
'සුජීව විජයනායක පසුගිය සමයේ දිගින් දිගටම ශ්‍රී ලංකාව තුළ නම කියැවුණු බේස්බෝල් විනිසුරුවෙකි. ඔහු නිකංම නිකං බේස්බෝල් විනිසුරුවෙක් නොවේ. සුජීව යනු ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරුවරයෙකි. ඔහු ඔලිම්පික් තරගාවලියේ තාක්ෂණික ප්‍රධානියකු වශයෙන් ද කටයුතු කළේ ශ්‍රී ලංකාවට අතිමහත් ගෞරවයක් ලබා දෙමිනි. දැන් ඔහු යළිත් ගෞරවයට පාත්‍ර වී ඇත.'
'මට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය සන්නාම තානාපති ධුරයක් ප්‍රදානය කළා.
එය මම දකින්නේ මට සිදු කළ සුවිශාල ගෞරවයක් ලෙසයි.'
සුජීව විජයනායක 'ක්‍රීඩා' වෙත පැවසී ය.
පසුගිය දා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවැති උත්සවයක දී ඔහුට මෙම 'සන්නාම තානාපති' (බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්) තනතුර පිරිනැමීම සිදු කරනු ලැබුවේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා අතිනි.
'මට ඒ ගැන ගොඩාක් සතුටුයි. තානාපති සංජීව් ගුණසේකර මැතිතුමා, නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන මැතිතුමා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරින් තමයි මට ඒ සම්මානනීය තනතුර පිරිනමන්න හේතු වුණේ. ඒ වගේම ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා ඇතුළු නිලධාරීන් ද ඒ වෙනුවෙන් කටයුතු කර තිබෙනවා. සත්තකින්ම
ශ්‍රී ලාංකිකයකු වශයෙන් මම ඒ ගැන ආඩම්බර වෙනවා.' ඔහු පැවසී ය.
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තාක්ෂණ කළමනාකරුවකු ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් දිනාදීමට ඔහුට හැකි වීම සම්බන්ධයෙන් ඉමහත් සතුටට පත්වන බව එහිදී ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් විශේෂ කතාවක් කරමින් පැවසී ය.
ඔහුට ලැබුණු මෙම නව තනතුර සම්බන්ධයෙන් 'ක්‍රීඩා' කළ විමසීමේ දී සුජීව විජයනායක පැවසූයේ තමන් දෙරට අතර මිත්‍රත්වය වැඩිදියුණු කිරී-
මට උපරිමයෙන් කටයුතු කරන බවයි. 'මම ජපානයට මුලින්ම ආවේ අධ්‍යාපනය වෙනුවෙන්. එහිදී මම බොහෝ දේ මගේ ජීවිතයට එක්කර ගත්තා. වෙලාවට වැඩ කිරීම කැපවී-මෙන් වැඩ කිරීම වගේ දේවල් ඒ අතර වුණා. ඕනෑම වැඩක් වෙනුවෙන් අවංකව කැපවෙනවා නම්, සැබෑ අරමුණක් තිබෙනවා නම් එය ජය ගන්න පිළිවන්. මට මගේ මාපියන්ගෙන්, මා උගත් පාසල්වලින් ඉගැන්වූයේ එයයි. දැන් එහි ප්‍රතිඵල මා ජාත්‍යන්තර වශයෙන් ලබමින් සිටිනවා.' ඔහු පැවසී ය.
සමාජමය, ආර්ථික, ක්‍රීඩා හා සංස්කෘතික බෙදුමකින් තොරව තමන්ට ලැබුණු නව වගකීමේ නිරතවන්නට සූදානමින් සිටින බව ද ඔහු කීවේ ය. 'මට තනතුරක් නොතිබුණු සමයේත් මම
මගේ රට හා මම ජීවත් වන රට අතර මිත්‍රත්වයේ පාලම ශක්තිමත් කරන්න
වැඩ කළා. අපේ රටට බොහෝ දේ දිනා දෙන්න මට පිළිවන් වුණා. ඒ වැඩපිළි-වෙළ අගය කරන නිසා මාව මගේ
රටෙන් වගේම මම ජීවත් වන රටේදිත් ඇගැයීමට ලක්වුණා. දැන් එහි තවත් පියවරක් තමයි මේ. මම ඒකට උපරිමයෙන් සේවය ලබා දෙනවා.' ඔහු තවදුරටත් පැවසී ය.
ජපානයේ අග්‍රාමාත්‍යවරුන්, ක්‍රීඩා ඇමැතිවරුන්, ඔලිම්පික් කමිටු සභා-පතිවරුන් ඇතුළු බහුතරයක් වූ සම්-භාවනීයන් ඇසුරු කිරීමට තරම් සුද-ක්ෂයකු වූ සුජීව විජයනායක එකී සම්බන්ධතා ඉවහල් කර ගනිමින්
බොහෝ අවස්ථාව මව්බිමට දිනාදීමට සමත් විය. ශ්‍රී ලංකාව තුළ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඉදි කළ බේස්බෝල් ක්‍රීඩාංගණය ඊට කදිම නිදසුනකි. ඒ වෙනුවෙන් ජයිකා ආයතනයේ සහය සලසා ගැනීමේ දී සුවිශේෂී කර්තව්‍යයක් සිදු කළ තැනැත්තා වශයෙන් සුජීව සැලකිය හැකි ය.
අදාළ ඉඩම වෙන් කර ගැනීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර සහයෝගය සලසා ගැනීම, ජයිකා ආයතනයේ සහය සපයා ගනිමින් තාක්ෂණික නිර්නායක සකස් කිරීම, ජපානයේ ධානපතියන් මඟින් ලබා ගත් විශාල මුදලක් ක්‍රීඩාංගණය ඉදිකිරීම වෙනුවෙන් ලබා දීම ඒ අතර අමතක කළ නොහැකි සිදුවීම් ය.
'මම මගේ රට වෙනුවෙන් කළ හැකි උපරිමය කරනවා. මීට පෙර මා ස්වේච්ඡාවෙන් සිදු කළ කටයුතුවලට වඩා එහාගිය රාජකාරියක නියැළෙන්නට දැන් මට සිදුව තිබෙනවා. මේ ගෞරවය මට පිරිනැමුවේ ඒ නිසයි. ඊට සුදුසුම පුද්ගලයකු වශයෙන් කටයුතු කරන්න මම ඉදිරියේ දී ක්‍රියා කරනවා.' සුජීව විජයනායක තවදුරටත් පැවසී ය.
මේ අතර පසුගිය මාසයේ ඔහු ජාත්‍යන්තර බේස්බෝල් සම්මේලනය විසින් ද ඇගයීමට ලක්කළේ ජාත්‍යන්තර බේස්බෝල් උපදේශකයකු වශයෙන් කටයුතු කිරීමට තෝරාගනිමිනි. බේස්-බෝල් 5 ආසියාව තුළ ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ඔහු මෙලෙස ලෝක බේස්බෝල් සම්මේලනයේ උපදේශ-කයකු වශයෙන් තෝරාගෙන ඇත. ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේ අග සිට සැප්තැම්බර් මාසය දක්වා ඔහු ඒ වෙනුවෙන් එක්වූ අතර ඉදිරියේ දී එම ක්‍රීඩාව ආසියාවේ ව්‍යාප්ත කරන්න ට දායකත්වය දක්වන කණ්ඩායමට එක්කිරීමට ජාත්‍යන්තර බේස්බෝල් සංගමය ක්‍රියා කර තිබේ. 2026 වසරේ පැවැත්වීමට නියමිත යූත් ඔලිම්පික් තරගාවලිය සඳහා 'බේස්බෝල් 5' ක්‍රීඩාව හඳුන්වා දීමට ජාත්‍යන්තර බේස්බෝල් සංගමය දැනටමත් තීරණය කර ඇත. ඊට අවශ්‍ය තාක්ෂණික පුහුණුව ආසියාව තුළ ගොඩනැඟීම වෙනුවෙන් මේ අනුව සුජීවගේ සේවය සපයා ගැනීමට ඔවුන් අපේක්ෂා කරයි.
ජපන් ජාතිකයන් දහස අධික පිරිසකට මේ වන විට උපදෙස් ලබා දීමට එක්වීමට ඔහුට මෙහිදී හැකියාව උදාවී තිබීම ද විශේෂත්වයකි. මෙම ක්‍රීඩාවේ 'බේස්බෝල් 5' සම්බන්ධ ශ්‍රී ලංකාව දැනුවත් කිරීම වැඩි වශයෙන් සිදු කිරීමට අපේක්ෂා කරන බව ද සුජීව විජේනායක වැඩිදුරටත් පැවසී ය.
 
 









