
මෙම මස 27 දින සිට 5 දින දක්වා ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත 2020 පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරග විනිශ්චය සඳහා ශ්‍රි ලංකාවේ ප්‍රවීන විනිසුරු ත්‍රිත්වයක් අන්තර් ජාතික බැඩ්මින්ටන් සම්මේලනය විසින් පත්කොට ඇත.
එහිදී ලක්ප්‍රිය එදිරිසිංහ මහතා ප්‍රධාන විනිසුරුවරයකු ලෙසත් සමන්තා කුමාරි නවරත්න මහත්මිය හා චන්දන නිලන්ත මහතා පැති විනිසුරුවන් ලෙසත් සහභාගීවීමට නියමිතය.
1993 - 2005 දක්වා ජාතික තලයේ ශ්‍රේණිගත ක්‍රීඩකයෙකු වූ ලක්ප්‍රිය එදිරිසිංහ මහතා කොළඹ අශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අතර, 1995 සිට මේ දක්වා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා, යොවුන් ඔලිම්පික් ඇතුළු ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලි සියයට අධික ප්‍රමාණයක දී ප්‍රධාන විනිසුරුවරයෙකු හා තාක්ෂණ නිලධාරියෙකු වශයෙන් එදිරිසිංහ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කොට ඇත. ජාත්‍යන්තර විනිසුරුවරුයකුට අමතරව ඒ මහතා අන්තර් ජාතික බැඩ්මින්ටන් සම්මේලනයේ සහතිකලත් පුහුණුකරුවකු ද වේ.
1995 වසරේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර කාන්තා විනිසුරුවරිය ලෙසින් වාර්තා අතරට එක් වූ සමන්තා කුමාරි නවරත්න මහත්මිය මේ දක්වා සුදීර්මන් කුසලාන, ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර, ආසියානු ක්‍රීඩා උළෙල සහ බැඩ්මින්ටන් ඒසියා ඇතුළු ලොව වටා ජාත්‍යන්තර තරග රාශියකදී තම දායකත්වය දක්වා ඇත. මහරගම විද්‍යාකර විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වූ ඇය පාසල් සමයේදී මලල ක්‍රීඩා හා නෙට්බෝල් ක්‍රීඩිකාවක් ලෙස දස්කම් දැක්වූවාය. ජනතා වතු සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් ජනසතු සේවා බැඩ්මින්ටන් තරගාවලීන්හිදී මෙන්ම වෙළෙඳ සේවා බැඩ්මින්ටන් තරගාවලීන්හි දස්කම් දැක්වූවා ය.
1988 වසරේදී කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවට පිවිසි චන්දන නිලන්ත මහතා 1992 වර්ෂයේ සාෆ් තරගාවලියේ සිට ජාත්‍යන්තර බැඩ්මින්ටන් විනිසුරුවකු බවට පත්ව එතැන් සිට ප්‍රමුඛ පෙළ විදෙස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලි රාශියකදී විනිසුරුවකු ලෙසින් දායකත්වය ලබා දී ඇත. පාසල් සමයේදී අන්තර් පාසල් මට්ටමේදී මෙන්ම වැවිලි සංස්ථාව නියෝජනය කරමින් ජනසතු සේවා තරගාවලීන්හිදී සමස්ත ලංකා ජයග්‍රහණ රාශියක් අත්කර ගැනීමට සමත්වූ චන්දන නිලන්ත මහතා වත්මනේදී වෙළෙඳ සේවා බැඩ්මින්ටන් සංගමයේ තරගාවලි ලේකම් ලෙස කටයුතු කරන අතර, 2010 වසරේ සිට පුහුණුකරුවකු ලෙස කටයුතු කරයි.
බැඩ්මින්ටන් ක්‍රීඩාව පැරා ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට මෙවර තරගාවලියට එක් කොට ඇත.
 
 









