මට මා ගැන ආඩම්බරයි | සිළුමිණ

මට මා ගැන ආඩම්බරයි

 

 ට්‍රික්සි කියන්නේ ශ්‍රී ලංකාවේ දැල්පන්දුවේ හිස්ට්‍රි එකේ සුවිශාල පරිච්ඡේදයක්. ඇය එසේ මෙසේ ඉතිහාසයක් නොවෙයි. ගැඹුරු ඉතිහාසයක්. මිනිසුන්ගේ නිවැරැදි, වැරැදි තැන් තිබිය හැකියි. පරිපාලනය කරද් දී එක පාර්ශ්වයකට හොඳ වන දේ තවත් පාර්ශ්වයකට නොහොඳ වන්න පිළිවන්. නමුත් මෙහි දී වැදගත් වන්නේ සමස්ත වශයෙන් සිදු කර ඇති සේවයයි. ඒ අතින් බලද් දී ට්‍රික්සි නානායක්කාර අවිවාදයෙන්ම දේශීය දැල්පන්දුවේ හිස්ට්‍රි නානායක්කාර කියන්න පිළිවන්. මේ ඇය ගේ පරිපාලනය ගැන ‘ක්‍රීඩා’ මතකය ආවර්ජනය කිරීමක්

දැල්පන්දුව ආසියාවේ ඉහළ ම තැනට ඔසවා තැබීමට උර දීමත් ක්‍රීඩා පරිපාලිකාවක් විදියට දැල්පන්දු ක්‍රීඩිකාවන්ගේ ඉදිරි ගමන වෙනුවෙන් විශාල මුදලක් ඉතිරි කර තබා යෑමත් නිසා අද මා විශාල සතුටක් ලබනවාග’ ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ හිටපු සභාපතිනිල ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකාල හිටපු ජාතික පුහුණුකාරිනි හා දැල්පන්දු විනිසුරු ට්‍රික්සි නානායක්කාර මහත්මිය ‘ක්‍රීඩා’හා පැවසුවා යග

ර්‍ණමගේ ගම හොරණග සහෝදරයන් දෙදෙනෙක් සහ එක් සහෝදරියක් සිටින පවුලක දෙවෙනියා වුණේ මමග මගේ මහත්තයා උපාලි නානායක්කාරග මම දැල්පන්දුවට ආදරය කරනවා වගේමල මට ඉන්නේ දූලා දෙන්නෙක්ග ඒ අයත් අද රටේ ඉහළ තනතුරුවල සිටිනවාග මගේ තාත්තා රජයේ සේවකයෙක්ග ඔහුගේ ස්ථාන මාරුව නිසා හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි මට රත්නපුර මධ්‍ය මහා විද්‍යාලයට එන්න සිද්ද වුණාග හොරණ තක්ෂිලාවෙන් තමයි මගේ දැල්පන්දු ක්‍රීඩාවේ ආරම්භය සනිටුහන් වුණේග’ ඇය සිය අතීතය ගැන පවසන්නී යග

ර්‍ණඑදා අපේ පාසල අවසන් වුණේ සවස 2ග30 ටග මම තක්ෂිලාවේ හොස්ටල් එකේ ඉඳගෙනයි පාසලට ආවේග පාසල අවසන් වුණා ම ඇතැම් ළමයි කඩිමුඩියේ ගෙදර දුවනවාග නමුත් අපි ක්‍රීඩාවට ඇති දැඩි කැමැත්ත නිසා නේවාසිකාගාරයේ නැවතී සිටින ළමුන් කණ්ඩායමක් සමඟ ක්‍රීඩා කරන්න සූදානමින් ඉන්නවාග අපිට නේවාසිකාගාරයේ දී ටයිම් ටේබල් එකක් තිබුණාග එදා ආර්ගපීග සේරසිංහ කියන නේවාසිකාගාර පාලිකාව දැල්පන්දුවට තිබූ මගේ හැකියාව දැකල මාව ඒ ක්‍රීඩාව පුහුණු වෙන්න තෝරා ගත්තාග

උසස් පෙළින් පසු කොළඹ මහනගර සභාවේ ක්‍රීඩා උපදේශක තනතුරු පුරප්පාඩු වෙනුවෙන් පුවත්පතක තිබූ දැන්වීමකට අනුව මම රැකියාව ලබා ගන්නවාග ඒ මට මතක විදියට 1966 වසරෙ දි යිග එයින් පසු මට දැල්පන්දුවෙන් ලොකු පන්නරයක් ලැබුණාග කොළඹ මහනගර සභාවේ හිටපු පුහුණුකරු ආර්ගසීගඊග පෙරේරා මිස් යටතේයි අපි පුහුණු වුණේග

1975 ගණන්වල ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරන්න මට අවස්ථාව ලැබුණාග අපට එංගලන්තයල ස්කොට්ලන්තයල අයර්ලන්තයල ෂී ෂෙල්ස්වල පෙර පුහුණුවීම් තිබුණාග ඒ නිසා අපේ කණ්ඩායම විදෙස් රටවල පුහුණුවීම්වලට සහභාගි වුණාග පසුව ෂී ෂෙල්ස්වල ක්‍රීඩිකාවෝ පුහුණුවට ශ්‍රී ලංකාවට පැමිණියාග

1975 දී පළමු ආසියානු දැල්පන්දු තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිලේ නායිකාව ලෙස කටයුතු කළේ මමයිග එහි දී අපට ලැබුණේ දෙවැනි ස්ථානයග ඊට පස්සේ මම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වී දිගට ම කොළඹ මහනගර සභාවේ පුහුණුකාරිනියක ලෙස ක්‍රියා කළාග ඒ වෙද්දී 1991 සහ 1995 දැල්පන්දු ජාතික පුහුණුකරු ලෙස පත්වෙන්න මට හැකි වුණාග’ඈ පැවසුවාග

ර්‍ණකොළඹ මහනගර සභාවේ ක්‍රීඩා අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණාග තවමත් ලෝක ශුරතාවයේ හොඳම ප්‍රතිඵල වෙන්නෙ මම පුහුණුකරු වශයෙන් කටයුතු කළ 1995 වසරෙදි ලබා ගත් ප්‍රතිඵලග

වසර 2001දී ආසියාතික යොවුන් හා ලෝක ශුරතාවයේ දී මම විනිසුරුවරියක ලෙසත් කටයුතු කළාග ලෝක ශුරතාව නවසීලන්තයේ හා යොවුන් දැල්පන්දු තරගාවලිය ඉන්දියාවේ පැවැත්වූවාග 2001න් පසු දැල්පන්දු පරිපාලනයේ වියවුල් ඇති වුණාග එතැනට දේශපාලන අතපෙවීම් සිදු වුණාග සෙසු සභාපතිවරුන් වසර 2ක් සිය ධුරයේ වැඩ කළත් මට මගේ සභාපතිත්වය වසරකට සීමා කරන්න සිදු වුණාග කොහොම හරි 2009 වසරේ දී ශ්‍රී ලංකා දැල්පන්දු අතුරු පාලක කමිටු ලේකම් වුණේ මායිග

එවකට ක්‍රීඩා ඇමැති ගාමිණී ලොකුගේ පළමු අභියෝගය පිරිනැමුවාග ඒ තමයි ආසියාතික කුසලානය දිනාගෙන එන්න කියලාග එවිට පුහුණු උපදේශිකා හා කළමනාකරු ලෙස කටයුතු කළේ මමයිග 2009ට පෙර අපි ආසියාවේ 03 වැනි ස්ථානයට වැටිලා සිටියේග ඒත් ඒ ගමන අපි දිනුවාග ඒ වසර ගණනකට පස්සේග එචක කණ්ඩායම් පුහුණුකරු වුණේ තිලකා ජිනදාසයිග’ ඈ කිව්වේ ආඩම්බරයෙන්ග

ර්‍ණඑදා අපේ ක්‍රීඩිකාවන්ට ආහාර සැපයීමට අමාත්‍ය මහින්ද විජේසේකර මහතා කටයුතු කළාග 2001 අවුරුද්දෙ මා සභාපති ලෙස සිටිද් දී ආසියාතික ශුරතාව ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත්තාග එකල ජාතික පුහුණුකරු හයසින්ත් විජේසිංහග නැවත මා සභාපති වශයෙන් පත්වුණේ 2017 වසරේ දි යිග ඒ වෙද්දී 2009න් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාතික ශුරයින් බවට පත්වී තිබුණේ නැහැග

එවකට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍යතුමා යිග ඔහුත් ශ්‍රී ලංකා කණ්ඩායම ශුරයන් බවට පත්කරන්නැයි මට අභියෝගයක් ලබා දුන්නාග ඒ වන විට පැවැති සම්මේලනයේ හිස් භාණ්ඩාගාරය සමඟ අභියෝගය භාර ගත් මා ක්‍රීඩිකාවන්ට විදෙස් කණ්ඩායම් සමඟ පුහුණු තරග සැකසීම සිදු කළාග ඒ සඳහා තෝරා ගත්තේ මලාවි රටේ දැල්පන්දු කණ්ඩායමග එම ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා විලාසය උද්වේගකර හා ආසියාතික ක්‍රීඩා ශෛලයට වඩා වෙනස් වීම නිසා අප මලාවි රටේ දැල්පන්දු කණ්ඩායම තෝරා ගත්තාග

මලාවි රටේ තරග අපි දිනලා එද්දී ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතායිග එතුමා අපේ ජයග්‍රහණයට සුබ පැතුවාග ක්‍රීඩාව කරන විට අභියෝගවලට සාර්ථක ව මුහුණ දෙන්න ඕනග ඒක අපි එලෙස ම කළාග අපි ආසියාව ජය ගෙන ආ විට ලෝක ශූරතාවට යන්න අනුග්‍රාහකයෝ ගොඩක් අපට ආවාග එදා වැවිලි ඇමැතිව සිටි නවීන් දිසානායක ඇමැති රටේ හිටියේ නැහැග නමුත් පෙර පුහුණුවීම් වෙනුවෙන් අපිට රුපියල් මිලියන 5ක ආධාරයක් කළාග මලාවිවල දී අපට වැඩිය මුදල් වියදම් වුණේ නැහැග 2009 ශ්‍රී ලංකා පිලේ උපනායිකා ඉරේෂා කෝරළගේ ඉන්නේ මලාවිවල යිග ඇය හා ඇගේ ස්වාමියා මෙන්ම තවත් ශ්‍රී ලාංකික පවුල් අපට පහසුකම් සැපයුවාග ඒ නිසා ආසියානු ජයග්‍රහණයේ වැඩි ප්‍රශංසාව ඉරේෂට හා ඇයගේ ස්වාමියාට හිමි වෙන්න ඕනග

ආසියාතික ශුරතාවය ලබා ගත් කණ්ඩායම පෙර පුහුණු තරගයක් සඳහා ඇප්රිකන් බොට්සානාවලට යා යුතු ව තිබුණාග එම කණ්ඩායමේ ගුවන් ප්‍ර‍වේශ පත්වලට අනුග්‍රාහකත්වය ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් දරනු ලැබුවාග බොට්සානාවල ආහාර සැපයීම සම්බන්ධයෙන් වසන්ත උදයමාලිල නටාෂා උදයමාලි හා ශ්‍රී ලංකා පවුල්වලට මගේ ස්තුතිය පුද කරනවාග

අපට එදා නිසි වෙලාවට පුහුණුවීම් සඳහා ක්‍රීඩිකාවන් ගෙන්වා ගැනීමේ අර්බුදයට පිළියම් ලෙස රජයෙන් කළ ඉල්ලීමකට අනුව මොරටුවෙන් අපට නිවාස ලබා දුන්නාග

ඇත්තට ම කියනවා නම් ක්‍රීඩාව කියන්නේ දේශපාලනයෙන් තොර කොදෙව්වක්ග සදාදරණීය පාරාදීසයක්ග මම පරිපාලිකාවක් වශයෙන් විවිධ ආණ්ඩුවල විවිධ ක්‍රීඩා ඇමැතිවරු හා වැඩ කළාග ඒ හැම වෙලාවක ම මම සහයෝගයෙන් ක්‍රියා කළාග ඒ ගැන මට ඇත්තේ ආඩම්බරයක්ග ක්‍රීඩාව වෙනුවෙන් උපකාර කළ හැම දේශපාලනඥයකුට ම මම ස්තුතිය පළ කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවාග

අපිට ලෝකයේ බොහෝ දුර යා හැකි ක්‍රීඩාවක් තමයි දැල්පන්දු කියන්නේග අඩු ම තරමේ ලෝකයේ මුල් කණ්ඩායම් දහය අතරට අපිට පැමිණෙන්නට හැකියාවක් තිබෙනවාග ඒ වෙනුවෙන් සියලු පාර්ශ්ව එකාවන්ව වැඩ කළ යුතුයිග වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා රටේ ක්‍රීඩාවට තවත් ශක්තියක් විය යුතුයිග මම හිටපු පරිපාලිකාවක් වශයෙන් සිතන්නේ එයයිග’ අවසන් වශයෙන් තමන්ගේ පරිපාලන භූමිකාව ගැන තුටු පහටු වෙමින් ට්‍රික්සි නානායක්කාර මහත්මිය පැවැසුවාග

 

 

Comments