බ්‍රසීලයේ රියෝද ජනෙයිරෝ නුවර පැවැත්වුණේ නූතන ඔලිම්පික් උළෙලෙහි 31 වැනි ක්‍රීඩා උළෙලයි. එය දකුණු අමෙරිකානු රටක පවැත්වුණ ප්‍රථම ඔලිම්පික් උළෙලයි. 1968 පසු ලතින් අමෙරිකානු රටක පැවැත් වූ දෙවැනි ඔලිම්පික් උළෙලයි. මේ එම ඔලිම්පික් උළෙලේ විශේෂ සටහන් ය.
ඔලිම්පික් උළෙල පැවැත්වුණේ 2016 අගෝස්තු 5 සිට 21 දක්වාය. ආදර්ශ පාඨය ‘නව ලොවක්’ යන්නයි.
සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 11238. ක්‍රීඩා තරග 28 ක ක්‍රීඩා විශේෂ 41, ඉසව් ගණන 306 ලෝක වාර්තා 27 ක් සහ ඔලිම්පික් වාර්තා 91
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට සම්බන්ධ ජාතික ඔලිම්පික් කමිටු 205 කින් එක් තරගකරුවකු හෝ සහභාගී වීම.
සරණාගත කණ්ඩායමක් ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකු සහභාගි වීම.
එක්සත් ජනපදය පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීම. රන් පදක්කම් 46 ක් සමඟ පදක්කම් 121, බ්‍රිතාන්‍ය දෙවැනි ස්ථානයත් චීනය තුන් වැනි ස්ථානයත් හිමි කර ගැනීම. සත්කාරක බ්‍රසීලය රන් පද්ක්කම් 7 ක් දිනා, ඔවුන් ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් දිනූ අවස්ථාව ලෙස සටහන් කර ගැනීම.
ඔලිම්පික් උළෙල ඇරැඹුණේ 2016 අගෝස්තු 5 වැනි දා රියෝහි සුප්‍රකට මරකානා ක්‍රීඩාංගණයේ පැවැති සමාරම්භක උළෙලිනි. ලොව වටා බිලියන 3 ක පිරිසක් මෙම අවස්ථාව නැරඹී ය. බ්‍රසීලියානු ඉතිහාසය හා සංස්කෘතිය මෙහි දී පෙන්නුම් කෙරුණි.
බ්‍රසීලය වෙනුවෙන් ඔලිම්පික් පහන දල්වනු ලැබුවේ 2004 දී මැරතන් ලෝකඩ පදක්කම දිනූ වැන්ඩලි කොර්ඩියරෝ ඩි ලාමා ක්‍රීඩකයා විසිනි.
එක්සත් ජනපදය වාර්තාවක් තබමින් ඔලිම්පික් තරගවල සිය 1000 වැනි රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. ඒ කාන්තා මීටර් 100 මෙඩ්ලි සහය පිහිනුම් ඉසව්වෙනි.
මිමා ඉටෝ (ජපානය) මේස පන්දු කාන්තා කණ්ඩායම් ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ එයට හිමිකම් කියූ ළාබාලතම ක්‍රීඩිකාව ලෙස වාර්තාවක් ද තබමිණි. එවිට ඇගේ වයස අවුරුදු 15 දවස් 300 විය.
ඔලිම්පික් උළෙලට පැමිණි ළාබාලත ම ක්‍රීඩිකාව ලෙස වාර්තාවක් තැබුවේ නේපාලයේ ගෞරිකා සිං ය. ඒ වන විට ඇගේ වයස අවුරුදු 13 දවස් 255 විය. ඇය පිහිනුම් ක්‍රීඩිකාවක් ය.
මෙම ඔලිම්පික් උළෙලේ විශිෂ්ට ක්‍රීඩකයකු ලෙස සටහනක් තැබුවේ දකුණු අප්‍රිකාවේ වේඩ් වැන් නිකර්ක් ය. ඔහු මීටර් 400 ඉසව්වේ දී 1999 මයිකල් ජොන්සන් පිහිටුවා තිබුණ ලෝක වාර්තාව බිඳ හෙළී ය. අවුරුදු 17 ක් පැරැණි වූ වාර්තාව බිද හෙළා ඔහු පිහිටු වූ නව මීටර් 400 වාර්තාව තත්පර 43.03 කි.
සුපිරි ක්‍රීඩක නේමාර්ගේ නායකත්වයෙන් තරග වැදුණ බ්‍රසීල පාපන්දු කණ්ඩායම ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවට රන් පදක්කම දිනා ගත්තේ ය. මෙහිදී ජර්මනිය පරදවා අවසාන තරගයේ දී ජයග්‍රහණය බ්‍රසීලය වාර්තා කළේ නේමාර් එල්ල කළ දඬුවම් පහරකිනි.
සුපිරි පාපන්දු ක්‍රීඩක පේලේට පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් කළ මෙහෙවරට විශේෂ ‘ඔලිම්පික් ප්‍රණාමයක්’ පිරි නැමිණි. මෙය ක්‍රීඩකයකුට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් පිරිනමනු ලබන ඉහළම සම්මානය වේ.
රියෝ ඔලිම්පික් උළෙලේ ප්‍රථම රන් පදක්කම බ්‍රසීලයට දිනා දුන්නේ රෆායෙලා සිල්වා ක්‍රීඩිකාව විසිනි. ඒ කිලෝ ග්‍රෑම් 57 බර පන්තියේ ජූඩෝ අවසාන තරගයේ දී අංක 1 ක්‍රීඩිකා සුමියා ඩෝසුරෙන් ක්‍රීඩිකාව පරාජය කරමින් ය.
හිඩ්ලින් ඩයස් ක්‍රීඩිකාව පිලිපීනයට ඉමහත් ආස්වාදයක් ලබා දුන්නා ය. ඒ බර ඉසිලීමේ දී රිදී පදක්කමක් දිනා ගනිමින් ය. හිඩ්ලින් මෙලෙස පදක්කමක් ඔලිම්පික් උළෙලක දී දිනා දුන්නේ පිලිපීනය වෙනුවෙන් අවුරුදු 20 කට පසුවය.
ජර්මනියේ තෝමස් රෝලර් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තේ ය. රෝලර් මෙලෙස රන් පදක්කම දිනා ගත්තේ අවුරුදු 80 කට පසු ඔලිම්පික් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ජර්මනියට රන් පදක්කම දිනා දෙමිනි.
මැරතන් ධාවනය ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තේ කෙන්යාවේ එලියුඩ් කිප්චොගේ ක්‍රීඩකයායි. ඔහු දැනට ලෝක වාර්තාවට හිමිනම් කියන ක්‍රීඩකයායි.
අවුරුදු 112 කට පසු පළමු ඔලිම්පික් ගොල්ෆ් රන් පදක්කම දිනා ගත්තේ බ්‍රිතාන්‍යයේ ජස්ටින් රොස් විසිනුයි. මෙය ඔලිම්පික් ඉතිහාසයට විශේෂ සටහනක් ය.
ක්‍රිස්ටෝපර් රණසිංහ










