ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ගැන කෙටියෙන් දැනගනිමු | සිළුමිණ

ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ගැන කෙටියෙන් දැනගනිමු

 

ඔලිම්පික් උලෙළ ජපානයේ ටෝකියෝ හි දී ආරම්භ වීමට ඇත්තේ තවත් දින කීපයක් පමණි. මේ ඔලිම්පික් ඉතිහාසයේ අමතක නොවන කාරණාවන් කීපයකි.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඇරැඹුණේ 1894 ජුනි 23 වැනි දා ප්‍රංශයේ පැරිස් නුවර දී ය.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මූලස්ථානය - ලුසෑන් :ස්විට්ස්ර්ලන්තය

ප්‍රධාන ඔලිම්පික් තේමාව - 'ජවය, පිම්ම, ශක්තිය' එය සකස් කළේ පැරිස් නුවර පාසල් විදුහල්පතිවරයකු වූ ගරු ඩිඩ්යොන් පියතුමා විසිනි.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිල භාෂාවන් - ප්‍රංශ හා ඉංග්‍රීසි

ඔලිම්පික් සංකේතය එකට බැඳුණු වළලු පහ- එය මහද්වීප පහේ එකමුතුව පෙන්නුම් කරයි.

ඔලිම්පික් වර්ණ පහ - නිල්, කහ, කළු, කොළ හා රතු

ඔලිම්පික් කොඩිය - ප්‍රථම වරට 1920 දී 'ඇන්ට්වර්ප්'

ඔලිම්පික් පන්දම - 1936 සිට 'බර්ලින්'

ඔලිම්පික් දිවුරුම් දීම -ප්‍රථම වරට 1920 'ඇන්ට්වර්ප්'

පිරිමි තරග - 1896 දී 'ඇතන්ස්'

'කාන්තා තරග - 1904 දී 'සාන්ත ලූවිස්'

පාපන්දු තරග - 1900 දී 'පැරිස්'

බොක්සිං තරග - 1904 දී 'සාන්ත ලුවිස්'

කාන්තා මලල ක්‍රිඩා - 1928 දී 'ඇම්ස්ටර්ඩෑම්'

1996 ඔලිම්පික් තරගවල ශත සංවත්සර ක්‍රීඩා උලෙළ පැවැත්වූයේ - ඇට්ලැන්ටා 'එක්සත් ජනපදය'

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ වාර්තමාන සභාපතිවරයා- තෝමස් බාත් 'ජර්මනිය' 2013 සිට

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රථම සභාපතිවරයා-'දිමිත්‍රියස් වයික්ලස්' -ග්‍රීසිය

ඔලිම්පික් ක්‍රිඩා උලෙළ පවත්වා තිබෙන ආසියනු රටවල්-1964 -ජපානය 1988 , දකුණු කොරියාව 2008 ,

චීනය- 2021 -ජපානය

නූතන ඔලිම්පික් නිර්මාතෘවරයා- බැරන් පියරේ ඩීග කුබර්නින්

'ප්‍රංශය' ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරය දැරූ කාලය -'1896 සිට 1925'

පැරැණි ඔලිම්පික් තරගවල වැඩිම පදක්කම්ලාභියා - ලියෝනාඩස් :ක්‍රි.පූ. 164 - 152 - දිවිමේ තරග ජයග්‍රහණ 12

වැඩිම පදක්කම්ලාභි ක්‍රීඩිකාව - 'ලැරිසා ලැටිනිනා -රුසියාව-පදක්කම් 18

ඔලිම්පික් මහා ඛේදවාචකය - 1972 මියුනික් තරග වල දීග පලස්තින ගරිල්ලා කණ්ඩායමක් විසින් ඊශ්‍රායෙල් ක්‍රිඩකයින්

11 දෙනකු මරා දැමීම

පැරණි ඔලිම්පික් තරග වල ආරම්භය - ක්‍රිස්තු පූර්ව 776 දී

පැරණි ඔලිම්පික් තරග වල කේන්ද්‍රීය ස්ථානය - ග්‍රීසියේ ඔලිම්පියා පැරණි තැනිතලාව

පැරැණි ඔලිම්පික්වල උපහාරය - සියුස් දෙවියාට

පැරැණි ඔලිම්පික් තරගවල නිමාව - ක්‍රිස්තු වර්ෂ 393 දී

පැරැණි ඔලිම්පික්වල ජයග්‍රාහකයන්ට ලැබුණේ - ඔලිව් කොළ අත්තක්

ඔලිම්පික් උලෙළට සහභාගි වූ ග්‍රීක විද්වතුන් - සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් පයිතරගරස්, හිපෝක්‍රටිස්

පැරණි ඔලිම්පික් වල මුලින්ම පැවැත්වුණේ - ධාවන තරග පමණි

පැරැණි ඔලිම්පික් වල ඔලිව් සම්මාන වැඩියෙන් දිනූ

ක්‍රිඩාකයෙක් - ක්‍රෝටන් හි වයිලෝ නම් ක්‍රීඩකයා -ක්‍රි.පූ. 540 - 516

මල්ලව පොර ජයග්‍රහණ 6

නූතන ඔලිම්පික් තරගවල වැඩිම පදක්කම්ලාභීයා - මයික්ල් පෙල්ප්ස් -එක්සත් ජනපදය පිහිනුම් තරගවලින් පදක්කම් 28 -2004 - 2016

 

ක්‍රිස්ටෝපර් රණසිංහ

Comments