
‘ඔලිම්පික් පාඩම් අතර ජය පැරදුම හමුවේ නොසැලී ඉන්නේ කොහොම ද කියන කාරණය ප්‍රබලව උගන්වනවා. ලෝකය පවතින්න හැකි වන්නේ ජය පැරදුම සමව සිතන මිනිසුන්ගෙන් මේ සමස්ත ලෝකයම පිරී යන විට. එමෙ නැතිව ආවේගයන්ට පමණක් කටයුතු කරන්න පෙලඹෙන මිනිසුන්ගෙන් සමාජය පිරී ගියොත් සිදුවන්නේ කුමක් ද? එය ඇතැම් විට සිතාගන්නත් බැරි තරම් ම්ලේච්ඡ වේවි. ඔලිම්පික් කියන්නේ ඒ ම්ලේච්ඡත්වය බිඳින්නට ලොව නිර්මාණය කළ ප්‍රධානතම අවිය කියලා කිවිය හැක්කේ එහෙයිනි. මේ ඔලිම්පික් ගැන කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනෝමා රත්නායක තවත් අදියරකින් සිදුකරන පැහැදිලි කිරීමක්.’
ප්‍රශ්න කියන්නේ බාහිරව පවතින දෑ. හුඟාක් දෙනෙක් කරන්නේ මේ බාහිරව පවතින ප්‍රශ්න මනසට දාගෙන විඳවන එකයි. සමහරු ප්‍රශ්නවලට බයේ හැංගෙනවා.තවත් සමහර අය ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙනවා. ජය පරාජය කියන්නේ ම ජිවිතයේ අප මුහුණ දිය යුතු දේ. ඒ ජය පැරදුමට මුහුණ දෙද්දී ඇතිවන අත්දැකීම් එක්ක තමයි අප ශක්තිමත් වන්නේ. එවිටයි අප ගොඩනැඟෙන්නේ. ක්‍රීඩාව තුළත් එය එසේමයි. සංවර්ධනය වෙමින් පවතින රටක ක්‍රීඩාව ගැන කතා කරද්දී අපටත් ගැටලු ඇතිවෙනවා. ප්‍රශ්න තිබෙන හැම විටම එය හොඳ අවස්ථාවක් කර ගනිමින් කටයුතු කිරීමයි අප විසින් සිදු කළ යුතු වන්නේ.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මේ දක්වාම ප්‍රශ්න ඉදිරිපත් කළේ නෑ. ප්‍රශ්න හොඳ අවස්ථාවක් කර ගෙන එයට ප්‍රතිපාදන සැකසුවා. ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය අඩු උනාම අලුත් පියවරක් යටතේ තමන්ගේ වැඩපිළිවෙළ වෙනස් කළා. නිවැරැදිව කට-යුතු කිරීම මඟින් ආයතනය හැම අතින්ම ශක්තිමත් වනවා. එවිට විශ්වීය බවක් ඊට ඇතුළත් වෙනවා.
අද ලෝකය ඉන්නේ කෝවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වෙමින්. සමාජීය වශයෙන් ක්‍රීඩාව ආරක්ෂා කිරීමටත්, ක්‍රීඩකයන්ගේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සඳහාත් තරග කල් දැමීම් ආදිය මෙ වන විට සිදුවෙමින් තිබෙනවා. මෙවැනි තත්ත්වයක් මැද අධ්‍යාපනය අතින් බැලුවත් සාමාන්‍ය තත්ත්වයට වඩා විශාල වැඩ කොටසක් ක්‍රීඩාව මඟින් සිදු කිරීමට අපට සිදුව තිබෙන බව කිව යුතුයි.
මේ සඳහා ක්‍රීඩාව හා සම්බන්ධ ක්‍රීඩාවට තැමැත්තක් දක්වන ආයතන සමඟ වඩාත් සුහදශීලිව කටයුතු කිරීමට පියවර ගත යුතු කාලයක් එළඹ තිබෙනවා. ලොව බොහෝ රටවල මේ තත්වයන් අවබෝධ කර ගනිමිනුයි ක්‍රියා කරන්නේ.
මේ සඳහා නිවැරැදි ආදර්ශයක් සපයා දීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ක්‍රියාකාරීත්වය හොඳම නිදර්ශනයක්. එය ලොව සෑම රටකම ක්‍රීඩාව සඳහා හොඳ ආදර්ශයක්. බලවත් ආයතන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ ක්‍රීඩාව නඟා සිටුවන්නට ඒ ඒ ආයතනවල වගේම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ද අරමුණු ඉටු කර ගැනීමටත් කටයුතු කරනවා. ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රසිද්ධ වැඩසටහන්වලට යොමු කරවා ගනිමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා.
මිනිසුන් වෙනස් වන්නේ ආකල්ප වෙනස් වූ විටයි. ආකල්ප ඇති වන්නේ මිනිසුන්ගේ හැසිරීම් මතයි. ආකල්ප සැමවිටම නිවැරදි විය යුතුයි. ඔලිම්පික් පිළිබඳවත් බොහෝ මිනිසුන් ආකල්පය පටලවාගෙන ඇති බවක් පෙනෙනවා. ජීවිතය ලිහාගත නොහැකි නූල් පන්දුවක් මෙන් පටැලැවී ඇතත් මිනිසාගේ ආකල්ප වෙනස් වන්නේ නම් ඒ නූල් බෝල්ය ලිහා ගත හැකියි. ඒ සඳහා ඔලිම්පික් යනු කදිම වේදිකාවක්.
1968 වසරේ මෙක්සිකෝවේ, මෙක්සිකෝ නගරයේ පැවැති ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර් 200 ධාවන ඉසව්වෙන් රන් හා ලෝකඩ පදක්කම් දිනූ ටොමී ස්මිත් සහ ජොන් කාලෝස් එක්සත් ජනපද ගීතය වාදනය අවසන් වන තුරුම කළු අත්වැසුමක් සහිත අතක් ඔසවා සිටීම මඟින් වර්ණවාදය නිසා පෙළෙන තම වර්ගයාගේ මානව හිමිකම ලොවට හඩඟා කීමට ඔලිම්පික් අවස්ථාවක් කර ගතත්තා. ඔලිම්පික් දේශපාලනය සඳහා නොවුණද සමාජ සාධාරණත්වය උදෙසාත් භාවිත කළ හැකි වන්නේ ඒ නිසයි.
අපි ඔලිම්පික් ජය ගත යුතුයි. එහෙත් අපි ඊට වඩා ජය ගත යුත්තේ ඔලිම්පික් ආකල්පයයි. අපට ඔලිම්පික්වල නියම රසය විඳින සමාජයක් බිහි කළ හැකියි. අප දිනන්නේ අප සතු දක්ෂතාවයන්ට හෝ දැනුමෙන් නොව අපගේ ආකල්පයන් නිවැරැදි වන තරමටයි. ඔබ ඔබම වෙන්න. ඔබට කළ නොහැක්කක් නැහැ.
සැබෑ ක්‍රීඩකයන් බිහි වන්නේ ක්‍රීඩා පිට්ටනියක් තුළින් ම පමණක් නොවන බව සිහි තබාගන්න. ඔබේ සිත ද ශක්තිමත් ක්‍රීඩකයෙක්. ජීවිතය තුළ ඔබ තරග කරන්නේ ඔබේ ආකල්ප සමඟයි. ඒ වෙනුවෙන් විශාල ශක්තියක් අවශ්‍යයි. මනස සමඟ සටන්
කොට ඔබ ඔබේ ආකල්ප හොඳ දේවල්වලට හරවා ගන්නවා නම් ඔබ ඔලිම්පික් පදක්කමක් දිනුවා හා සමානයි. ඔබට එය කරන්නට පුළුවන්.
ඔලිම්පික්වල හරයන් අවබෝධ කොට ගෙන සැබෑ කොටස්කරුවෙක් වන්න. එවිටයි ඔලිම්පික්වල නියම ආශිර්වාදය ඔබට ලබා ගත හැක්කේ දැන් තරගයක පැවැතිය යුතු සැබෑ ජීව ගුණය නසාගෙන තරගකාරිත්වය නැමැති ආකල්පය පැමිණ ඇති බව පෙනෙන්නට තිබීම කනගාටුවට කරුණක්. එයින් සිදුවන්නේ ක්‍රීඩාවේ, ඔලිම්පික් නමැති මහා ක්‍රීඩා සංකල්පයේ සැබෑ අරමුණ පදක්කම් හි සෙවණැල්ලට යටපත් වීමයි. එය සැබැවින්ම අප ගැඹුරින් අවබෝධ කරගෙන කටයුතු කළ යුතු තත්ත්වයක්.
තවත් කොටසක් ලබන සතියේ
කාන්ති ජයසිංහ










