හතරවැනි කොවිඩ් රැල්ලක අව­දා­න­මක් | Page 2 | සිළුමිණ

හතරවැනි කොවිඩ් රැල්ලක අව­දා­න­මක්

කොළඹ ආසා­දි­ත­ය­න්ගෙන් සිය­යට 30කට ඩෙල්ටා
 
මිය­ගිය සහ අසාධ්‍ය රෝගීන් බහු­ත­රය 
එක් එන්නත් මාත්‍රා­ව­ක්වත්  ලබා­නො­ගත් අයයි
- සෞඛ්‍ය ඇම­තිනි පවිත්‍රා වන්නි­ආ­රච්චි

ඩෙල්ටා ලොව පුරා ශීඝ්‍ර ව්‍යාප්තියක...

 

ඉකුත් සතියේ ලොව පුරා වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සියයට 12කින් ඉහළ ගොස් ඇති බවත් එසේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් බහුතරය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය වැලඳුණු පුද්ගලයන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය. ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුතු එම ප්‍රභේදය ඉදිරි මාස කිහිපයේදී ලොව ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට පත්වනු ඇති බවටද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. එම ප්‍රභේදය පසුගිය සතියේදී පමණක් ලොව රටවල් 13කට ව්‍යාප්ත වී ඇති බවද වාර්තා වේ. මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති සමස්ත රටවල් සහ කලාප ගණන 124ක් වන අතර ඒ අතරින් ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බ්‍රිතාන්‍යය, බංග්ලාදේශය, චීනය, ඩෙන්මාර්කය, ඉන්දුනීසියාව, රුසියාව, ඊශ්‍රායලය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක හඳුනාගන්නා ආසාදිතයන්ගෙන් සියයට 75ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් බවද වාර්තා වේ. ඒ අනුව තවත් සති 3ක් ඉක්ම යෑමට පෙර ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 20 ඉක්මවනු ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.

 

Comments