
යොවුන් ලෝක කුසලාන තරගාවලියට සූදානම් වන ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලේ පළමු කඩඉම සාර්ථකව අවසන් කිරීමට දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ බලඇණිය පසුගියදා සමත්විය.
ඒ සංචාරක බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් පිල සමගින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහභාගිවූ යොවුන් එක්දින තරගාවලිය තරග 5-0 ක් ලෙසින් ජයගනිමිනි. එය ශ්‍රී ලංකා යොවුන් පිලේ මෙම දස්කම ඉදිරියේ එළැඹෙන එංගලන්ත තරගාවලිය, යොවුන් ආසියානු කුසලාන තරගාවලිය සහ යොවුන් ලෝක කුසලාන තරගාවලියට සූදානම්වන ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් ජයග්‍රාහී මානසිකත්වයකට එළැඹ ඇති බව පෙණේ.
බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් පිල මෙවර ශ්‍රී ලංකාවට පැමිණියේ 2020 වසරේ යොවුන් ලෝක කුසලාන ශූරයින් ලෙසිනි. එලෙසින්ම ඇෆ්ගනිස්තාන යොවුන් පිලට එරෙහිව තරගාවලි ජයග්‍රහණයක් ලබමින් මෙම සංචාරයට පැමිණ තිබිණි.
අවිෂ්ක ගුණවර්ධන මෙම කණ්ඩායමේ පුහුණුකාරීත්වය පැවරීමෙන් අනතුරුව පැවැති පළමු තරගාවලිය මෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලක් ආරක්ෂිත ජෛව බුබුළක් යටතේ සිටිමින් සහභාගීවන පළමු තරගාවලිය මෙය විය.
කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය යන විද්‍යාලයන් නියෝජනය කරමින් ක්‍රීඩකයින් තිදෙනෙක් බැගින් මෙම සංචිතයට තෝරා ගෙන තිබුණි. කොළඹ නාලන්දා විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය යන විද්‍යාලයන්ගෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් බැගින් මෙම සංචිතයට එක්ව සිටිය හ. කොළඹ රාජකීය විද්‍යාලය, මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලය යන පාසල්වලින් එක් ක්‍රීඩකයකු බැගින් මෙම සංචිතට ඇතුළත්ව සිටිය හ.
බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් පිල සමගින් වූ යොවුන් එක්දින තරගාවලිය ඔක්තෝබර් මස 15 දින ඇරඹුණු අතර, 25 දිනෙන් අවසන් විය.
අවිෂ්ක ගුණවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙසත් මහින්ද හලංගොඩ කළමණාකරු ලෙසත් සහාය පුහුණුකරුවන් වූ චමිල ගමගේ (වේගපන්දු), උපුල් චන්දන (පන්දු රැකීම), සචිත් පතිරණ (දඟපන්දු) සහ ධම්මික සුදර්ශන (පිතිකරණ), ප්‍රියන්ත වික්‍රමසිංහ (භෞත චිකිත්සක), බුද්ධික හේරත් (අභ්‍යාසක) සහ රංජන් සෙනෙවිරත්න (දත්ත විශ්ලේෂක) සහ සිසිර වීරසිංහ (ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගම් නියෝජිත) ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලේ මෙම ඓතිහාසික ජයග්‍රහණය පසුපස සිටි බව රහසක් නොවේ.
තරග 5ක ඉනිම 5කදී අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 222ක් රැස්කළ ෂෙවොන් ඩැනියෙල් තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරු ලෙස ද කඩුලු 3 ක් දවාලමින් තරගාවලියේ වීරයා සම්මානයට උරුමකම් කී ය. මෙම තරගාවලියේදී නවක ක්‍රීඩකයින් ලෙස එක්වූ ෂෙවොන් ඩැනියෙල්, පවන් පතිරාජ, ට්‍රවින් මැතිව් සහ විනුජ රන්පුල් යන ක්‍රීඩකයින් දැක්වූ දස්කම් විශේයෙන් කැපීපෙනිනි.
චමිඳු වික්‍රමසිංහ මෙම තරගාවලියේ වාර්තාවූ එකම ශතකයට හිමිකම් කී අතර, තරග 3කදී ලකුණු 143ක් රැස්කළේය. උප නායක රවීන් ද සිල්වා එක් ශතකයක් සමගින් ලකුණු 157ක් රැස් කළ අතර, නායක දුනිත් වෙල්ලාලගේ තරග 5කදී ලකුණු 184කට කඩුලු 11ක් දවාලමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත්විය. රවීන් තරග 5ක ඉනිම 5කදී අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 222ක් (සාමාන්‍යය) රැස්කළ ෂෙවොන් ඩැනියෙල් තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත්විය. කඩුලු 3ක් දවාලූ ෂෙවොන් ඩැනියෙල්ට තරගාවලියේ වීරයා සම්මානය හිමිවිය. මෙම තරගාවලියේදී නවක ක්‍රීඩකයින් ලෙස එක්වූ ෂෙවොන් ඩැනියෙල්, පවන් පතිරාජ, ට්‍රවින් මැතිව් සහ විනුජ රන්පුල් යන ක්‍රීඩකයින් දැක්වූ දස්කම් විශේයෙන් කැපීපෙනිනි.
චමිඳු වික්‍රමසිංහ මෙම තරගාවලියේ වාර්තාවූ එකම ශතකයට හිමිකම් කී අතර, තරග 3කදී ලකුණු 143ක් රැස්කළේය. උප නායක රවීන් ද සිල්වා එක් ශතකයක් සමගින් ලකුණු 157ක් රැස් කළ අතර, නායක දුනිත් වෙල්ලාලගේ තරග 5කදී ලකුණු 184කට කඩුලු 11ක් දවාලමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත්විය. තරග 3කදී කඩුලු 3ක් දවාලූ ට්‍රවින් මැතිව්, විනුජ රන්පුල්, රවීන් ද සිල්වා සහ මතීෂ පතිරණ ද පන්දුවෙන් දස්කම් දැක්වූහ.
මෙම තරගාවලියේදී නවක ශ්‍රී ලාංකික යොවුන් ක්‍රීඩකයින් 13 දෙනෙකුට තරග වරම් ලැබුණු අතර, තරගාවලිය පුරා ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වීම විශේෂයෙන් කැපී පෙනිණි.
ඉෂානි යද්දෙහි