ජැමෙයිකාවේ දී විමලේ අසරණ වෙයි | සිළුමිණ

ජැමෙයිකාවේ දී විමලේ අසරණ වෙයි

 මගේ උපරිම ශක්තිය ආරම්භයේ දී ම මම ලබා ගත්තා. මගේ රටේ දී වගේ නොවෙයි මට යම් අවදානමක් පිළිබඳ ව හැඟීමක් හිතට ඇතුළු වෙලා තිබුණා.

 ‘‘විමලේ මේක තියාගනින් වියදමට.’’ කියල මගේ අතට රුපියල් දහයක් දුන්නා. ඇත්තෙන්ම ඒ මුදල ඒ කාලේ හැටියට ලොකු ගණනක්. ඊට අමතරව මගේ අතේ තිබුණේ මගේ වැටුපෙන් ඉතිරි කර ගෙන තිබුණ මුදල් ටික. ඒවත් අරගෙන ජැමෙයිකා යන්න රටින් එළියට බැස්සා.

'විමලේ කැලණියේ දුවනගිරි ය. දුවනගිරිය යැයි කීවාට ඔහු ඇවිදින කඩයක් නොවේ. එහෙත් එකතැනක නොරැඳී දින පතා කැලණියටත්, පනාගොඩටත් දිවයමින් රැකියාවට ගිය මිනිසා නිසා දුවනගිරිය නම ඔහුටද උචිතය. ශ්‍රී ලංකාවේ මැරතන් ක්‍රීඩකයන්ට අභියෝග කළ කැලණි පුතාගේ ජීවිතයේ තවත් රසබර සිදුවීම් සමුදායකි මේ.

වර්තමානය මෙන් නොව හැට හැත්තෑව දශකයන්හි ජවන හා පිටිය මලල ක්‍රීඩාවන් හි නිරත වූවන් සිය කුසලතා දැක් වූයේ ඔවුන්ගේම සහජ හැකියාවන්ගෙන් මිස කිසිදු ගුරු උපදේශනයක් නොමැතිව ය. එය විශ්වාසය මත සිදු කළ බලාපොරොත්තු හඹා යෑමක් විය. ඔවුහු නවීන තාක්ෂණික දැනුමෙන් පොහොසත් නොවූ හ.

ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර සහ ඖෂධ පිළිබඳ නිවැරදි සෞඛ්‍යමය උපදේශන ඔවුන් සතු වූයේ ද නැත. ඒ සඳහා එකල රාජ්‍ය මට්ටමෙන් හෝ කිසිදු වැඩ පිළිවෙළක් නොවූ බැවින් විමලසේනලා ගේ යුගයේ සිටි ක්‍රීඩකයන් වාර්තා තැබූවේ සිය ගතෙහි සිතෙහි මෙන්ම දෙපාවල තිබූ ශක්තියෙන්ම පමණි. එබැවින් ඔවුන්ට මව්බිමෙහි වාර්තාගත ජයග්‍රහණයන් ලැබූව ද එතෙර පැවැති තරගයන් හි දී අභියෝග රැසකට මුහුණ පෑමට සිදුවිණි.

‘‘1966 අගෝස්තු 8 වැනි දා ජැමෙයිකාවේ පවත්වපු අට වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වෙන්න ලැබුණ අවස්ථාව තමයි මගේ මුල්ම එතෙර තරග චාරිකාව. අද වගේ නෙමේ අපිට ඒ ගමන යන්න කිසිම අනුග්‍රාහකයෙක් උදව්වට හිටියේ නැහැ. ගමන් වියදම් සියල්ල දැරුවේ රජයෙන්. එදා අද වගේ නොවෙයි අතේ වියදමට කියලාවත් අපිට මුදල් ලැබුණේ නැහැ. මට අද වගේ මතකයි වරාගොඩ අපේ ගමේ මම බොහොම ළඟින් ඇසුරු කරපු ජෝ පෙරේරා ත්, එම්.ඩී. ලීලාරත්න ත් මගේ ගමනට සුබ පතන්න ගෙදරට ඇවිත්,

‘‘විමලේ මේක තියාගනින් වියදමට.’’ කියල මගේ අතට රුපියල් දහයක් දුන්නා. ඇත්තෙන්ම ඒ මුදල ඒ කාලේ හැටියට ලොකු ගණනක්. ඊට අමතරව මගේ අතේ තිබුණේ හමුදාවෙන් ලැබුණ මගේ වැටුපෙන් ඉතිරි කර ගෙන තිබුණ මුදල් ටික. ඒවත් අරගෙන ජැමෙයිකා යන්න රටින් එළියට බැස්සා. අපි එදා ගියේ තරගයකට මිසක් සංචාරයකට නෙමේ. ඒ නිසා ඒ තරම් දැඩි මුදල් අවශ්‍යතාවයක් දැනුණේ නැහැ. මොකද සාප්පු යන්න වෙලාවක් හෝ අරමුණක් අපිට නොතිබුණු නිසා.’’ ඔහු තම පළමු විදේශීය සංචාරය ගැන සිහිපත් කළේ එසේ ය.

'අගෝස්තු මාසේ 02 දා තමයි කටුනායක ගුවන් තොටුපළින් අපි නික්ම ගියේ. අපේ ගෙදර සියලු දෙනාම වගේ ම ගමේ හිතවත් අයත් වාහන කුලියට අරගෙන මට සුබ පතන්න එදා කටුනායකට ආවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා තරගයට එවර අපේ රටෙන් තුන්දෙනෙක් විතරයි සහභාගි වුණේ. රවී ජයවර්ධන ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වටත්, ගුවන් හමුදාවේ ජී. ඒ. එස්. ගුණසිංහ බොක්සිං ඉසව්ව සඳහාත් මැරතන් ඉසව්වට මාවත් තෝරා ගෙන තිබුණා. ලංකා ඔලිම්පික් සංගමයේ එවකට හිටපු ලේකම් ඒ. ඩබ්ලිව්. මුසාෆර් මහත්තයා අපේ භාරකරු ලෙස එම තරග සංචාරයට සහභාගි වුණා. අපේ පළමු නවාතැන වුෙණ් ලන්ඩනයේ ගුවන් තොටුපළට යාබදව තිබුන ‘ජැස්ටික්’ හෝටලය. විදේශයක ගත කරන පළමු රැය නිසා එය මට අමතක නොවන අත්දැකීමක් වුණා.’’ රටින් පිටවන්නට උඩුගුවනේ දීර්ඝ ගමන් සැරියක නිරත වී එංගලන්තයට පැමිණ පළමු ගිමන් හැරුම එලෙස ඔහුට අපූරු අත්දැකීමක් වූයේ ය.

“පහුවෙනිදා අපි ජැමෙයිකාවට එද්දී හොඳටම හවස් වුණා. අපි නවාතැන් ගත්ත හෝටලයේ මමයි රවී ජයවර්ධනයි හිටියේ එකම කාමරයේ. ඔහු හරිම සරල යි. ජේ. ආර්. ජයවර්ධන කියන දැවැන්ත දේශපාලනඥයා ඔහුගේ පියා වුණා කියලා ඔහු තුළ අනවශ්‍ය ආඩම්බරයක් තිබුණේ නෑ. මම ඒ වෙන කොට නිර්මාංශයි. ඒ නිසාම ඔහු මට නිතරම පෝෂණය පිළිබඳ උපදෙස් ලබා දුන්නා. ඒ වගේම මම පුහුණුවීම් කරන කොට මුසාෆර් මහත්තය එක්ක වාහනෙන් මා පසුපස පැමිණෙමින් මට ධෛර්යක් ලබා දුන්නා. ජැමෙයිකාවේ ජීවත් වුණ ලංකාවේ පවුල් දෙකක් අපව සොයාගෙන ඇවිත් අපිට නොයෙක් අයුරින් සංග්‍රහ කළා. ඒ නිසා අපිට ජැමෙයිකාව තුළ ආගන්තුක බවක් දැනුණේ නැහැ.” ඔහු කියා සිටියේ මානසිකව තම රටින් දුරස්වීම ගැටුම්කාරී නොවීමට හේතු දක්වමිනි.

“ඒ වෙද්දී ජැමෙයිකාවට ග්‍රීෂ්ම සෘතුව. ඒ නිසා අපේ රටේ පවතින උණුසුමට වඩා වැඩි උණුසුමක් එහිදී අපිට දැනුණා. මැරතන් ඉසව්වෙන් මගේ රට වෙනුවෙන් යමක් කරන්න මම හොඳ මානසික ශක්තියකින් හිටියේ. ඒ වගේම ශාරීරික සෞඛ්‍ය තත්ත්වයත් හොඳ මට්ටමක පැවතුණා. එදා තරගයේ ආරම්භය ඉතාමත් සතුටුදායක යි. මගේ උපරිම ශක්තිය ආරම්භයේ දී ම මම ලබා ගත්තා. මගේ රටේ දී වගේ නොවෙයි මට යම් අවදානමක් පිළිබඳ ව හැඟීමක් හිතට ඇතුළු වෙලා තිබුණා. ඒ ආගන්තුක රටක නොදන්න පිරිසක් එක්ක ඔට්ටු වෙන්න සිදු වෙලා තියෙන නිසා. කිසිම දැනුමක් උපදේශයක් හෝ පුහුණුවීමක් නැතුව තමයි මේ ගමන ඇවිත් හිටියේ. සැතපුම් විසි හයක මැරතන් ධාවන තරගයේ සැතපුම් දහයේ කඩ ඉමට එන කොට මම සිටියේ ඉදිරි පෙළේ හය වෙනි ස්ථානයට ආසන්නව යි. ඒ නිසා මම තවත් මගේ ජවය වැඩි කර ගන්න උපරිම ශක්තිය යොදා ගත්තේ අඩුම තරමෙන් තුන් වෙනි තැනටවත් යන්න බලාපොරොත්තුවෙනුයි.

අපේ රටේ වගේ නෙමේ ඒ රටවල නරඹන්නෝ ලොකු සහයක් ලබා දෙන්නේ නැහැ. ඔවුන්ගේ ක්‍රීඩා සංස්කෘතිය ඒ වගේ වෙන්න ඇති කියලා මට හිතුණා. මට වැඩි දුරක් මගේ ජවය පාලනය කර ගන්න බැරි වන බව තේරුණේ ඒ අතරෙයි. හිටි හැටියේම මගේ දකුණු උරහිසේ මස් පිඩුවල වේදනාවක් ඇති වෙනවා මට දැනුණා. ගතේ වේදනාවට වඩා හිතට දැනුණ වේදනාව දරා ගන්න බැහැ. කළ හැකි කිසිම දෙයක් නොමැති තැන සැතපුම් දහතුනේ කඩ ඉම පසු කරද් දී මම තරගයෙන් ඉවත් වුණේ දරා ගන්න බැරි වේදනාවකිනුයි. කවදාවත් හැඬුමක් ආපු නැති මගේ ඇස් දෙකෙන් කඳුළු පැන්නේ ගතේ වේදනාවට වඩා සිතේ පිරුණු වේදනාව නිසයි. ”

ලබන සතියේ - අවසන් කොටස වර්තමානය මෙන් නොව හැට හැත්තෑව දශකයන්හි ජවන හා පිටිය මලල ක්‍රීඩාවන් හි නිරත වූවන් සිය කුසලතා දැක් වූයේ ඔවුන්ගේම සහජ හැකියාවන්ගෙන් මිස කිසිදු ගුරු උපදේශනයක් නොමැතිව ය. එය විශ්වාසය මත සිදු කළ බලාපොරොත්තු හඹා යෑමක් විය. ඔවුහු නවීන තාක්ෂණික දැනුමෙන් පොහොසත් නොවූ හ.

ලබන සතියේ - අවසන් කොටස

 අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ

Comments