
මේෂ ලග්නය - ගෘහ දිවියේ කටයුතු අඩාළ වේ
මේෂ ලග්නයට අනුව චන්ද්‍රයා 11,12,01 යන ස්ථාන පසුකර යාම සුබ වුව ද ගුරු 10 වැන්නේ නීච වීම නිසා වෘත්තීය මට්ටමේ පරාජයන් කීපයකට මුහුණදීමට සිදුවේ. තම එදිනෙදා ගෘහ දිවියේ කටයුතු අඩාළ වන අතර ඥාති සබඳතා තුළින් දුරස් වීමට ද බොහෝ විට ඉඩ පවතින නිසා බුද්ධියට වඩා තම කට ඉස්සර කර ගැනීම සුදුසු නොවන බව සිතට ගන්න දණහිස හා පාදයේ වළලුකරට අසුබ ගෙනදෙනු ඇත.
වෘෂභ ලග්නය - ආර්ථික ප්‍රතිලාභ රැසක්
වෘෂභ ලග්නයට අනුව තම ආර්ථිකය සපලවන අතර රැකියා උසස්වීම් හා විවිධ ආර්ථික ජයග්‍රහණ රැසකට හිමිකම් කියයි. නිවසේ සුවිශේෂී ආගමික කටයුත්තකට මුල්තැන දෙන අතර සමාජ සේවා කටයුතු කෙරේ ද වැඩි නැඹුරුවක් දක්වන සතියකි. චන්ද්‍රයා 10,11,12 යන ස්ථාන පසුකර යාම නිසා නව ව්‍යාපාරයකට වුව ද දැනගැනීමට සුදුසු වකවානුවක් වනු ඇත. නමුත් ඒ තනි පුද්ගල ව්‍යාපාරයක් මිස සමූහ ව්‍යාපාරයකට නම් සුදුසු නැත.
මිථුන ලග්නය - රාජ්‍යතාන්ත්‍රික ඇප උපකාර
මිථුන ලග්නය හිමි ඔබට මෙම සතිය හදිසි අතුරු ආන්තරා මතුවීමට පුළුවන. තම තුනටියේ ආපදාවක් නිසා ඒ වෙනුවෙන් අධික වියදම් දැරීමකට ද ඉඩ ඇත. රවි ග්‍රහයා 4 හිද සඳු ග්‍රහයා 09,10,11 යන ස්ථාන පසුකර යාම ද නිසා වාහන ලාභ ඉඩම් හා නව නිවාස ලාභ ද පවතී. ස්ව උත්සාහයෙන් නැඟී සිටීමට උනන්දුව ඇතිවන අතර රාජ්‍ය තාන්ත්‍රික ඇප උපකාර ද හිමිවනු පෙනේ.
කටක ලග්නය - ඉඩම් ලාභයක්
කටක ලග්නයට අනුව මෙම සතිය ඔබට හදිසි ලැබීම් ගෙන දෙනු පෙනේ. ඒ ඉඩම් ලාභ හා ආර්ථික ලාභ ලෙසිනි. කෙසේ නමුදු යුග දිවියේ ගැටලුකාරී තත්ත්වයක් උදාවීමට පුළුවන. තම තනි මතයට ක්‍රියා කිරීම තුළ විය හැකි ආර්ථික පාඩුවකට ද හේතුවෙයි. තම ආයතන ප්‍රධානීන්ගේ උදහසට ලක්වීමට ද පුළුවන් නිසා තම රාජකාරි කටයුතු නිසි ලෙස කිරීමට උනන්දු වන්න.
සිංහ ලග්නය - ලොතරැයි ජය
සිංහ ලග්නයට අනුව චන්ද්‍රයා 07,08,09 යන ස්ථානවල ගමන් කිරීම ද රවි 02 වැන්නේ පසුවීම ද නිසා හදිසි ලොතරැයි ජය හා යම් යම් ජයග්‍රහණ නිසා ලැබෙන පරිත්‍යාග ද ඒ අතර වෙයි. තම යුග දිවියේ සතුට සමාදානය නොඅඩුව ලැබෙන අතර අවිවාහක අයට මංගල යෝග ද උදාවේ. ඒ අතරතුර තමා ගන්නා ලද ආහාරයක් විෂවීම නිසා අපහසුතා විඳීමට සිදුවන නිසා ද ප්‍රවේශම් වන්න.
කන්‍යා ලග්නය - පිටරට යෝග තත්ත්වයක්
කන්‍යා ලග්නයට අනුව මෙම සතිය ඔබට පිටරට යෝග හා පිටරට සිටින අයකුගේ පැමිණීම නිසා ආර්ථික ලාභ හිමිවනු ඇත. තම වාසස්ථානෙයන් බැහැරට යාමට සිදුවන අතර අධික වියදම් දැරීමට ද සිදුවේ. රවි ලග්න ගතවීම තම පිය පාර්ශ්වයෙන් උපකාර මෙන් ම රාජ්‍ය අනුග්‍රහය ලැබීම නිසා තම ව්‍යාපාර කටයුත්තක් සාර්ථක කර ගැනීමට ද ඔබට හැකිවෙයි. යටි බඩ ආශ්‍රිත උවදුරු මෙන් ම ශල්‍යකර්ම වැනි දේකට වුව ද ඔබට මුහුණදීමට සිදුවෙයි.
තුලා ලග්නය - ණය මුදලක හිමිකමක්
තුලා ලග්නයට අනුව චන්ද්‍රාචාරය 05,06,07 යන ස්ථානවල වීම ද රවි 12 ට ගුරු 4 ට යෙදීම නිසා ද තමාට තම වෘත්තීය කටයුත්තෙන් මිදී නුහුරු නුපුරුදු දුර බැහැර ස්ථානයක රාජකාරි කිරීමට යාමට සිදුවනු ඇත. එදිනෙදා කටයුතු අවුල් මනසකින් යුතුව කරගෙන යාමට සිදුවුව ද හදිසියේ තමාට පිටස්තර අයකුගෙන් ලැබෙන ණය මුදලක් නිසා කිසියම් නව ආයෝජනයකට ද ඔබට අත ගැසීමට හැකිවෙයි. පපුවේ ලේ ගමනාගමනය හා සම්බන්ධ රෝග මතු කෙරේ.
වෘශ්චික ලග්නය - නව නිවාස ලාභ
වෘෂ්චික ලග්නයට අනුව චන්ද්‍රයා 04 වැන්නේ නව නිවසක පදිංචියට යාමට ඔබට අවස්ථාව ලැබේ. අඩුම තරමින් තම නිවස අලුත්වැඩියාවක් කරගැනීමට පවා හැකිවනු ඇත. ඉඩම් සම්බන්ධව තිබූ ගැටලුවක් නිරාකරණය කර ගැනීමට ඔබට හැකිවන අතර උසස් ලැබීමකට ද හේතුවෙයි. කේන්ද්‍රයේ රවි ග්‍රහයා 11 වැන්නේ පසුවීම තමා කලක් තිස්සේ උත්සාහකර ගොඩනඟාගත් ව්‍යාපාරික කටයුත්තක් නැවත නව ජවයකින් යුතුව කරගෙන යාමට අවස්ථාව උදාවනු පෙනේ. උරහිස ආශ්‍රිත හදිසි අනතුරු පෙන්වයි.
ධනු ලග්නය- සතුරු කරදර දුරු වේ
ධනු ලග්නයට අනුව ඔබට තම වෘත්තීය ජයග්‍රහණ රැසක් හිමිවෙයි. තමාට අභියෝගාත්මකව බලපෑ සතුරු කරදර දුරුවනු ඇත. ආගමික මට්ටමේ කටයුතු කීපයකට සහසම්බන්ධ වීමට ඔබට හැකිවනු ඇත. එදිනෙදා ජීවිතයේ තමාට තම බලාපොරොත්තු සපලකර ගැනීමට පිටස්තර අයගෙන් ලැබෙන සහයෝගය දැඩිවේ. උගුරේ ආපදා තුනටියේ ආපදා පෙන්වයි. ඒ වෙනුවෙන් ධනය වැය කිරීමට ද සිදුවනු පෙනේ.
මකර ලග්නය - යහපත් ලාභ ප්‍රයෝජන
මකර ලග්නයට අනුව චන්ද්‍රයා 02,03,04 යන ස්ථානවල හැසිරීම යහපත් ලාභ ප්‍රයෝජන අත්වන සුලු වුව ද සතිය මැද වනවිට නොසිතූ කරදරයකට මුහුණදීමට සිදුවේ. තමා ළඟ සිටි අය තමාට විරුද්ධව අසත්‍ය චෝදනා එල්ල කිරීම නිසා සිතේ අසහනය අප්‍රසන්න බව මතු කරනු ඇත. ඒ නිසා ම එදිනෙදා කටයුතුවලට බාධා එල්ලවන බවක් ද පෙනේ. තම පිය පාර්ශ්වයේ අය වෙතින් අභූත චෝදනා විරෝධතා එල්ලවනු ඇත.
කුම්භ ලග්නය - නිර්මාණශීලී ජයක්
කුම්භ ලග්නයට අනුව ඔබට මෙම සතිය සුබයි. කලාකාමී අදහස් උසස් තත්ත්වයට පත්වේ. නිර්මාණශීලී බව වැඩිවේ. සමාජයේ කැපී පෙනෙන තත්ත්වයකට පත්වේ. පිටරටකට යාමේ අදහසින් කෙනෙකුට යම් මුදලක් දී තිබූ නමුත් ඒවා වංචනික ලෙස මග හරවන පිරිසක් නිසා ගැටලු ඇතිවේ. එහෙත් චන්ද්‍රයා 01,02,03 යන ස්ථානවල හැසිරීම නිසා ඔබට නීතියෙන් ලැබෙන රැකවරණය නිසා අපහසුතා ජයගැනීමට හැකිවේ.
මීන ලග්නය - මුදල් ප්‍රතිලාභ
මීන ලග්නයට අනුව ඔබට මෙම සතිය සුබයි. තම යුගදිවියේ තිබූ ගැටලු කීපයකට විසඳුම් ලැබේ. මුදල් ප්‍රතිලාභ පැවතුණ ද හදිසි ධන හානියකට වුව ද ඉඩ ඇත.
තමා රැවටීමකට නතුවීම තුළ ආර්ථික පාඩුවක් ඒ අනුව පෙන්වයි. චන්ද්‍රයා 12,01,02 යන ස්ථානවල ගමනට අනුව සතිය ආරම්භයට වඩා සතිය මැද හා අවසාන භාගය ඉතා යහපත් ලෙස ගත කිරීමට ඔබට හැකිවනු ඇත. දණහිස හා වළලුකර ආශ්‍රිත උවදුරු පෙන්වයි.