ඔක්තෝබර් මාසය සුවිශේෂී මාසයකි. ඒ ඥානකාරක බුධ සිය ස්වක්ෂේත්ර උච්ච රාශියක් වන කන්‍යාවට පැමිණීමයි. එය හරියට ගෘහ මූලිකයා රට වටා ගොස් පිටස්තරව සිට සිය වාස භවනට පැමිණීම හා සමාන සිදුවීමකි. කිසිවකු තම වාසස්ථානයෙන් පිට සිටින විට සිය බලය වෙනුවට විවිධ තාඩන පීඩන වලට හසු වුවත්, තම නිවසේදී ඔහු හෝ ඇය තම ස්ව ආධිපත්‍ය බලය තහවුරු කරමින් වැජඹෙනු ඇත. ඒ ලෙසම බුධ සිය බලය පතුරන්නේ ද එලෙසිනි.
සිකුරු ද ආදරය ආලය විදහා පාන සෞන්දර්යවාදී සුකුමොළ හා පිවිතුරු සිත් සතන්වලට අධිපතිව ළමා හා කාන්තා නියෝජනය කරන ආදරයේ සෙනෙහසේ සන්නිවේදකයාය. ඒ ග්‍රහ ගමන ද එලෙසම රටට සමාජයට යහපත සමාදානය ලැබෙන්නේය. මේ අනුව බුධ ඔක්තෝබර් මස 02 වැනි බදාදා අලුයම 03.01 ට සිය ස්වක්ෂේත්ර උච්ච රාශිය වන කන්‍යාවට පිවිසෙන්නේය. සිකුරු ග්‍රහලොව සුකුමලිය ඔක්තෝබර් 02 දින උදේ 9.47 ට සිය සම රාශියක් වන වෘශ්චික රාශියට පැමිණෙන්නේය. ග්‍රහලොව බුද්ධිමතුන් බලවතුන් ලෙස ගැනෙන මෙම ග්‍රහ දෙපළ සැබවින් ම රටට හා අපට විවිධ වූ මංමාවත් ඔස්සේ පිවිතුරු බවක් ගෙන දෙන්නේ මැයි මෙතෙක් අනුවණ ලෙස රට පුරා පැවැති විවිධ කඩාකප්පල්කාරී වැඩ නිමාවන ලකුණු පෙනේ. ඒ තුළින් ළමා පරපුරගේ අධ්‍යාපන කටයුතු නව වැඩපිළිවෙළක් යටතේ නිවැරැදි පැහැදිලි ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ සඳහා රටේ විසිරී පැතිරී සිටින උගතුන් ගුණවතුන් එකට අත්වැල් බැඳ ඒකරාශී වනු ඇත. ඒ අතර ඉතා අවිනිශ්චිත ලෙස විසිරී පැතිරී ගිය කොරෝනා වඳුරු වසංගතය නිමාවන ලකුණු ද පෙනේ. අපිළිවෙළ නිමවී පිළිවෙළ මතුවන සමාජයක එම වඳුරු වසංගතයේ අඳුරු සෙවණැලි කෙමෙන් පහවන ලකුණු පෙනෙන්නට ඇති අතර ලොකු කුඩා මහලු කා අතරත් කෝවිඩ් එන්නත්කරණය ශීඝ්‍රව එන්නත්කර නිමාවන අතර බොහෝ විට ඒ සමඟම කෝවිඩ් මාරයා මර්දනය වන සේයාවක් ද පෙනෙන්නට තිබේ. ඒ කොයි හැටි වෙතත් ලොවම වෙළාගත් මේ වසංගතයෙන් ඉතා ඉක්මනින් ආරක්ෂා වන රට අප ශ්‍රී ලංකාව බව ලොව පුරා ප්‍රචලිත වීමට තරම් මේ ග්‍රහ බලය ප්‍රබල වනු ඇත. රාජ්‍ය තාන්ත්‍රිකව තිබූ බාධක නිමවනු ඇත. රජයට පොදු ජනතාවගෙන් එල්ලවූ විවිධ චෝදනා ගර්ජනා අපවාද නිමවී රජයේ ක්‍රියාවන් සමාජය අතර යහපත් ලෙස ප්‍රචලිත වෙමින් රජය යළි ස්ථාවර ශක්තියක් උදාකර ගැනීමට හා ඉදිරි වැඩසටහන් සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට බලවතුන්ට හැකිවනු ඇත.
මේ අතර විවිධ අවස්ථාවල රට තුළ මතු කළ අපරාධ රැල්ල නිමවී ළමා පරපුරට කාන්තාවට සුඛිත මුදිත බවක් මතු කිරීමට ද හේතු භූත වන බව නම් නිසැකය. මෙහිදී කාන්තා හිංසනය කාම අපරාධ නොමනා හැසිරීම් පහව ගොස් ළමා පරපුරට වූ හිංසන හා ක්‍රියාකාරකම් පහව ගොස් රටේ නීතිය ආධිපත්‍යය සර්ව සාධාරණ ලෙස ක්‍රියාවට නැංවීමට කොයි කාගේත් සහාය ලැබෙනු ඇත.
ජාත්‍යන්තර වශයෙන් එල්ලවී ඇති චෝදනා සියල්ල හිරු දුටු පිනි මෙන් වියැකී ගොස් රාජ්යතන්ත්රයේ විනිවිද භාවය පිළිබඳ ජාත්‍යන්තර නිල දරුවන්ගේ ප්‍රසාදයට ඇගයීමට පවා ලක්වී මින් පසු කිසිම දිනෙක ශ්‍රී ලංකාව කිසිවකුගේ දෝෂ දර්ශනයට බොරු චෝදනා මත පදනම්වූ විරෝධතා යටපත්ව පැහැදිලි යහපත් බවක් විදහා දැක්වෙනු ඇත. ඒ තුළින් ශ්‍රී ලංකාව ඉතා වාසනා මහිමයක් ඇති රටක් වනු නොඅනුමානය. කලාව සෞන්දර්ය අංශයන් නියෝජනය කෙරෙන සිකුරුගේ මෙම ක්‍රියා කලාපය නිසා කාන්තා පක්ෂය ලොවටම ආදර්ශ සපයන කලාකාමී බවකින් ප්‍රචලිත වන බව කිව යුතුමයි. ලාංකීය ගීත කලාව කෙමෙන් මුළු ලොව පුරා ජාතීන් අතර සංහිඳියාව එකමුතුකම දේශීය රසාස්වාදය ලොව පුරා ගෙන යාමට ද සමත්වනු නොඅනුමානය.
මෙතෙක් කෝවිඩ් ව්‍යසනය නිසා අඩපණවී තිබූ ආර්ථිකය - සංවර්ධන ක්‍රියාදාමය, අධ්‍යාපනය, සෞඛ්‍ය හා විවිධ සංවර්ධන කටයුතු නව මුහුණුවරකින් යුතුව ක්‍රියාවට නැංවෙන අතර අනාගත සුබ සිහින සැබෑ වන තත්ත්වය අත ළඟ බව එළැඹෙන ඔක්තෝබර් මාසයත් සමඟ අපට දැනෙන්නට පටන් ගනු ඇත. ඒ අතර තම තමා විසින් උපයා සපයා ගත් සියලු ජීවනෝපායයන් යළි නව මුහුණුවරකින් යුතුව ඇරඹීමට ද ඔබට අපට හැකිවනු ඇත. ඒ අතර ලග්න වශයෙන් ඔබට ලබන ඔක්තෝම්බර් මාසය අපට බලපාන අයුරු සලකා බලමු.