
පළමු ඔලිම්පික් ක්‍රීඩිකාවගෙන් ඇෆ්ගන් කතුනට ලිපියක්
ඇෆ්ගනිස්ථානය අතීතයේ අවකන් දේශය යැයි හැඳින් වූ වා. අතීතයේ අවකන් දේශය ගැන යළි ලෝකය තුළ දැඩි අවධානය නිර්මාණය ව තිබෙනවා. ඒ එරට යළි මූලධර්මවාදී තලේබාන් පාලනයකට යටත්ත් වීමත් සමඟයි. එලෙස ආණ්ඩුකරණය උදුරා ගැනීමෙන් පසු එරට සිවිල් වැසියන්ගේ පෞද්ගලික නිදහසට සිදුවනුයේ කුමක් ද? ඇෆ්ගන් සමාජය තුළ ක්‍රීඩාවට කුමක් සිදුවනු ඇත් ද? ඒ අතර තලේබාන් පාලනයක් යටතේ කාන්තා ක්‍රීඩාවට මුහුණ දීමට සිදුවන අර්බූද මොනවා ද? දැනට සමාජය තුළ ඇති උභතෝකෝටිකයක්.  ඇෆ්ගන් කතුන්ගේ ක්‍රීඩා අනාගතයේ අවිනිශ්චිත භාවය සම්බන්ධයෙන් එරට පළමු ඔලිම්පික් ක්‍රීඩිකාව දක්වන අදහස් සංගෘහිත කර ලියැවෙන ලිපියක් මේ.’
ඇෆ්ගන් කතුන්ගේ ක්‍රීඩා අනාගතයේ අවිනිශ්චිත භාවය සම්බන්ධයෙන් එරට පළමු ඔලිම්පික් ක්‍රීඩිකාව දක්වන අදහස් සංගෘහිත කර ලියැවෙන ලිපියක් මේ.’
ෆ්‍රිබා රිෂායි සැලකෙන්නේ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩාවේ ඓතිහාසික නාමයක් විදිහට. ඒ ඇය එරට නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියකට සහභාගි වූ පළමු ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන් එක් අයකු වන නිසයි.
ඈ 2004 වසරේ ඇතැන්ස් හි දී එම ගෞරවයට හිමිකම් කියූවා. එය ඇගේ පියා හා සහෝදරයන් දුටුවේ, ‘සඳ මත පළමු පියවර තැබීම.’ ලෙස යි.
“ඒක මහා අරුමැසි සිද්ධියක් නොවුණත්, ඒක සිහිවටනීය අවස්ථාවක්. මොකද ඇෆ්ගන් කාන්තාවන් ගේ ජීවිතය පැත්තෙන් බලද් දී ඒක අනුස්මරණීය සංසිද්ධියක්.’ කැනඩාවේ ජීවත් වන ඈ එහි ගොස් ඇත්තේ රැකවරණ ලබන්නියක් වශයෙනුයි.
“ආයෙත් ඇෆ්ගනිස්ථානය තුළ දැඩි ප්‍රශ්නකාරී වාතාවරණයක් නිර්මාණය වෙලා. දසක දෙකක් තිස්සේ ගොඩනැඟුණු කාන්තා නිදහස යළි හැකිළී යෑමට පටන් අරන්.’ රිෂායි කියන්නේ කනගාටුවෙන්.
“ඔවුන් රට තුළ බලය තහවුරු කර ගත්තාට පස්සේ ආණ්ඩුවක් පිහිටුවාවි. ඒ ආණ්ඩුව තමන්ට එරෙහිව කතා කළ සියලු පුද්ගලයන් පිටුපස යෑම අරඹාවි. ඒක වළක්වන්න බෑ.’ ඈ තලෙයිබාන් පාලනය ගැන අනතුරු හඟවනවා.
“ඒ අතර පාසල් ගිය, විශ්ව විද්‍යාලවලට ඇතුළු වුණු සහ ක්‍රීඩා කළ කාන්තාවන් සිටීවි. ඔවුන්ට එරෙහිව කතා කළ අය නිසැකව ම සොයාගෙන ඒවි.’ රිෂායි තලෙයිබාන් පාලනයක ප්‍රතිඵල දකින්නේ ඒ විදිහටයි.
ඈ රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවාගෙන තිබෙනවා. එය හැඳින් වෙන්නේ ‘හෙට දවසේ කාන්තා නායකයන්’ යනුවෙනුයි. එම සංවිධානය ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතිවාසිකම් අරබයා පෙනී සිටිනවා.
“මම හැමදාම ඇෆ්ගන් සහෝදරියන් සමඟ දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වනවා. ඒ හැම මොහොතක ම ඔවුන් කියන්නේ හදවත කම්පා කරන පණිවිඩයි.’ රිෂායි පවසනවා.
“පසුගිය දා ඇෆගනිස්-ථානයේ ක්‍රීඩිකාවන් කායවර්-ධනාගාරයකට ඇවිත් තිබුණා. එදා ඔවුන් එකිනෙකාගේ දෑත් තදින් අල්ලාගෙන, එකිනෙකා වැලඳගෙන පසුව සමු ගෙන තිබුණා. මොකද මේ ඔවුන් කායවර්ධනාගාරයක හමුවන අවසන් අවස්ථාව එය වනු ඇතැයි විශ්වාස කළ නිසයි. ඒ තමයි ඔවුන්ගේ නිදහස් ජීවිතයේ අවසන් දිනය.’ ඈ පවසන්නේ කනගාටුවෙන්.
 රිෂායි තලෙයිබාන් පාලනයේ කෲරතර බව නිසා දැඩි ව පීඩා විඳි කාන්තාවක්. ඇය පාකිස්තානයේ රැකවරණය ලබා පසුව බොක්සිං ක්‍රීඩාවට ආදරය කරන්න පටන්ගෙන තිබුණා. එකල ඈ මොහොමඩ් අලීගේ දියණිය වන ලයිලා අලී ක්‍රීඩා කරන ආකාරය සම්බන්ධයෙන් දිරිමත්ව සිටි බවයි ඈ පවසන්නේ. “මටත් ඇය වගේ ප්‍රතාපවත් චරිතයක් බවට පත්වෙන්නයි උවමනා වුණේ.’ රිෂායි කියනවා.
රිෂායි තලෙයිබාන් පාලනයේ කෲරතර බව නිසා දැඩි ව පීඩා විඳි කාන්තාවක්. ඇය පාකිස්තානයේ රැකවරණය ලබා පසුව බොක්සිං ක්‍රීඩාවට ආදරය කරන්න පටන්ගෙන තිබුණා. එකල ඈ මොහොමඩ් අලීගේ දියණිය වන ලයිලා අලී ක්‍රීඩා කරන ආකාරය සම්බන්ධයෙන් දිරිමත්ව සිටි බවයි ඈ පවසන්නේ. “මටත් ඇය වගේ ප්‍රතාපවත් චරිතයක් බවට පත්වෙන්නයි උවමනා වුණේ.’ රිෂායි කියනවා.
කොහොම වුණත් ඇයට බොක්සිං පුහුණුවීම් දිගින් දිගටම සිදු කළ නොහැකි වූයේ ඇෆ්ගනිස්ථානයේ දී තමන්ට හා තම පුහුණුකරුට මරණ තර්ජන එල්ල වන්නට වූ හෙයිනුයි. ඒ අනුව පුහුණුකරු ඇයව වෙනත් පුහුණුකරුවකු වෙත යොමු කළා. ඔහු ඈට ජූඩෝ ක්‍රීඩාව උගන්වා තිබුණා.
“මම තමයි ඇෆ්ගනිස්ථානය තුළ ජූඩෝ ක්‍රීඩාව උගත් පළමු ක්‍රීඩිකාව. ඒ ගැන මට අභිමානයක් තිබෙනවා.’ රිෂායි පවසනවා. ඒ නිසාම ඇයට ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් වෙනුවෙන් ඇෆ්ගනිස්ථානය නියෝජනය කරන්න ලැබෙනවා.
ඒ 2004 වසරේ ඇතැන්ස් ඔලිම්පික් තරගාවලියේ දි යි. ඈ හා ග්‍රීසියට ඔලිම්පික් ගිය අනික් එක ම ක්‍රීඩිකාව වූයේ මීටර් 100 ධාවිකාවක වන රොබිනා මුඛිම් යාර්. එහෙත් තරගාවලි කාලසටහන අනුව මුලින්ම පැවතුණේ ජූඩෝ තරගයි. ඒ නිසා තමයි රිෂායි ඇෆ්ගනින්ථානයෙන් ඔලිම්පික් උළෙලකට සහභාගි වූ පළමු ක්‍රීඩිකාව වන්නේ.
රිෂායිට ඇතැන්ස් ගිය ගමන් තරග වදින්න ලැබුණේ සිව්වරක් ලෝක ශූරිය වූ ස්පාඥ්ඥයේ ජූඩෝ ක්‍රීඩිකාව සමඟයි. එහෙයින් ඈ පළමු වටයෙන්ම පරාජය ලැබුවා.
“මට දිනන්න බැරි වුණා. ඒ ගැන හරි දුකයි. මම මගේ තාත්තාට හා මගේ වැඩිමහල් සහෝදරයාට කතා කරලා සමාව ඉල්ලුවා. මොකද මම ඔවුන්ගේ බලාපොරොත්තු බින්දා. නමුත් මගේ තාත්තයි, සහෝදරයොයි මාව අස්වැසුවා. ඔවුන් කිව්වේ මම ඉතිහාසයක් නිර්මාණය කළා කියලා.’ ඈ පවසනවා.
එහෙත් ඈ යළි ඇෆ්ගනිස්ථානයට පැමිණ මාස කීපයක් යන තුරු සැඟවී සිටියා. ඒ එරට මූලධර්මවාදී අදහස් දරන්නවුන් රිෂායිගේ මරණය අපේක්ෂා කළ නිසයි.
“මට ඇති කනගාටුව පසුගිය දසක දෙක පුරා තමන්ගේ විමුක්තිය පතා ඇෆ්ගන් කාන්තාවෝ වෙහෙස වී වැඩ කළ බව මම දන්න නිසයි. ඒ නිසාම ඔවුන් බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගත්තා. දැන් ඒ සියල්ල අවිනිශ්චිත වෙලා.’ ඈ පවසනවා.
“මගේ පැත්තෙන් බලද්දී මම සමාජය මා දිහා බලන ආකාරය ගැන සිතුවේ නෑ. ඔවුන්ගේ නින්දා සහගත බැල්ම ගැන මම සිතමින් ළතැවුණේ නෑ. මගේ නෑදෑයෝ, මා අවට සමාජ සංස්ථාව ගැන කිසිම අයුරකින් තැකුවේ නෑ. මම හැම විටම මම ගැන විතරයි විශ්වාස  කළේ. ක්‍රිඩාව ගැන ලොකු විශ්වාසයක් පවත්වාගෙන ගියා.’ රිෂායි ඇෆ්ගන් කාන්තාවන්ට විමුක්තිය සොයාගෙන ගිය ආකාරය ගැන සිහිපත් කරනවා. එහෙත් දැන් ඒ සියල්ල යළි ආපස්සට ගිහින්.
කළේ. ක්‍රිඩාව ගැන ලොකු විශ්වාසයක් පවත්වාගෙන ගියා.’ රිෂායි ඇෆ්ගන් කාන්තාවන්ට විමුක්තිය සොයාගෙන ගිය ආකාරය ගැන සිහිපත් කරනවා. එහෙත් දැන් ඒ සියල්ල යළි ආපස්සට ගිහින්.
ඈ කැනඩාවට සංක්‍රමණය වුණායින් අනතුරුව 2013න් පසු කිසි දිනක යළි මව්බිමට පැමිණියේ නෑ. එහෙත් ගෝලීය තලයේ දී ඇෆ්ගන් කාන්තාව නියෝජනය කිරීම අඛණ්ඩව සිදු කළා.
“මට අවශ්‍ය වුණේ ඇෆ්ගන් පිරිමි තරම් ම කාන්තාවටත් සමාන අයිතිවාසිකම් ඇති බව කියන්නයි. ඔවුනට ඕනෑම දෙයකට සහභාගි වන්න හැකි බව ඔප්පු කරන්නයි.’ රිෂායි කියනවා.
“කාන්තාවන්ගේ තරග, කාන්තා ක්‍රීඩාව වගේම කාන්තා අයිතිවාසිකම් කියන දේවල් සාමාන්‍ය දේ බවට පත්කරන්න මට උවමනායි. ඒවා සෙසු අයගේ දෙනෙත්වලට හුරු කරන්න, ලෝකයාට ඇෆ්ගන් කතුන් ක්‍රීඩා කරනවා කියලා දැනුම් දෙන්න, ඇෆ්ගන් කතුන් ලෝකයේ අනික් කාන්තාවන් මෙන් කාන්තා අයිතිවාසිකම් භුක්ති විඳිනවා කියලා දැනුම් දෙන්න එය තමයි මගේ උවමනාව.’ ඈ පවසන්නේ එහෙයිනුයි.
“මට කියන්න තියෙන්නේ මේ මොහොතේ ඊට යම් අභියෝගයක් එල්ලවී තිබෙනවා. නමුත් මේ අවස්ථාවේ ඇද නොවැටී ශක්තිමත් ව ඉන්න හුරු විය යුතුයි. මම සියලු ම ඇෆ්ගන් කාන්තාවන්ගෙන් ඒ දේ ඉල්ලනවා. මේක නපුරු හීනයක්. නමුත් ඒ නපුරු හීනය හැමදාම තියෙන්නේ නෑ.’ ඈ කියනවා.
‘මොකද හැමදාම එක වගේ වෙන්නේ නෑ. තත්ත්වය වෙනස් වෙනවා. මුළු ලෝකය ම සාමය විශ්වාස කරනවා. සෞභාග්‍ය ගැන අදහනවා. නැවතත් අනූව දසකයට යන්න අපිට උවමනා නෑ. බුද්ධිමත් වෙන්න. විශ්වාසයෙන් වැඩ කරන්න.’ රිෂායි පවසන්නේ එහෙයින්.
 
 









