
බෙලරුසය යුරෝපා සංගමයට අයත් රාජ්‍යයකි. එසේ වූ පමණින් තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයක් එරට තුළ නැත. මිනිස් ජාවාරම ජයට සිදුවන, මානව අයිතිවාසිකම් උල්ලංඝණය කරනු ලබන, ප්‍රජාතන්ත්‍රවාදය නොසලකා හරින රාජ්‍යයක් වශයෙන් ඔවුනට ඇත්තේ කූප්‍රකට පිළිගැනීමකි. එහෙයින් ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් සිටිනුයේ ඔවුනට එරෙහිව අවි අමෝරාගෙන
මෙනි. පසුගිය දා ඊට උඩගෙඩි දෙන්නට බෙලරුසියානු කෙටි දුර ධාවිකාවක කටයුතු කළා ය. ඈ ක්‍රිස්ටිනා සිමැනෝස්කාවා ය.’
‘ඈ ක්ෂණයෙන් සිය දුරකථනයේ ගූගල් පරිවර්තනය ප්‍රයෝජනයට ගන්නට තීරණය කළා. එහි තමන් බලහත්කාරයෙන් රැගෙන යන බව සඳහන් කරමින් සටහන් කළ ඈ එය අන්තර් ජාලයෙන් පරිවර්තනය කර එය ගුවන්තොටුපොළේ දී ජපාන පොලිස් නිලධාරීන්ට පෙන්වූවා ය. නමුත් එය මුලින්ම නිවැරැදිව තේරුම් ගැනීමට ජපන් පොලිස් නිලධාරීන් සමත් වූයේ නෑ. එය ඇගේ මානසික පීඩනය හේතුවෙන් ඇතිවන තත්ත්වයක් බව කියන්නට බෙලරුසයේ ක්‍රීඩා නිලධාරීන් උත්සුක වද්දී ඔවුන් ක්‍රිස්ටිනා තනිකර නිලධාරීන් නොමැතිව ප්‍රශ්න කර තිබුණේ ඈ තමන්ට අඟවන්නට උත්සාහ ගන්නේ කුමක් ද යන්නයි.
වාසනාව තිබුණේ ක්‍රිස්ටිනා පාර්ශ්වයේ හෙයින් ඇයට තමන් හා බෙලරුසයේ ක්‍රීඩා බලධාරීන් අතර ඇති වී ඇති ගැටුම ප්‍රකාශ කරන්නට අවස්ථාවක් උදාවී තිබුණා. ඒ නිසා ජපාන පොලිස් නිලධාරින් වහා ක්‍රියාත්මක වී ඇය රැගෙන බෙලරුසය වෙත යාමට උත්සාහ ගනිමින් සිටි එරට ඔලිම්පික් නිලධාරීන් වළකාලනු ලැබූ
අතර එම ප්‍රවෘත්තිය අධිවේගයෙන් ලොව පුරා ව්‍යාප්ත වන්නට වුණා.
‘මම ඔලිම්පික් තරගාවලියට මාව රැගෙන ආපු බෙලරුස් පුහුණුකරුවන්ව විවේචනය කළා. ඔවුන් හදිසියේ මට කිව්වා මීටර් 400 සහාය දිවීමේ තරගයට ක්‍රීඩා කරන්න කියලා. මම මීටර් 400 සහාය දුවන්නියක් නොවෙයි. මම ආවේ කෙටි දුර ධාවිකාවක් වශයෙනුයි. මම මේ හදිසි ඉල්ලීම විවේචනය කරමින් එය ඉටුකරන්න බෑ කිව්වා. එතැනින් පසුව තමයි මේ සියලු දේ ම සිදුවුණේ.’ ක්‍රිස්ටිනා විදෙස් මාධ්‍යය වෙත පවසා තිබුණේ තමන් හා බෙලරුසය අතර මත ගැටුමක් නිර්මාණය වී මව් බිමෙන් පලා යන්නියක් වීමට ඈ ට සිදුවූයේ කෙසේ ද යන්න පැහැදිලි කරන්නයි.
‘ඔවුන්, ඒ කියන්නේ අපේ බෙලරුස් ක්‍රීඩා නිලධාරීන් මට කිව්වා ගමන් මලු සූදානම් කරගන්න කියලා. කණ්ඩායමේ නිලධාරීන් කිව්වේ ආබාධයකට ලක්වෙලා සිටින නිසා ඉක්මනින් මව්බිමට යන්න සිදුවෙලා තියෙනවා කියලා කියන්න කියායි.’ ඈ සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් කියා තිබෙනවා.
ඇය මෙලෙස ගුවන් තොටුපොළට එන අතරේ තමන්ගේ මිත්තණිය සමඟ කතාකර ඇති අතර එහිදී ඇය කියා ඇත්තේ බෙලරුසය තුළ ක්‍රිස්ටිනා සම්බන්ධයෙන් වැරදි මත රාශියක් සමාජගත කර පවතින බවයි. ‘ඔබට මානසික අවපීඩනයක් තියෙනවා කියලා මෙහේ දේශීය පත්තර කියනවා.’ මට මිත්තණිය කිව්වා.
ඇය මට අවවාද කළේ යළිත් බෙලරුසයට එන්න හිතන්නවත් එපා කියලයි. මට මගේ දෙව්පියන් උපදෙස් දුන්නේ පෝලන්තයට යන්න කියලයි. ඒ නිසයි මම ගූගල් පරිවර්තනයේ සහයෝගය අරගෙන ජපාන පොලීසියෙන් උදව් ඉල්ලුවේ. ඉස්සෙල්ලාම මම කියන්නේ මොනවද කියලා ඔවුන්ට වැටහුණේ නෑ. මේ වෙලාවේ බෙලරුස් නිලධාරීන් ඇහුවා මොකක් ද වෙන්නේ කියලා. මම කිව්වා මට ඔලිම්පික් ගම්මානයේ දෙයක් අමතක වෙලා ආවා කියලා. ඒ නිසා මට නැවත එහි යන්න අවශ්‍යයයි කියලා තමන් ඔවුන්ට කිව්වා කියලා. අන්තිමට ජපාන පොලිස් නිලධාරීන් මාව බෙලරූස් බලධාරින් ළඟින් රැගෙන ගියා.’
එයින් පසු සිදුවූයේ සියලු රංගන අවසන් වීමයි. ඇයට රැකවරණය ලබාදීමට යුරෝපානු රටවල් රාශියක් ඉදිරිපත් වූ අතර අවසානයේ ඈ පෝලන්ත තානාපති කාර්යාලයේ ලැගුම් ගත්තා. මේ වනවිට බෙලරුසයේ බොහෝ ක්‍රියාකාරීන්ගේ නවාතැන්-
පොළ බවට පත්ව ඇත්තේ පෝල-න්තයයි. ඒ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලක්සෙෂන්කෝ ගේ ආණ්ඩුව හා කට-යුතු කිරීමට නොහැකිවීම හේතුවෙන්.
එසේම පසුගිය බ්‍රහස්පතින්දා වොර්ෂෝ හි පැවැත්වූ මාධ්‍ය හමුවකදී ක්‍රිස්ටිනා තමන්ට මේ අභියෝගාත්මක අවස්ථාවේ සහාය පළකළ සියලු දෙනාට ස්තුති කළේ මේ අතරේයි.
‘මුළු ලෝකයේම මිනිස්සු හැමකෙනෙක්ම මාව ශක්තිමත් කළා.’ ඈ එහිදී කිව්වා. එසේම බෙලරුසයේ වෙසෙන තම සහෝදර ජනතාවට පණිවුඩයක් ලබාදීමට ද ඈ අමතක කර තිබුණේ නෑ.
‘මට සහෝදර බෙලරුසියානු වාසීන්ට බිය නොවන්න කියන පණිවුඩය දෙන්න කැමතියි. ඔබ ඉන්නේ පීඩනයකින් නම් නොබියව කතාකරන්න.’ යැයි ඈ කීවේ රුසියානු සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම ය.
මේ අතර ඇගේ සැමියා වන අර්සෙනි ෂිඩැන්විච් ට ද පෝලන්තයේ රැකවරණ වීසා ලබාදීමට එරට සැලසුම්කර තිබෙනවා. ‘අපි දේශපාලන ක්‍රියාකාරීන් නොවෙයි. මම විරෝධය පළ කළේ මගේ ඉසව්ව ක්‍රීඩා කරන්න නොදී වෙනත් ක්‍රීඩා ඉසව්වකට මාව තල්ලු කර දැමූ නිසයි. එයට විරෝධය දැක්වූවාට මට ඔවුන් සලකපු ආකාරය කිසිසේත් ම සුදුසු නෑ. මට ඕනෑ තව-දුරටත් ධාවකයකු වශයෙන් කටයුතු කරන්නයි.’ ක්‍රිස්ටිනා පවසනවා.
එහෙත් බෙලරුසයේ බල-ධාරීන්, දේශපාලන අධිකාරිය ඇගේ හඬ සම්බන්ධයෙන් සිටිනුයේ නො ඇසූ කන් ඇතිවයි. ඔවුන් කියන්නේ එය පූර්වව රචනා කර අධ්‍යක්ෂණය කරන ලද සිනමා පටයක් හා සමාන සිදුවීමක් මිස අන් කිසිවක් නොවන බවයි. ‘ඇයට මාන-සික ප්‍රශ්නයක් තිබෙනවා. වෛද්‍යවරු එය තහවුරු කළා.’ බෙලරුසියාව පවසා තිබුණා.
බෙලරුසියා ආණ්ඩුව කෙසේ කීව ද ඒ සම්බන්ධයෙන් සැක සංකා මතුවීම ඇත්තේ ඔවුන්ගේ පූර්ව හැසිරීම් සැලකිල්ලට ගනිමිනුයි. ඒ අනුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වහා අදාළ බෙලරුසියානු ප්‍රධාන පුහුණුකරු සහ කළමනාකරු ඔලිම්පික් ගම්මානයෙන් පිටකර තිබුණේ ඔවුන්ට ඔලිම්පික් ගම්මානයට ඇතුළුවීම තහනම් කරමිනුයි.