අප අතිශයින් ම ගෞරව පූර්වකව දිනපතා සුදුසු වේලාවක බුදුරජාණන් වහන්සේට මල් පහන් සුවඳ දුම් ගිලන්පස සහ ආහාර පානාදියෙන් යුතු බුද්ධ පූජාවක් තැබීම කළ යුතු වෙයි.
මේ සඳහා බුදුරජාණන් වහන්සේට පුද සත්කාර කරන බුද්ධ පූජා ගාථා බුද්ධ පූජා පොතපත්වල සඳහන් වෙයි. අතිශය ගෞරව පූර්වකව භක්තියෙන් යුතුව තබන ලබන බුද්ධ පූජාවන්ගේ ආනිශංසයෙන් ලබන පින ඉමහත්ය.
එයින් මෙලොව පරලොව සුගතිය හිමිවෙයි. නිරෝගී බව ආයුබල සම්පත් හිමිවෙයි. කරනු ලබන රැකියා ජීවන මාර්ග ව්‍යාපාර ආදී කටයුතුවල අභිවෘද්ධිය සැලසේ.
ලබාගත් එම පින් විෂ්ණු - කතරගම ලක්ෂ්මී සරස්වතී - ගණදෙවි ආදී දේව මණ්ඩලයට ද මල් පහන් පුදකර අතිශය ගෞරව පූර්වකව තමන් වඳින පුදන දෙවිවරුන්ට ද එම පින් අනුමෝදන් කළ යුතු වෙයි. පින් අනුමෝදන් වන ඉහත කී දෙවිවරු අප ඉල්ලීම් කරන අපගේ අභිවෘද්ධිය දියුණුව ආයුබල සම්පත් සලසා දෙති. රැකියා ජීවන මාර්ග දියුණුව ධන සම්පත් හා අභිවෘද්ධිය ලැබීම ලෙඩ දුක් පීඩා දුරුකර නිරෝගී සම්පත් ලැබීම වැනි දේවාශිර්වාද අප වෙත ලබාදෙනු ඇත.
බුදුරජාණන් වහන්සේට ගෞරව පූර්වකව වැඳ පුදා, බුදුන් වහන්සේගේ මහා ශ්‍රාවකයෙකු වූ සීවලී මහ රහතන් වහන්සේට ද නිසි පරිදි දිනපතා වන්දනා කිරීමෙන් ද පුද පූජා තැබීමෙන් ආර්ථික අභිවෘද්ධිය ධනසම්පත් දියුණුව රැකියා ජීවන මාර්ග දියුණුව නිරෝගි සම්පත් ලැබීම අප වෙත අනිවාර්යයෙන් ලැබෙන බව බොදු බැතිමතුන් අනාදිමත් කාලයක් තුළ වටහාගෙන ඇති කරුණකි. එම සීවලී පූජාව නිවැරදිව තැබිය යුතු ආකාරය මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නෙමු.
මෙම උතුම් සීවලී පූජාව නිසි පරිදි ඉටුකර ශ්‍රී සමෘද්ධිය ළඟා කර ගන්න.
සීවලී පූජාව නිසි පරිදි සිදු කළ යුතු ආකාරය
නමෝතස්ස සීවලී නාම
අරහත් තස්ස!
(මෙය තුන්වරක් සන්සුන්ව කියවන්න.)
සීවලී වන්දනා පූජා වාක්‍යය
දේවාති දේව වූ බ්‍රහ්මති බ්‍රහ්ම වූ, පූජාති පූජනීය වූ වන්දනීයාභි වන්දනීය වූ අප භාග්‍යවත් අරහත් සම්‍යක් ගෞතම බුද්ධ ශාසනයෙහි, ප්‍රත්‍ය ලාභීන් අතුරෙන් අග්‍ර මහා රහතන් වහන්සේ වූ,
බ්‍රහ්ම - දිව්‍ය - මනුෂ්‍යාදීන්ට ප්‍රියංකර වූ, සන්තීන්ද්‍රිය වූ, අග්ග මහා ලාභී සීවලී මහ රහතන් වහන්සේට වැඳ නමස්කාර කොට,
මේ මල් පහන් සුවඳ දුම් පැන් සහ ආහාර පාන ගිලන්පස ආදී සකල පූජෝපාහාරයන් පූජාකරමි.
පූජා වේවා! පූජා වේවා!
පූජා වේවා!
සීවලී නමස්කාර ගාථා
ප්‍රියං දේව මනුස්සානං - බ්‍රහ්මානංච ප්‍රියං තථා
පියං නාග සුපත්තානං - පීනින්ද්‍රියං නමා මහං
ලාභං ලබත්තං සබ්බත්ථ - වනේ ගාමේ ජලොඵලෙ
ලාභීන මග්ගතං පත්තං - තත්වාත කුසලං බහුං
ජල භිඤ්ඤං මහාතේජං - පභින්න පටි සම්හිදං
සුසීලං සීවලී ථෙරං - නමාමි සිරසාදරං
පහන් පූජාව
පියං දේව මනුස්සානං - කුසුමංච මනෝහරං
සුසීලං සීවලී ථෙරං - දීපේන පූජයාමිහං
සුවඳ දුම් පූජාව
පියං දේව මනුස්සානං - කුසුමංච මනෝහරං
සුසීලං සීවලී ථෙරං - ධූපේන පූජයාමිහං
මල් පූජාව
පියං දේව මනුස්සානං - කුසුමංච මනෝහරං
සුසීලං සීවලී ථෙරං - පූජේමි කුසුමේනහං
පැන්පූජාව
පූජේමි අග්ග ලාභිස්ස - සම්මා සම්බුද්ධ සාසනං
සීවලී ථෙර පාදස්ස - පූජේමි දක්ඛිණේ දකං
ආහාර පූජාව
සදා දේව මනුස්සෙහි - උපතෙන් තස්ස පච්චයෙ
සීවලී ථෙර පාදස්ස - පූජේමි භෝජනං ඉමං
ගිලන්පස පූජාව
සදා දේව මනුස්සෙහි - උපනෙන් තස්ස පච්චයෙ
සීවලී ථෙර පාදස්ස, පූජේමි ගිලාන පච්චයං
දැහැත් පූජාව
පියං දේව මනුස්සානං - කුසුමංච මනෝහරං
සුසීලං සීවලී ථෙරං පූජේමි තාම්බුලෙනහං
ප්‍රාර්ථනා ගාථාව
සබ්බේහි පච්ච ලාභීහී
සීවලී අග්ග සාවකා
බලේන සරණං නිච්චං
සබ්බලාභං උපෙත්තුමෙ
සීවලී පිරිත පළමු ගාථාව
පූරෙන්තා පාරමී සබ්බේ
සබ්බේ පච්චේක නායකා
සීවලී ගුණ තේපේන
පරිත්තං තං භනාමහේ
නජාලිති ති ජාලිතාම්
ආ ඊ ඌ ආම් ඉ ස්වාහ:
බුද්ධ සාමී බුද්ධ සත්‍යාම්
මේ ලෙසින් නිවැරැදිව සීවලී පූජාව තැබීමෙන් නිවසේ සතුට සම්පත උදාකරනවා මෙන්ම විශේෂ ලාභ සත්කාර ලබා ගත හැකි වනු ඇත.