
පාසල් කාලයේ ඉඳලා මම ක්‍රීඩා කරනවා. මම ක්‍රීඩාවට ඇලුණේ ඒ විදිහට පාසලේ ඉඳන්ම ක්‍රීඩා කළ නිසා.’
කොවිඩ් නිසා සිදුවන අනවරත කරදර සම්බන්ධයෙන් කතාකළ යුතු නැත. සමස්ත ගෝලීය සමාජයම ඇත්තේ අසරණභාවයක වෙලීය. ඒ අතර ක්‍රීඩාව කෙසේ හෝ පවත්වන්නට උත්සහ ගනිමින් තිබේ. එවැනි පරිසරයක් තුළ වෙළෙඳ සේවා ක්‍රීඩාව පවත්වාගෙන යන්නේ කෙලෙසින් ද? මේ සම්බන්ධයෙන් සිය ක්‍රීඩා ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතය පිළිබඳ එම මලල ක්‍රීඩා සංගමයේ ලේකම් වරුණ උඩවත්ත මහතා සමඟ ‘ක්‍රීඩා’ පැවැත් වූ සාකච්ඡාවකි.
කොවිඩ් නිසා සිදුවන අනවරත කරදර සම්බන්ධයෙන් කතා කළ යුතු නැත. සමස්ත ගෝලීය සමාජය ම ඇත්තේ අසරණභාවයක වෙළී ය. ඒ අතර ක්‍රීඩාව කෙසේ හෝ පවත්වන්නට බලධාරීන් උත්සාහ ගනිමින් සිටී. එවැනි පරිසරයක් තුළ වෙළෙඳ සේවා ක්‍රීඩාව පවත්වාගෙන යන්නේ කෙලෙසින් ද? මේ සම්බන්ධයෙන් සිය ක්‍රීඩා ජීවිතය මෙන් ම පෞද්ගලික ජීවිතය පිළිබඳ එම මලල ක්‍රීඩා සංගමයේ ලේකම් වරුණ උඩවත්ත මහතා සමඟ ‘ක්‍රීඩා’ පැවැත් වූ සාකච්ඡාවකි මේ.
‘පාසල් කාලයේ ඉඳලා මම ක්‍රීඩා කරනවා. මම ක්‍රීඩාවට ඇලුණේ ඒ විදිහට පාසලේ ඉඳන්ම ක්‍රීඩා කළ නිසා.’ ඔහු ක්‍රීඩා වෙත අදහස් දක්වමින් පැවසුවේ ය.
‘ඇත්තටම මම ක්‍රීඩාවයි, අධ්‍යාපනයයි සමබරව කරන්න උත්සාහ කළා. මගේ පවුලේ හය දෙනයි. මව පියා ඇතුළු සහෝදර සහෝදරියන් සිව් දෙනෙක් යුත් පවුලක මම දෙවැනියා. මම මොරටුව රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයෙන් උසස් පෙළට පෙනී සිටියා.’
‘මගේ බිරිය ගයේෂා දිසානායක. ඇය ඩේවිඩ් පීරිස් ආයතනයේ පරිපාලන නිලධාරිනියක්. ඇයව හමුවුණෙත් ක්‍රීඩා පිටියෙන්. ඇයත් දක්ෂ මලල ක්‍රීඩිකාවක්. අපිට වයස අවුරුද්දක සුරතල් දියණියක් සිටිනවා. ඇය නමින් චිනුකි අරණ්‍යා උඩවත්ත.
වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමය 2018 වසරේ පැවැත් වූ තරගාවලියේ දී මිටිය විසි කිරීමේ තරගයෙන් වාර්තාවක් තැබුවේ මගේ බිරියයි. 2019 දී එම වාර් තාව ඇය යළි අලුත් කළා. මගේ රැකියාවේ කටයුතුවලට මෙන්ම වෙළෙද සේවා මලල ක්‍රීඩා සංගමයේ කටයුතු වෙනුවෙන් මගේ බිරිය මට සුවිශාල සහයෝගයක් ලබා දෙනවා.
වසර 2002 සමස්ත ලංකා ජාතික පාසල් මීටර් 800 ඉසව්වෙන් පස් වැනි ස්ථානය හිමි කර ගත් මා ඊට අමතරව 21න් පහළ 400x4 ජාතික පාසල් 2වැනි ස්ථානය ලබා වර්ණ ලබා ගත්තා.
2002 දී ජාතික මලල ක්‍රීඩා කනිෂ්ඨ දෙවැනි පෙළ සංචිතයට ඇතුළත් වීමේ භාග්‍යය උදා වුණා.
මා උසස් පෙළ සමත් වීමෙන් පසුව 2003 දී ඩේවිඩ් පීරිස් ආයතනයේ වාහන විකුණුම් අංශයේ සේවයට පැමිණියා. අඛණ්ඩව එම ආයතනයේ වසර 18ක් සේවය සම්පූර් ණ කළ මා අද විධායක නිලධාරියෙක් ලෙස කටයුතු කරනවා.
2016 දි වෙළෙඳ සේවා මලල ක්‍රීඩා තරගාවලියේ දී කඩුලු පැනීමෙන් දෙවැනි ස්ථානය හිමි කර ගත්තා.
එම වසරේම රටවල් ගණනාවක සහභාගිත්වයෙන් ඉන්දියාවේ බැංගලෝර්වල පැවැති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ දී අවුරුදු 30න් පහළ මීටර් 400 පළමු ස්ථානයත්, මීටර් 200 දෙවැනි ස්ථානයත්, තුන් පිම්ම පළමු ස්ථානයත් හිමි කර ගත්තා.
වෙළෙඳ සේවා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් නව දැනුම කුසලතාව වැඩිදියුණු කර ගන්න සහ නව දැනුම සොයන්න වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමය හරහා විශේෂ වැඩ පිළිවෙළක්ද මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ක්‍රීඩා වෛද්‍ය ආයතනය, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය, ඔලිම්පික් කමිටුව හරහා අදාළ ක්‍රීඩා පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව උදා කර දී තිබෙනවා.
මට මේ තත්ත්වයට එන්න මගේ මාපියන්, ගුරුවරුන්ගෙන් මෙන්ම වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ප්‍රසන්න ඉන්දික, උපදේශක සිඩ්නි රත්නායක යන මහත්වරුන්ගෙන් හා කමිටු සාමාජිකයන්ගෙන් ලැබුණු සහයෝගය අගය කරනවා.
මීට අමතරව පාසල් කාලයේ මගේ පුහුණුකරු අයි.එම්. රණසිංහ වෙළෙඳ සේවා පුහුණුකරු මාධව බණ්ඩාර, මිස් ඉමල්කා, අධ්‍යාත්මික උපදේශක ආචාර්ය කසුන් නාගොඩවිතාන යන ගුරු පියවරු හා මවුවරු මේ අවස්ථාවේ හද පත්ලෙන් සිහිපත් කරනවා.
මෙරට ප්‍රමුඛ පෙළේ වෙළෙඳ ආයතන 60කට ආසන්න සංඛ්‍යාවකින් සැදුම්ලත් වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමය මෙරට ක්‍රීඩා සංගම් අතරින් සුවිශේෂී ස්ථානයක පසු වෙනවා. අප සංගමය මඟින් කොවිඩ් උවදුරෙන් වැළකීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය වටිනා ද්‍රව්‍ය ආධාර තොගයක් පසුගිය දිනක ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත භාර කෙරුණා.
අප සංගමය මඟින් නව සාමාජිකයන් බඳවා ගැනීමට ද සාමාජික වෙළෙඳ ආයතන වෙත මේ වන විට දන්වා යවා තියෙනවා. වැඩි විස්තර අපේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි. මෙවර පවත්න වෙළෙඳ සේවා මලල ක්‍රීඩා උලෙළ ඔක්තෝබර් 15,16,17 යන තෙදින තුළ පැවැත්වෙනවා.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ වෙළෙඳ සේවා මලල ක්‍රීඩා උත්සවය නොපැවැත්වීම නිසා ඒ වෙනුවට පසුගිය වසර තුනක් තුළ විශේෂ දස්කම් දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගැයීමේ උලෙළක් මේ වසරේ පැවැත්වීමටද අප සංගමය සූදානම් කර තිබෙනවා.
උදුලා පීරිස්
 









