43.72

2.එච්.ඒ.ඒ.ලක්ෂිකා (ගුවන් හමුදාව) මීටර් 42.94

3.එල්.පී.ඩබ්ලිව්. තිසරණි (නාවික හමුදාව) මීටර් 41.92

කවපෙත්ත විසිකිරීම (පිරිමි)

1.ඉසෙඩ්.ටී.එම්.ආසික් ( යුද හමුදාව) මීටර් 46.85

2.එස්.කේ.ඩී.සිල්වා ( යුද හමුදාව) මීටර් 45.01

3.ඒ.එම්.ඩී.සපරමාදු ( යුද හමුදාව) මීටර් 44.25

මීටර් 110 කඩුලු (පිරිමි)

1. රොෂාන් ධම්මික රණතුංග (යුද හමුදාව) තත්: 13.89

2.ජේ.අයි.ලක්විජය ( ශ්‍රී ලංකා පාසල්) තත්: 14.62

3.එන්. කවීෂ බණ්ඩාර (ශ්‍රී ලංකා පාසල්) තත්: 44.68

තුන් පිම්ම (පිරිමි)

1.එල්.ශෙෂාන් ධනංජය (යුද හමුදාව) මීටර් 15.95

2. චමල් කුමාරසිරි (යුද හමුදාව) මීටර් 15.59

3. එස්.එස්. ජයසිංහ (යුද හමුදාව) මීටර් 15.55

මීටර් 200 (කාන්තා)

1.ඩී.ටී.අමාෂා ද සිල්වා (යුද හමුදාව) තත්: 24.08

2.බී.අයි.මේධානී ජයමාන්න (ශ්‍රී ලංකා පාසල්) තත්: 24.24

3. නදීෂා රාමනායක (යුද හමුදාව) තත්: 24.61

මීටර් 200 (පිරිමි)

1.එස්.අරුණ දර්ශන (යුද හමුදාව) තත්: 20.91

2. කාලිංග කුමාරගේ (යුද හමුදාව) තත්: 21.13

3.ඒ.එස්.එම්.සෆාන් (යුද හමුදාව) තත්: 21.13

මීටර් 1500 (කාන්තා)

1. ගීතිකා අබේරත්න (නාවික හමුදාව) මි. 4.09.12

2. එන්.එම්.ඒ. කුමාරී (ගුවන් හමුදාව) මි. 4.31.44

3.කේ. ශානිකා ලක්ෂාණි (ශ්‍රී ලංකා පාසල්) මි. 4.34.19

මීටර් 800 (පිරිමි)

1.එච්.එස්. කරුණාරත්න (යුද හමුදාව) මි. 1.50.42

2.ඩී.එම්. කුමාරසිංහ (යුද හමුදාව) මි. 1.51.03

3. ඩබ්ලිව්.ඒ. ඩී. කුමාර (යුද හමුදාව) මි. 1.51.91

මීටර් 10000 (පිරිමි)

1. කේ.ෂංමුගේෂ්වරන් (යුද හමුදාව) මි. 30.43.35

2. එම්.ඩී.එම්. සමරකෝන් (ගුවන් හමුදාව) මි. 31.17.37

3. ඩී.එස්.ඩී. ගුණසේකර (යුද හමුදාව) මි. 31.23.47

මීටර් 5000 (කාන්තා)

1. ගයන්තිකා අබේරත්න (නාවික හමුදාව) මි. 15.55.84

2. සී.එස්.හේරත් (යුද හමුදාව) මි.17.21.83

3.ජී.ඩබ්ලිව්.එම්.හේරත් (යුද හමුදාව) මි. 17.34.04

රිටි පැනීම (කාන්තා)

1. සචිනි කෞෂල්‍යා පෙරේරා (යුද හමුදාව) මීටර් 03.57

2.ඉමාෂා උදානී සිල්වා (නාවික හමුදාව) මීටර් 3.50

3.එන්.දක්ෂිතා (ශ්‍රී ලංකා පාසල්) මීටර් 3.40

උස පැනීම (කාන්තා)

1.ඩී.කේ.රණසිංහ (නාවික හමුදාව) මීටර් 1.70

2.එස්.එම්.එම්.මධුශානී (ගුවන් හමුදාව) මීටර් 1.60

3.අයි.ඒ.අයි.මිනෝලී ප්‍රනාන්දු (ශ්‍රී ලංකා පාසල්) මීටර් 1.60

යගුලිය දැමීම (පිරිමි)

1.ඩබ්ලිව්.එස්.එම්. ප්‍රනාන්දු ( යුද හමුදාව) මීටර් 17.36

2.ඒ.එම්.එම්.පෙරේරා ( පොලිස්) මීටර් 14.23

3.බී.ධනුෂ්ක දෙල්විට ( යුද හමුදාව) මීටර් 14.03

මීටර් 3000 බාධක දිවීම (පිරිමි)

1.අයි.ඊ.යූ.බී. හේරත් (යුද හමුදාව) මි. 9.06.19

2.ඩබ්ලිව්.බී.එම්. සමරවීර (ගුවන් හමුදාව) මි. 9.16.71

3.ඩී.ජී.ජේ. විජේනායක (යුද හමුදාව) මි. 9.24.64

මීටර් 400 කඩුලු (කාන්තා)

1.ඊ. කෞෂල්‍යා මධුශානී (යුද හමුදාව) තත්: 59.47

2.ජී.ඒ.එස්. දුලානි (යුද හමුදාව) තත්: 62.48

3 එන්.ජී.ඩී.එන්. ලක්මාලි (ගුවන් හමුදාව) තත්: 63.28

මීටර් 400 කඩුලු (පිරිමි)

1.ඒ.එල්.ඒ.අයි. රත්නසේන (ගුවන් හමුදාව) තත්:52.44

2.ඒ.එල්.ඒ.ටී. රත්නසේන (යුද හමුදාව) තත්:52.67

3 කේ.එම්.ඩී.දර්ශන (ශ්‍රී ලංකා පාසල්) තත්:52.69

දුර පැනීම (කාන්තා)

1. එල්.සාරංගී සිල්වා (යුද හමුදාව) මීටර් 6.48

2. අංජනා පුල්වංස (ස්වාධීන) මීටර් 6.15

3. ඊ.එම්.එස්.උපේක්ෂා (විශ්ව විද්‍යාලය) මීටර් 5.90

මිටිය විසිකිරීම (පිරිමි)

1. ඒ.සංජය බණ්ඩාර (යුද හමුදාව) මීටර් 49.75

2.එස්.ආර්. කුමාරසිරි (යුද හමුදාව) මීටර් 49.43

3. කේ.කේ.ඩී.එම්.ධර්මසේන (යුද හමුදාව) මීටර් 46.86

උස පැනීම (පිරිමි)

1. බී.ආර්.අයි. උදය කුමාර (යුද හමුදාව) මීටර් 2.08

2. එස්.ඒ.තරිඳු දසුන් (යුද හමුදාව) මීටර් 2.08

3.එස්.ටී. අමරසිංහ (ශ්‍රී ලංකා පාසල්) මීටර් 2.04

යගුලිය දැමීම (කාන්තා)

1.ඩබ්ලිව්.ටී.කේ. ප්‍රනාන්දු (ගුවන් හමුදාව) මීටර් 13.47

2.ඔවිනි චන්ද්‍රසේකර (ශ්‍රී ලංකා පාසැල්) මීටර් 12.86

3. පී.ඒ.ප්‍රියංගිකා කුමරි (පොලිස්) මීටර් 12.03

මීටර් 100 කඩුලු (කාන්තා)

1. ඩබ්ලිව්.වී.එල්.සුගන්ධී (යුද හමුදාව) තත්:13.82

2. ආර්.ඒ.අයි.එස්.රාජසිංහ (යුද හමුදාව) තත්:14.03

3. ඩී.පී. මොහොට්ටාල (ගුවන් හමුදාව) තත්:14.63

මීටර් 1500 (පිරිමි)

1.ආර්.ඒ.ඩී. හේමන්ත කුමාර (පොලිස්) මි. 3.48.94

2.ආර්.එම්.නිෆ්රාස් (යුද හමුදාව) මි. 3.50.25

3.ඒ.ඩී.එල්. ප්‍රතාප (ගුවන් හමුදාව) මි. 3.51.43

දස ප්‍රයාම (පිරිමි)

1. ඩබ්ලිව්.කේ.ඩී. එස්. පෙරේරා (ගුවන් හමුදාව) ලකුණු 6645

2.ටී.පී.ඩී.ප්‍රනාන්දු (යුද හමුදාව) ලකුණු 5651

3.ආර්.සදීෂන් (යුද හමුදාව) ලකුණු 5406

සප්ත ප්‍රයාම (කාන්තා)

1. ඩබ්ලිව්.වී.එල්. සුගන්ධී (යුද හමුදාව) ලකුණු 4645

2.පී.එස්.එන්.ප්‍රනාන්දු (යුද හමුදාව) ලකුණු 4480

3.එච්.ඒ.එන්.නවෝදනී (ගුවන් හමුදාව) ලකුණු 3718

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments