ඔලිම්පික් යනු ලෝකයේ අසිරිමත් සැණකෙළිය. මානව සමාජය ගොඩනැගුණු දා සිට සමස්ත ලෝකයම එකම අරමුණක පිහිටුවන අපූර්ව මතක හමුව. මේ ඒ අසිරිමත් ඔලිම්පික් ඉතිහාසය තුළ සුවිශේෂී වෙනස්කම් සිදුකළ සිදුවීම් යැයි සිතන සංසිද්ධීන් කීපයක්.
පළමු කාන්තා නියෝජනය
ඔලිම්පික් තරගාවලිය ආරම්යේ දී පිරිමින්ගේ තරගාවලියක් වුණා. ඔවුන්ගේ හැකියාව, ඔවුන්ගේ වීරත්වය පෙන්වන්න පවත්වපු තරගාවලියක් වුණු එය වෙනස් කරන්න තීරණය වුණේ 1900 වසරේ දී. ඒ ඔලිම්පික් තරගාවලිය තිබුණේ ප්‍රංශයේ පැරිස් නුවර.
කොහොමත් පැරිසිය කියන්නේ මහා සංස්කෘතියක් හිමි නගරයක්. කලාව, දේශපාලනය ඇතුළු බොහෝ මානව වාදී ක්ෂේත්‍ර තුළ ප්‍රංශය පෙරට පැමිණ කටයුතු කළ අවස්ථාවන් රැසක් ලෝක ඉතිහාසයෙන් සොයාගන්න හැකි නිසා මෙම සංසිද්ධිය ඉතා වැදගත් ලෙස දක්වන්න පිළිවන්.
පැරිස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් ලෝකයේ 997 දෙනෙක් තරගකරුවන් ලෙස සහභාගි වුණා. ඉන් 22 ක් කාන්තාවන් වුණා. ඔවුන් නියෝජනය කරලා තිබුණේ ඉසව්වක් පහකුයි. මොකද ඔලිම්පික් සංවිධායකයන් විසින් වික්ටෝරියානු සදාචාරය මූලික කරගන්නා තීන්දු තීරණ ප්‍රකාරව ටෙනිස්, රුවල් ඔරු, ක්‍රොකේට්, අශ්වාරෝහක හා ගොල්ෆ් ක්‍රීඩා වෙනුවෙන් පමණයි. නමුත් මේ වනවිට එම තත්ත්වය සම්පූර්ණය වෙනස්ව තිබෙනවා.
ඔවෙන්ස් හා හිට්ලර් අර්බූදය
1936 වසරේ ඔලිම්පික් උළෙල සංවිධානය කෙරුණේ ජර්මනියේ දී යි. නාසිවාදය විසින් ඒ වනවිට සමස්ත ජර්මනියම ග්‍රහණයට ගෙන සිටි අතර කූප්‍රකට නායකයකු වූ ඇඩොල්ෆ් හිට්ලර් ඔවුන්ගේ පාලකයා වශයෙන් එවකට කටයුතු කළා.
මේ හේතුවෙන් ඔලිම්පික් උළෙල එරට සංවිධානය කිරීමේ දී ඔහුගේ අරමුණු අතර විශේෂයෙන් පැවතුනේ ජර්මනිය සතු ශක්තිය ප්‍රදර්ශනය කිරීම සහ ඔවුන් සතු සුදු ජාතික බලය ප්‍රකට කිරීම තමයි හිට්ලර්ගේ ප්‍රධාන වුණේ.
එහිදී ඔහු ආර්යයන්ගේ විශිෂ්ටත්වය සම්බන්ධව සමාජමය වශයෙන් මතවාදයක් ගොඩනගනිමින් සිටියා. ඔහුට අවශ්‍ය වුණේ එය මෙහිදී වඩාත් ශක්තිමත් ආකාරයෙන් පිළිඹිඹු කරන්නයි. එහෙත් එවර ඔලිම්පික් තරගාවලියේ වඩා සාර්ථක ක්‍රීඩකයා බවට පත්වුණේ ජෙසී ඔවෙන්ස් කියන්නේ අමෙරිකාව නියෝජනය කළ කළු ජාතික ක්‍රීඩකයකුටයි. ඔහු මීටර් 100, 200. 100 සහය දිවීම, හා දුර පැනීම ඉසව්වන්ගෙන් රන් පදක්කම් දිනාගත්තා.
එහිදී දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම කරා යාමේදී ඔවෙන්ස්ට උපකාර කළේ ජර්මානු මලල ක්‍රීඩකයකු වන කාල් ලුඩ්විග් වීම සුවිශේෂී යි. ඔහු එහිදී රිදී පදක්කම දිනාගත්තා. දුර පැනීමේ ඉසව්ව අවසානයේ පළමුව ඔවෙන්ස්ට සුබ පැතීමට ඉදිරියට පැමිණියෙත් නාසිවාදය මගින් විශාල බලපැමක් ඇතිව තිබූ ජර්මනියේ ක්‍රීඩකයා වන ලුඩ්විග් වීම තවත් සුවිශේෂීයි.
තරගයෙන් අනතුරුව ඔවුන් දෙදෙනා එකිනෙකා සමඟ දෑත්වලින් අල්ලා ගෙන පදක්කම් පැළඳවීමේ අවස්ථාව සඳහා නික්ම ගියා. පසුකාලීනව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔවෙන්ස් මෙන්න මේ විධිහට කිව්වා. ‘ඇත්ත වශයෙන්ම හිට්ලර් ඉදිරියේ ඒ අයුරින් මගේ අත අල්ලාගෙන පදක්කම් පීඨිකාව වෙත යන්නට තරම් පුදුමාකාර ධෛර්යයක් ඔහු තුළ වුණා. ගොඩනැංවූවා. මට ඒ මොහොතේ ඔහු ගැන ඇතිවූ මිත්‍රත්වය ඉතා ගැඹුරු එකක් කියලා කියන්න පුලුවන්.’
ආබාධිත ක්‍රීඩකයන්ගේ සන්ධිස්ථානය
අද වනවිට ඔලිම්පික් තරගාවලියට පසුව ඊට සමගාමීව පැරාලිම්පික් තරගාවලිය සංවිධානය වනවා. ඒ ඔලිම්පික් තරග පැවැත්වුණු ක්‍රීඩාංගණයේ දී ම යි. එය පැවැත්වෙන්නේ ආබාධ සහිත වූ ක්‍රීඩකයන් ගේ සහභාගිත්වය සහිතවයි.
පළමුවරට මෙම සංකල්පය ලෝකයා තුළ ඇතිවුණේ 1948 වසරේදී සර් ලුඩ්විග් ගුට්මන් නමැති ස්නායු වෛද්‍යවරයා නිසයි. යුද්ධයේ දී කොඳු ඇට පෙළ ආශ්‍රිතව ආබාධයන්ට පත්ව රෝද පුටුවට වැටී ඇති රණවිරුවන්ගේ පුනරුත්ථාපන ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රීඩාව යොදාගැනීමට ගුට්මන් කටයුතු කර තිබුණා. ඒ අනුව යමින් කොඳු ඇට පෙළ ආශ්‍රිතව සෙසු වෛද්‍ය ඒකකත් එය අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් රෝහල් රෝහල් අතර ක්‍රීඩා තරගාවලියක් සංවිධානය කෙරුණා.
1960 වසරේ රෝම ඔලිම්පික් උළෙලේ දී ගුට්මන් රෝද පුටු තරගකරුවන් හාරසියයක් සහභාගි කරවා ගනිමින් මලල ක්‍රීඩා තරගාවලියක් සංවිධානය කෙරුණා. එය හැඳින්වූයේ ඔලිම්පික් සමගාමී තරගාවලිය ලෙසයි.
මෙම තරගාවලිය දින දින ශන්තිමත් භාවයට පත්වෙමින් පැරාලිම්පික් තරගාවලිය ආරම්භ වුණේ. මෙය කොයිතරම් ශක්තිමත් වූයේද යත් 2012 වසරේ ලන්ඩනයේ පැවැති පැරාලිම්පික් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 4302 ක් එක්ව සිටියේ රටවල් 164 ක් නියෝජනය කරමිනුයි. ඒ ඉසව් 503 ක් නියෝජනය කරමින්.
සියවැනි ඔලිම්පික් වසර ආලෝකමත් කළ අලී
මොහොමඩ් අලී තමයි නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භවී සිය වැනි වර්ෂය සම්පූර්ණ වද්දී ඔලිම්පික් පහන දැල්වීමට සහභාගි වුණේ. (1960 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වූ ඔහුට අමෙරිකානු අවන්හලකදී සුදු ජාතිකයන්ට පමණක් එහි සේවය සලසා ගතහැකැයි පවසමින් ඉන් ඉවත්කිරීම සමඟ ඇතිකරගත් ගැටුම අවසානයේ තමන් දිනූ ඔලිම්පික් පදක්කම ගඟකට විසිකර දමා තිබුණා. )
ඊට හරියටම වසර තිස් හයකට පසුව ඔහු 1996 වසරේ ඇතැන්ස් නුවර පැවැති 100 වැනි සංවත්සරය සමරන අවස්ථාවේදි ඔහුට නව පදක්කමක් ප්‍රදානය කරන්නට කටයුතු කළා.
කල්ලන්ගේ සවිය පෙන්වූ උත්තමාචාරය
1968 වසරේ මෙක්සිකෝ ඔලිම්පික් තරගාවලියේ දී සම්පූර්ණයෙන්ම දේශපාලන හැසිරීමක් ප්‍රකට කළ තරගාවලියක් වූයේ ය. ඒ මීටර් 200 තරග ඉසව්වේ රන් හා ලෝකඩ පදක්කම් දිනූ අප්‍රිකානු - අමෙරිකානු සම්භවයක් සහිත ටොමී ස්මිත් හා ජෝන් කාලෝස් එක්ව (Tommie Smith and John Carlos) තම අත මොළවමින් ‘කළු බලය’ යනුවෙන් සමාචාරයක් පවත්වා සිටියේ පදක්කම් පැළඳවීමේ පීඨිකාව මත සිට තම රටේ ජාතික කොඩිය ඉහළට එසැවෙන තුරු ය.
එය අමෙරිකානු සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටි පෙරමුණු ඉහළින් සැමරූ අතර ඒ වනවිට එවැනි පෙරමුණවල ඇතැම් නායකයින් කියා තිබුණේ ඔලිම්පික් තරගාවලිය වර්ජනය කිරීමට කළු ජාතික ක්‍රීඩකයන් කටයුතු කළ යුතු බවයි. කෙසේනමුත් මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ හිංසාකාරී නොවන හැසිරීමක් ලෙස ප්‍රකාශ වුණු අතර එය ස්මිත් හඳුන්වා තිබුණේ මානව හිමිකම් උත්තමාචාරය යනුවෙනි. එම තරගයේ දෙවැනි ස්ථානය දිනූ ඔස්ට්‍රේලියානු ජාතික පීටර් නෝමන් නමැති සුදු ජාතික ක්‍රීඩකයා ද ඊට සහය දක්වමින් වේදිකාව මත රැඳී සිට තිබුණේ ය.
මියුනිච් ත්‍රස්වාදය
1972 වසරේ පලස්තීන ත්‍රස්තවාදීන් කණ්ඩායමක් විසින් ඊශ්‍රායලයට අයත් ක්‍රීඩක කණ්ඩායමට සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාරය ඔලිම්පික් සංකල්පයට එල්ල වූ මාරක පහරක් ලෙසින් සැලකෙයි. එහිදී ඔවුන් විසින් ඊශ්‍රායල් ක්‍රීඩකයන් 11 දෙනෙකු ඝාතනය කෙරුණු අතර එය සිදුකර තිබුණේ ඔලිම්පික් ගම්මානයට වැටෙන් පැන ඇතුළු වීමෙනි. අත්අඩංගුවට ගෙන ප්‍රාණ ඇපකරුවන් වශයෙන් තබාගෙන සිටි තවත් ක්‍රීඩකයන් නව දෙනෙකු ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කර තිබුණේ ගලවා ගැනීමේ ප්‍රයත්නයන් රැසක් අසාර්ථක භාවයට පත්කරමිනි.
අප්‍රිකානු රාජ්‍යයන් වර්ජනය කිරීම
වර්ණ භේද වාදී ගැටලුව දැඩිව පැවැති යුගයේ දී නවසීලන්ත රග්බි කණ්ඩායම දකුණු අප්‍රිකාව තුළ සංචාරය කිරීමට විරෝධය දක්වමින්, අප්‍රිකානු රාජ්‍යයන් 25 ක් මොන්ට්‍රියෙල් ඔලිම්පික් උළෙල වර්ජනය කරනු ලැබිණි. ඉරාකය සහ ගයනාව ද මෙම විරෝධයට සහය දක්වමින් එම ඔලිම්පික් උළෙලට සහභාගි නොවීය.
එවකට කෙන්යානු විදේශ ඇමැති වශයෙන් කටයුතු කළ ජේම්ස් ඔසෝගෝ නිවේදනයක් නිතුක් කරමින් කියා සිටියේ, ‘කෙන්යානු රජය සහ ජනතාව සිතන්නේ පදක්කම් වලට වඩා ප්‍රතිපත්ති වඩා වැදගත්’ කියාය.
මේ අතර දකුණු අප්‍රිකාවට 1964 වසරේ සිට වර්ණභේද වාදී ප්‍රතිපත්ති හේතුවෙන් ඔලිම්පික් සහාගිත්වයට තහනමක් පැනවීම සිදුකෙරුණේය. එලෙසින්ම 1980 වසරේ දී අමෙරිකානු ක්‍රීඩක කණ්ඩායම විරෝධතා දැක්වූයේ එවකට සෝවියට් සමූහ ආණ්ඩුව විසින් ඇෆ්ගනිස්ථානය තුළ සිදුකරමින් ඇති ආක්‍රමණවලට විරෝධය පාමිනි.
කාන්ති ජයසිංහ