ප්රජාතන්ත්රවාදය ඉල්ලා ලෝකයේ බොහෝ රටවල ජනතාව විවිධ අරගල වල නිරත වෙමින් සිටින වකවානුවක, ප්රජාතන්ත්රවාදයටත් වඩා ඉහළින් පිහිටි "සුපිරි ප්රජාතන්ත්රවාදය" භුක්තිවිඳින ජනතාවක් සියැසින් දැක ගැනීමේ අවස්ථාවක් අපහට යළිත් වරක් උදා විය.
ස්විට්සර්ලන්තයේ ප්‍රාන්ත දෙකක පමණක් ක්‍රියාත්මක මෙම "සුපිරි ප්රජාතන්තවාදී" ඡන්ද ක්‍රමය කොරෝනා වසංගතය හේතුවෙන් දෙවරක් කල් කල්දැමීමට සිදුවිය.
එහෙත් කොරෝනා වසංගතය යම් තරමකට පාලනය වී ඇති බැවින් "ලන්ස්ගෙමයින්ඩ් " (langsmeide)ලෙස හඳුන්වන මෙම ඡන්ද ක්‍රමය ඉකුත් සැප්තැම්බර් 5 ග්ලාරුස් ප්‍රාන්තයේ දී පැවැත්විණි.
සාමාන්‍යයෙන් සෑම වසරකම මැයි මාසයේ පළමු ඉරිදා ග්ලාරුස් පළාතේ සවුන්ඩ් ප්ලස්හී පැවැත්වෙන ලන්ස්ගෙමයින්ඩය සැලකෙන්නේ පළාතේ ඉහළම ව්‍යවස්ථාදායකය ලෙසය. පළාත් පාර්ලිමේන්තුව මඟින් ගනු ලබන තීරණ පවා අවසානයේ ලන්ස්ගෙමයින්ඩය වෙත ඉදිරිපත් කොට ජනතාවගේ කැමැත්ත ලබාගත යුතුය. මෙය ජනමත විචාරණය හා පාර්ලිමේන්තු ඡන්ද ක්රමයේ මිශ්‍රණයක් ලෙස සැලකේ. ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇති ග්ලාරුස් වැසියෝ සවුන්ඩ් ප්ලස් හි සකස් කෙරෙන විශේෂ මණ්ඩපයක් ආශ්රිත භූමියට රැස්වී "අත ඔසවා" ඡන්දය ප්‍රකාශ කරති. මෙම මණ්ඩපය ගෝලාකාර හැඩයෙන් සකස් කර තිබීමද විශේෂත්වයකි.
කිසියම් පනතක් සම්මත කර ගැනීමට පෙර එය මුලින්ම ලන්ස්ගෙමයින්ඩය මෙහෙයවන "ලන්ඩම්මන්" (Landamman) නැමැති පළාතේ ඉහළම දේශපාලන නායකයා එය සභාගත කරනු ලබයි.
ඉන් පසු එම පනතට පක්ෂ හා විපක්ෂ අය සඳහා අදහස් පළ කිරීමේ අවස්ථාව ලබා දෙනු ලැබේ. අනතුරුව අදාළ මණ්ඩපයේදී අදහස් පළ කරන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයායි. එහිදී පළාත් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් අදාළ ඡන්ද කෙටුම්පතට පළාත් රජය ගත් ස්ථාවරයට අනුව ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටී. මෙය සාමාන්‍ය සම්ප්රදායයි.
ඇතැම් පනත් සම්මත කර ගැනීම බොහෝ විට සිදුකරන්නේ විශාල වාද විවාද සිදු කිරීමෙන් අනතුරුවය.
උදාහරණයක් ලෙස මෙම වසරේ දී ඉදිරිපත්වූ බලශක්ති කරන පනත සඳහන් කළ හැකිය. මධ්‍යම රජයේ තීරණයකට පිටුපාන ලෙස වාමාංශික කොටස් ඉදිරිපත් කළ යෝජනාව දැක්විය හැකිය. පුද්ගලයින් පහළොස් දෙනෙකු පමණ අදාළ මණ්ඩපයට නැඟූ අදහස් පළ කළ අතර එම සංඛ්‍යාව සීමා කිරීමට අවසානයේ "ලන්ඩම්මන්" තීරණය කළේ.
සියල්ලන් මවිතයට පත් කරමින් මධ්‍යම රජයේ තීරණයට එරෙහිව ජනතාව අත ඔසවා ඡන්දය ප්‍රකාශ කළහ.
ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කරන්නේ අනුමානයටය. එහි අර්ථය වන්නේ ඉදිරිපත් කෙරෙන කෙටුම්පතට පක්ෂ අයට අත ඔසවන්නැයි ලන්ඩම්මන් ඉල්ලා සිටී. අනතුරුව අවස්ථාව හිමිවන්නේ ඊට විරුද්ධ අයටය. ඒ අනුව වටපිට බලා ඇසට පෙනෙන මානයට අනුව බහුතරයේ අත ඔසවා දැක් වූ ප්‍රතිචාරය ලන්ඩම්මන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබේ. ඇතැම්විට ලන්ඩම්මන්ට නිශ්චිත තීරණයක් ගැනීමට නොහැකි වන අවස්ථාද උදා වෙන අතර එවිට ඔහු සිදු කරන්නේ නැවත ඡන්ද විමසීමක් සඳහා ඡන්ද දායකයින්ට සිය අසුන්වලින් නැගී සිටින ලෙස ඉල්ලා සිටීමය. එමඟින් හෝ තමන්ට තීරණයක් ගැනීමට නොහැකි වන අවස්ථාවලදී ලන්ඩම්මන්ට සිය කැබිනට් මණ්ඩලය අදාළ මණ්ඩපයට රැස්කොට ඔවුන්ගේ සහය මත තීරණය ගැනීමේ අවස්ථාව හිමිවේ.
ප්‍රාන්ත රජයේ ප්‍රධානතම දේශපාලන තීරණ ගන්නා ස්ථානය ලෙස ලන්ස්ගෙමයින්ඩය සැලකුවත් එහි ඇති ඓතිහාසික, පෞරාණික වැදගත්කම හේතුවෙන් එය පළාතේ ප්‍රධාන සාම්ප්‍රදායික උත්සවය ලෙස පැවැත්වීමද නොවැළැක්විය හැකිය.
කෙසේ වෙතත් මෙම අවස්ථාව නැරඹීමට විදේශිකයින්ට අමතරව ස්විට්සර්ලන්තයේ විවිධ පළාත්වලින් විශාල පිරිසක් පැමිණෙති. පෙරවරු නවයට පමණ පළාත් පාලිමේන්තුට රැස්වෙන දේශපාලනඥයින්, රජයේ නිලධාරීන් හා ආරාධිත අමුත්තන් එහි සිට ලන්ස්ගෙමයින්ඩය පැවැත්වෙන ස්ථානයට පා ගමනින් පෙරහැරක් ආකාරයෙන් ගමන් කිරීම ඉතාමත් දැකුම්කලු අවස්ථාවකි.
පෙරහරේ මුලින්ම ගමන් කරන්නේ සංගීත කණ්ඩායමකි. දෙවනුව හමුදා භටපිරිස් ගමන් කරති. ඉන් පසුව පෙරහැරේ ගමන් කරන්නේ ආරාධිත අමුත්තන් හා පළාත් ඇමතිවරුන්ය. බොහෝවිට ලන්ස්ගෙමයින්ඩයෙ ආරාධිත අමුත්තා වන්නේ මධ්‍යම රජයේ ජනාධිපතිවරයා හෝ අමාත්‍යවරයෙකි.
ස්විට්සර්ලන්තයේ පළාත් විසිහයක් පවතින අතර ඉන් ලන්ස්ගෙමයින්ඩය ක්‍රියාත්මක වන්නේ පළාත් දෙකක පමණි. ඒ ග්ලාරුස් හා ඇපෙන්සෙල් ඉනර්හෝඩන් වලය.
ග්ලාරුස් පළාතේ ජීවත්වන ඡන්ද අයිතිය ඇති සෑම කෙනෙකුටම ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා වූ කාඩ්පත තැපැල් කෙරේ. ලන්ස්ගෙමයින්ඩය පැවැත්වෙන විශේෂ මණ්ඩපය පිහිටි ස්ථානයට ඇතුළුවිය හැක්කේ කාඩ්පත පෙන්වීමෙන් පසුවය.
ඇපෙන්සෙල්හි අදාළ කාඩ්පත තැපැල් කරනු ලබන්නේ කාන්තාවන්ට පමණි. පිරිමින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ ස්ථානයට ඇතුළුවීමට කාඩ් පතක් අවශ්‍ය නොවේ.
ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය වන්නේ "කඩුවකි." මෙහිදී කඩුව සලකන්නෙ ඡන්දය ප්‍රකාශ කරන ඡන්ද පත්‍රිකාවට සමාන දෙයක් ලෙසය. ඇපෙන්සෙල්හී බොහෝ පිරිමි ලන්ස්ගෙමයින්ඩය සඳහා කඩුවක් අතැතිව ගමන් කිරීම සුලබ දසුනක් වන්නේ එබැවිනි.
කෙසේ වෙතත් ලන්ස්ගෙමයින්ඩය මෙම වසරේ තවත් ඓතිහාසික එකක් බවට පත් වෙන්නේ කොරෝනා වසංගතය හේතුවෙනි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණෙන සියලු දෙනා මුඛ ආවරණ සහිතව පැමිණිය යුතු බව පළාත් ආණ්ඩුව තීරණය කොට තිබිණි. “කොරෝනා අපගේ නිදහස උදුරා ගෙන ඇති අතර, අප නැවත වැඩි නිදහසක් භාවිතා කළ වහාම කොරෝනා නැවත පහර දෙන බව පෙනේ“ යැයි ලන්ඩම්මන් මරියාඋම් ලියන්හාඩ් මෙවර ලන්ස්ගෙමයින්ඩය විවෘත කරමින් ප්‍රකාශ කළාය.
කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූවන් හා මියගිය අය ඇය සිහිපත් කළාය .
"ඇත්ත වශයෙන්ම එන්නත් සමඟ අදෘශ්‍යමාන සතුරාට ඇස් මට්ටමෙන් මුහුණදීමට ආයුධයක් දැන් අපට තිබෙන බව ඇය සඳහන් කළාය. මුලින් සඳහන් කළ ආකාරයට ලන්ස්ගෙමයින්ඩය දේශපාලනිකව මෙන්ම සාම්ප්‍රදායිකව ද විශේෂ තැනක් ගනී.
ලන්ස්ගෙමයින්ඩය පැවැත්වෙන දිනයේ දී ඒ සඳහා විශේෂ වූ ආහාර මෙනුවක් ද සකස් කර ඇති අතර එය පළාතේ හැම ආපනශාලාවක දීම ආහාරයට ගැනීමේ අවස්ථාව ලැබේ.
සුදු පැහැති "සොසේජසයකින්" හා පොඩි කර තැම්බූ අල සලාදයකින් සමන්විතය. ඊට එක්කෙරෙන ලූනූ සෝසයද එම මෙනුව ප්‍රණීතවත් කරයි.
ලන්ස්ගෙමයින්ඩය අවසානයේ පළාතේ දේශපාලනඥයින් හා ආරාධිත අමුත්තන් විශේෂ අවන්හලකදී මෙම මෙනුවේ රස බලති.
ඡායාරූප
ශෂි සුබ්‍රමනියම්