නෙදර්ලන්ත රජපවුලට
සම සහකරුවන් කැපයි
පෙර සමලිංගික විවාහ නීති ගත කළ ලොව පළමු රට ලෙස ඉතිහාසයට එක් වූ නෙදර්ලන්තය දැන් තවත් පියවරක් ඉදිරියට තබා තිබේ. ඒ එරට රජ පවුලටද විවාහ සම්බන්ධයෙන් නීතිමය නිදහස ලබා දෙමිනි. ඒ අනුව මින් ඉදිරියට රජ පවුලේ සාමාජිකයන්ට සමලිංගික සහකරුවන් හා විවාහ වීමට අවසර ලැබෙන අතර ඔවුන් ඔටුන්නේ හිමිකාරිත්වයෙන් නෙරපා හැරීමක්ද සිදු නොකෙරේ.
මේ බව ප්‍රකාශයට පත් කරමින් පසුගියදා නෙදර්ලන්ත අගමැති මාක් රට් පවසා සිටියේ තවමත් අවිවාහකව සිටින රජ පවුලේ කුමරිය වන දා හත් හැවිරිදි කැත්රිනා අමිලියාට තමන් කැමති කෙනෙකු සමඟ විවාහ වී ඔටුන්නේ හිමිකාරීත්වයද දැරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.
නෝර්වේ හි
දුන්නෙන් විදපු ත්රස්තවාදියා
නෝර්වේ හි අරුම පුදුම ත්‍රස්තවාදියකු දුන්නෙන් විදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු මරා දමා තිබේ. පසුගිය බදාදා එරට වේලාවෙන් සවස හයට පමණ මේ සිදුවීම සිදුවී අැත්තේ නෝර්වේ අගනුවර වන ඔස්ලෝ සිට නිරත දිගින් පිහිටි කුඩා නගරයකදීය. මේ ඝාතන සිදු කළ පුද්ගලයා තිස් හත් හැවිරිදි ඩෙන්මාර්ක ජාතිකයකු බව හඳුනාගෙන තිබේ. සිදුවීම සිදුවු සැණින් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබිණි.
අංක එක වෙන්න හිතුවා මදි
මේ වන විට ලෝකයේ අංක එකේ ධනවතා බවට පත්ව සිටින එලෝන් මස්ක් ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක දෙකට සිටින් ජෙෆ් බෙසොස්ට පුංචි පහේ විහිළුවක් කර ඇතැයි වාර්තා වේ. ඒ තමා තවදුරටත් ලොව ධනවත්ම මිනිසා බවට බේසොස්ට සිහිපත් කරමිනි. ඔහු තම ප්‍රතිවාදියාට රිදී පදක්කමක ඡායාරූපයක් ට්වීටර් පණිවිඩයක් ලෙස ජෙෆ් බේසොස් වෙත යවා ඇත්තේ ඔහු සිටින්නේ ‘දෙවැනි තැන’ බවත් තමාට තවමත් අංක එක හෙවත් රන් පදක්කම හිමි බවත් සිහිපත් කරවමිනි.
මේ වන විට එලෝන් මස්ක්ගේ සම්පූර්ණ වත්කම ඩොලර් බිලියන 222ක් බව සඳහන්ය. පසුගියදා ඔහු ක්‍රියාත්මක කළ ස්පේස් එක්ස් වැඩසටහන යටතේ සංචාරකයන් අභ්‍යවකාශයට ගෙන යාම මගින් තවදුරටත් ඔහුගේ වත්කම් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
චීනය යටවෙයි
පසුගිය දින කිහිපයක් පුරා ඇදහැලුණු මහා වර්ෂාව හේතුවෙන් චීනයේ බෙයිජිං අගනුවර ප්‍රදේශ රැසක්ම ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ. නිවාස සහ ගොඩනැගිලි රැසක්ද ජලයෙන් යටවී ජනජිවිතය අඩාළ වී ඇති බවට චීන රූපවාහිනී සේවා මගින් වාර්තා කර තිබිණි. මේ අතර ගංවතුරේ සැඩපහර මායිම් නොකරමින් ධාවනය කළ බස් රථයක් සැඩපහරට හසුවීමෙන් ගසාගෙන ගොස් එහි ගමන් කරමින් සිටි මගීන් 37 දෙනෙකු අතරින් 17 දෙනෙකු මියගොස් ඇතැයිද පුවත් සේවාවල සඳහන් විය. බස් රථයේ සිටි තවත් පිරිසක් බේරා ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ අතර රියදුරා අත්අඩංගුවට ගැනිමටද කටයුතු කර තිබිණි.
මේ අතර චීනයේ හුබෙයි ප්‍රාන්තයේද ගංවතුර තත්ත්වයක් උද්ගත වීමෙන් පුද්ගලයන් රැසක් අවතැන් වී ඇති අතර ජිවිත හානි රැසක්ම වාර්තා වී තිබේ.
නැව නිසා වතුරත් නෑ
මේ වන විට රතු මුහුදේ පාවෙමින් තිබෙන අත්හැර දමන ලද තෙල් නැවක් හේතුවෙන් මිලියන ගණනක් ජනතාවට පානීය ජලය අහිමි වීමේ අවධානමක් මතුව ඇතැයි වාර්තා වේ. මේ නැවෙන් මේ වන විටත් මුහුදට තෙල් කාන්දු වෙමින් තිබෙන අතර ඒ හේතුවෙන් යේමනයේ ජනතාවට පානීය ජලය අහිමි වීමටත්, මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන පිරිසට තම රැකියා සහ බොහෝ දෙනාට තම ආහාර වේල අහිමි වීමටත් ඉඩ ඇති බව පරිසරවේදීන් පෙන්වා දී තිබේ.
මේ නෞකාව කිසිදු විසඳුමකින් තොරව තවත් සති තුනක් මෙලෙස පාවෙමින් පැවතිය හොත් සිදුවිය හැකි විනාශය අති විශාල බවත් ඔවුන් පවසා ඇත්තේ. මේ නැව 2017 වසරේදී අත්හැර දමන ලද අතර තවමත් නෞකාවේ බොරතෙල් බැරල් මිලියන 1.1ක් අඩංගුව බවට වාර්තා පැතිර යමින් තිබේ.