කොලින් පවෙල් සමඟින් සමුගන්නා
නූතනවාදී රිපබ්ලිකන් යුගය
කොලින් පවෙල් යනු ඇමරිකාවේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙකි. ප්‍රබල රිපබ්ලිකන් පාක්ෂිකයෙකි. හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ පාලන කාලයේදී බුෂ්ගේ වරට වැඩිහරියක් කර ගැසුවේ කොලින් පවෙල්ය. විශේෂයෙන්ම ඇමරිකානු විදේශ ප්රතිපත්යේදී කොලින් පවෙල්ගේ විශාල මැදිහත්වීම් දක්නට විය.
එමෙන්ම විචාරකයන් කොලින් පවෙල් හඳුන්වා දෙනු ලබන්නේ වඳවී යන සත්ත්ව සත්ත්ව විශේෂයකට අයත් පුද්ගලයකු වශයෙනි. එම සත්ත්ව විශේෂය වන්නේ නූතනවාදී රිපබ්ලිකන් පාක්ෂිකයන්ය. කොලින් පවෙල් යනු නූතනවාදී රිපබ්ලිකන් පාක්ෂිකයන් අතරින් අවසන් පුරුකක් ලෙස හඳුන්වා දෙන විචාරකයන් වැඩිදුරටත් පවසන්නේ කොලින් පවෙල්ගේ අභාවයත් සමඟ ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ එක් දේශපාලන යුගයක් අවසන් වන බවයි. කොලින් පවෙල්ගේ අභාවයට හේතුව කොවිඩ් රෝගය බවද ප්‍රකාශ වී තිබේ.
ඉස්සර කන්යේ වෙස්ට්
දැන් නිකම්ම ජස්ටි යේ
ඇමරිකාවේ අති ප්‍රසිද්ධ රැප් ගායකයකු, වැඩසටහන් නිෂ්පාදකවරයකු මෙන්ම මෝස්තර නිර්මාණ ශිල්පියකු වන කන්යේ වෙස්ට් තම නාමය වෙනස් කිරීමට පසුගියදා අධිකරණයේ පිහිට පැතීය. ඔහු තමාට ‘ජස්ට් යේ’ යන නාමය ලබා ගත යුතු බව පවසා සිටි අතර එම නම ලියාපදිංචි කිරීම සඳහා අධිකරණ අවසරයක් තිබිය යුතු බව බලධාරින්ගේ මතය විය. එම නමට මැද නමක් හෝ වාසගමක් නොවීම එයට හේතුව විය. පසුගියදා තමා කැමති නම ලියාපදිංචි කිරීමේ අවසරය ඉල්ලා උසාවියට ගිය කන්යේ වෙස්ටි ට විනිසුරුවරයා පවසා සිටියේ ඔහු එම නාමය භාවිත කිරීමට එරෙහිව කිසිවකු විරුද්ධත්වය ප්‍රකාශ කර නොමැති බැවින් තමන් එම නාමය යොදා ගැනීමට අවසර දෙන බවයි.
ඒ අනුව මෙතෙක් කල් කිම් කඩෑශියන්ගේ සැමියා වූ කන්යේ ඔමාර් වෙස්ට් මෙතැන් සිට ජස්ට් යේ නම් වනු ඇත.
සුළුතර හින්දූන්ට ගහන එක නරකයි
බංග්ලාදේශයේ සුළු ජනකොටසක් වන හින්දු භක්තියන්ට කෙරෙන පහරදීම් නවත්වා දැමිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ. එමෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානය වැඩිදුරටත් පවසා ඇත්තේ සුළුතර හින්දූන්ගේ ආරක්ෂාව සම්බන්ධව රජය වගකිවයුතු බවයි. මේ සම්බන්ධව එක්සත් ජාතින්ගේ අදහස මාධ්‍ය ඉදිරියේ දක්වමින් එම සංවිධානයේ බංග්ලාදේශයේ නිත්‍ය නියෝජිත මියා සප්පෝ පවසා ඇත්තේ එරට සමාජ මාධ්‍ය හින්දු ජනතාව කෙරෙහි එල්ල කරමින් පළ කෙරෙන දරුණු ප්‍රකාශවලින් පිරී පවතින බවයි. එමෙන්ම ධකා නගරයේ ජීවත් වන හින්දු ජනතාව දිනපතා තාඩන පීඩනවලට ලක් වෙමින් සිටින බව ඇය පවසා තිබේ.
බැලුමෙන් බිමට වැටී මිය යයි
උණුසුම් වායු බැලුනයක නැගී ගමන් ගත් පුද්ගලයකු එම බැලූනයෙන් මිදුණු එහි මගින් ගමන් ගන්නා කූඩය වැනි මහා මාර්ගයකට ඇද වැටීමෙන් මියගොස් තිබේ. මේ සිදුවීම සිදුවී ඇත්තේ උතුරු ඊශ්රායෙලයේදීය. බැලුනයේ මේ කොටස බිමට ඇද වැටිමට හේතුව තවමත් තහවුරු වී නොමැති අතර මියගොස් සිටි පුද්ගලයා බැලූනයේ ගමන්ගෙන ඇත්තේ තනිව බවද සනාථ වී තිබේ. මියගොස් ඇත්තේ යොගිව් චොවෙන් නම් වූ 28 හැවිරිදි තරුණයකු බව නිශ්චය කරගෙන තිබේ. කැමරාවල සටහන්ව තිබූ දර්ශන අනුව එම තරුණයා බැලුනයෙන් එම කූඩය වෙන් කිරීමට රැහැන්පටවල් කපා දමමින් ප්‍රබල උත්සාහයක් ගන්නා අයුරු දැක ගත හැකි වූ බවත් ඔහු එම අනතුරුදායක ක්‍රියාව සිදු කිරීමට හේතුව කුමක්දැයි මේ දක්වා අනාවරණය වී නොමැත.
ෆේස්බුක් නම වෙනස් කරයිද?
ඉදිරියේදී ෆේස් බුක් සමාගම තම නම වෙනස් කිරීමට අදහස් කර සිටින බවට රාවයක් පැතිර යමින් තිබේ. ෆේස් බුක් සමාගමේ විධායක නිලධාරීන් ඔක්තෝබර් 28 වැනිදා විශේෂ සාකච්ඡාවක් පැවැත්විමට නියමිත බවත්, ඒ දිනට සමාගමේ නම වෙනස් කරනවාද යන්න තීරණය කරනු ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන්ය.
ෆේස්බුක් සමාගම යටතේ මේ වන විටත් වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් ඇතුළු අතුරු සමාගම් රැසක් ක්‍රියාත්මක අතර මේ සමාගම් සියල්ලටම පොදු එක නමකින් සමාගම් ජාලය හැඳින්වීම සම්බන්ධව ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇති බව පැවසේ.
ගු ජරාටයේ කාන්තාවකට
අවුරුදු 70දී දරුවෙක්
ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ කාන්තාවක් වයස අවුරුදු 70දී දරුවකු බිහි කිරීමට සමත්ව තිබේ. ඒ අනුව ජූවන්බෙන් රබාරි නම් වන මේ කාන්තාවද ලොව වියපත්ම මවුරුන් අතරට එක්ව තිබේ. කෙසේ වුවද ඇයටමේ දරුවා කෘතිම සිංචනය මගින් ගැබ් ගන්වා ඇති බවටද වාර්තා තිබේ. ඉන්දියාවේ තවත් බොහෝ වියපත් කාන්තාවන්ට දරුවන් ලැබී ඇති බවට ඉතිහාස වාර්තා පෙන්වා දෙන්නේ ඒ සමඟම කිසියම් වෛද්‍යවරයකුගේ හෝ ආයතනයක නාමයද ප්‍රසිද්ධ කරමිනි. මෙවැනි සිදුවීමකට ලැබෙන ප්‍රසිද්ධියත් සමඟ දරුවන් නොමැති පුද්ගලයන් මේ ආයතන වෙත පැමිණ දරුවන් ලබා ගැනීමට උත්සාහ කරන බැවින් මෙවැනි දරු උපතක් සමඟ තම නම ප්‍රසිද්ධියට පත් කර ගැනීමට බොහෝ ආයතන කටයුතු කරන බවට තොරතුරු මාධ්‍ය වාර්තාවල සඳහන්ය.