
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති කොවිඩ් 19 සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින්
මධ්‍යම පළාතේ පාසල් දැල්පන්දු පුහුණුකාරිනියන් බල ගැන්වීම උදෙසා තෙදින නේවාසික පුහුණු කඳවුරක් පැවැත්වීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගත්තේ ය. ඒ පසුගිය සතියේ දී ය.
මහනුවර මහනගර සභා ගෘහස්ථ ක්‍රීඩාගාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණු මෙම පුහුණු කඳවුරට මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක ත්‍රිත්වය නියෝජනය කරමින් සහභාගි වූ පාසල් පුහුණුකාරිනියන් සංඛ්‍යාව 49 කි.
ජාත්‍යන්තර කෙළිබිම තුළ මව්බිමේ කීර්ති නාමය ඔසවා තබමින් අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණ රැස් කර ගත හැකි ක්‍රීඩිකාවන් බිහි කිරීමේ මූලික පියවරක් ලෙස මෙම පුහුණු කදවුර පැවැත්වීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අංශය පියවර ගෙන තිබුණි.
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා ගේ සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) අතුල ජයවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණි.
ප්‍රායෝගික සහ න්‍යායික වැඩමුළු කිහිපයකින් බලගැන්වුණු මෙම පුහුණු කඳවුරේ දී වෛද්‍ය අසේල රත්නායක මහතා විසින් ඉදිරිපත් කරන ලද ක්‍රීඩා අනතුරු වළක්වා ගැනීම හා වත්මනට ගැළපෙන ක්‍රීඩක පෝෂණය පිළිබඳ දේශනය ද ඉහළ අගයක් ගත්තේ ය. හිටපු ජාතික පුහුණුකාරිනියක වන හයසින්ත් විජේසිංහ මහත්මිය විසින් ශිල්පීය ක්‍රම ප්‍රගුණ කිරීම සහ ක්‍රීඩිකාවන්ගේ තාක්ෂණික හැකියාව ඉහළ නංවන ආකාරය පිළිබඳව ලබා දෙන ලද ප්‍රායෝගික දැනුම ද ඒ අතර කැපී පෙනුණි.
 
 









