
ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා කමිටුව සහ ක්‍රිකට් කමිටුව ඒකාබද්ධව සංවිධානය කළ යුධ හමුදාපති ලීග් දෙවැනි පන්දුවාර 20-20 තරඟාවලියේ අවසන් තරගයේ දී ඉවෙන්ට් ටීවී වෙස්ටර්න් වොරියර්ස් පිල ලකුණු 64 කින් පරදවමින් ශූරතාව දිනා ගැනීමට සීක්කුගේ ප්‍රසන්නගේ නායකත්වයෙන් යුත් සුපර් ෆැෂන්ස් නොදර්න් වොරියර්ස් පිල සමත් විය.
ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් පිල සඳහා දක්ෂ ක්‍රීඩකයින් තෝරා ගැනීමත්, එම ක්‍රීඩකයින්ට ජාතික කණ්ඩායමේ හිටපු හා වර්තමාන ක්‍රීඩකයින් සමගින් තරග අත්දැකීම් බෙදා ගැනීමට අවස්ථාවක් ලබාදීමත් වෙනුවෙන් වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව පසුගිය 2020 වර්ෂයේදී ඇරඹි මෙම තරගාවලිය මෙවර පැවැතියේ දෙවැනි වරටයි.
මෙවර පැවැති තරගාවලියේ දී ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් වශයෙන් උපුල් තරංග, නුවන් ප්‍රදීප්, අශාන් ප්‍රියංජන්, මිලින්ද සිරිවර්ධන, ඩිල්ෂාන් මුණවීර, ධම්මික ප්‍රසාද්, ඇන්ජෙලෝ පෙරේරා, සුරංග ලක්මාල්, ළහිරු මධුසංක, චතුරංග ද සිල්වා සහ සඳුන් වීරක්කොඩි යන ක්‍රීඩකයින් එක්ව සිටියහ.
සුපර් ෆැෂන්ස් නොදර්න් වොරියස්, ඉවෙන්ට් ටීවී වෙස්ටර්න් වොරියර්ස්, ඩිමෝ සදර්න් වොරියර්ස් සහ බැට්ස්මන්.කොම් ඊස්ටර්න් වොරියර්ස් යන කණ්ඩායම් 4ක සහභාගිත්වය ඇතිව එක් කණ්ඩායමක් සමගින් අවස්ථා 2කදී තරග වැදීමට අවස්ථාව ලැබෙන පරිදි මෙවර තරගාවලියේ පළමු වටය ලීග් ක්‍රමයට පැවැත්විණි. එහිදී සහභාගි වූ තරග 6 න් තරග 5 ක ජය ලබා ලකුණු සටහනේ පෙරමුණගත් සුපර් ෆැෂන්ස් නොදර්න් වොරියර්ස් පිල සහ තරග 6 ක දී ඉන් තරග 3 ක් ජයගෙන ලකුණු සටහනේ දෙවැනි තැනට පත්වූ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ඉවෙන්ට් ටීවී වෙස්ටර්න් වොරියර්ස් පිල අවසන් තරගයට සුදුසුකම් ලැබූ හ.
පසුගිය වසරේ ශූරයින් වූ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ඩිමෝ සදර්න් වොරියර්ස් පිලට ජයගත හැකිවූයේ තරග 2 ක් පමණි. අසේල ගුණරත්නගේ නායකත්වයෙන් යුත් බැට්ස්මන්.කොම් ඊස්ටර්න් වොරියර්ස් පිල එක් තරගයක් පමණක් ජයලැබී ය.
සුපර් ෆැෂන්ස් නොදර්න් වොරියර්ස් - 142/7 (20)
ශෙහාන් ෆර්නැන්ඩු - 39* (34), පැතුම් කුමාර - 35 (32), නුවන් ප්‍රදීප් - 3/38
ඉවෙන්ට් ටීවී වෙස්ටර්න් වොරියර්ස් - 78 (16.1)
තිසර පෙරේර - 21 (19), මාලික මදුශංක - 20 (16), ගයාන් චන්ද්‍රබොස් - 4/16, අශාන් ප්‍රියන්ජන් - 3/23, සීකුගේ ප්‍රසන්න - 2/10
දින හතක් පුරා පැවති තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වුනේ උපුල් තරංගයි. ඒ ශතකයක්ද සමඟින් ලකුණු 268ක්, ඉණිම හයක් තුල ලබාගෙන. දෙවනි තැන තරඟාවලිය තුල ලකුණු 201ක් රැස්කරගත් Southern නායක දිනේෂ් චන්මාල් තහවුරු කොට ගෙන තිබුණා. ඒ අනුව තරගාවලියේ හොඳම පිතිකරුවා ලෙස උපුල් තරංග තේරී පත්වුණා.
කඩුලු 13කට් හිමිකම් කිවු සීකුගේ ප්‍රසන්න අතරඟාවලියේ හොඳම පන්දු යවන්නා බවට පත්වූ අතර ඔහු පිතිකරණයෙන්ද රැස්කල ලකුණු සංබ්‍යාව 150 ක්. මේ අනුව තරගාවලියේ වීරයා බවටද පත්වුණේ ජයග්‍රාහී නායක සීකුගේ ප්‍රසන්නයි. ගියවරද තරඟාවලියේ වීරයා බවට පත්වුණේ ඔහු වීම විශේෂත්වයක්.
ශූරතාව - සුපර් ෆැෂන්ස් නොදර්න් වොරියර්ස්
අනු ශූරතාව - ඉවෙන්ට් ටීවී වෙස්ටර්න් වොරියර්ස්
තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා - ගිහාන් කෝරලගේ (ඉවෙන්ට් ටීවී වෙස්ටර්න් වොරියර්ස්)
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා - සීක්කුගේ ප්‍රසන්න (සුපර් ෆැෂන්ස් නොදර්න් වොරියර්ස්)
තරගාවලියේ දක්ෂතම පිතිකරු - උපුල් තරංග (ඉවෙන්ට් ටීවී වෙස්ටර්න් වොරියර්ස්)
අවසන් තරගයේ වීරයා - ෂෙහාන් ප්‍රනාන්දු (සුපර් ෆැෂන්ස් නොදර්න් වොරියර්ස්)
තරගාවලියේ වීරයා - සීක්කුගේ ප්‍රසන්න (සුපර් ෆැෂන්ස්