![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2021/06/18/30_1.jpg?itok=Ll-NUKYN)
යු ටියුබ් යනු අද වන විට ඉතා විශාල වශයෙන් ලොව පුරාම භාවිත වන සමාජ මාධ්‍යයකි. ඒ හේතුවෙන්ම මේ මාධ්‍යය අවභාවිත වීම වැළැක්විමට දැඩි නීති ගෙන ඒමට මෙහි කළමනාකරණයට සිදුවී තිබේ. ලොව ඔනෑම කෙනෙකුට යූ ටියුබ්හි නාළිකාවක් ආරම්භ කළ හැකි නමුත් එලෙස අරඹන නාළිකා තම නීති රීතිවලට එකඟ නොවේ නම් ඒවා ඉවත් කර දැමීමේ අයිතිය යු ටියුබ් කළමනාකාරීත්වය සතුය.
පසුගිය ජනවාරි සිය මාර්තු දක්වා කාලය තුළදී පමණක් මෙලෙස ඉවත් කර ඇති ඇති නාළිකා සංඛ්‍යාව 2,230,310ක් බව යු ටියුබ් කළමනාකාරීත්වය දක්වා තිබේ. මෙලෙස නාළිකාවක් ඉවත් කළ පසු එහි අන්තර්ගත කර තිබූ සියලු වීඩියෝ අවලංගු වනු ඇත. එම වීඩියෝ කිසිවකුට නැරඹිය නොහැකිය. මෙලෙස නාළිකා ඉවත් කිරීම සඳහා කළමනාකරණය දක්වන හේතු කිහිපයකි. ඒවා නම් අසත්‍ය තොරතුරු ඇතුළත් වීම, ලිංගිකත්වය හුවා දැක්වීම, තවත් පිරිසක් පීඩාවට පත් කිරීම හෝ අපහසුතාවයට පත් කිරීම, වෛරී සහගත ප්‍රකාශ , ළමා ආරක්ෂාවට තර්ජන එල්ල වීම, ම්ලේච්ඡත්වය ඉස්මතු වීම යනාදියයි. 2021 ජනවාරි සිට මාර්තු දක්වා යූ ටියුබ් ආයතනය විසින් ඉවත් කර ඇති වීඩියෝ සංඛ්‍යාව රටවල් වශයෙන්
1. ඉන්දියාව - 1,863,105
2. ඇමරිකාව - 1,165,154
3. බ්‍රසීලය - 1,060,919
4. ඉන්දුනීසියාව - 801,678
5. රුසියාව - 329,732
6. පකිස්තානය - 239,985
7. වියට්නාමය - 228,316
8. තුර්කිය - 216,782
9. මෙක්සිකෝව - 208,441
10. පිලිපීනය - 167,707
මීට අමතරව යූ ටියුබ් හි වීඩියෝ දර්ශන නරඹන පුද්ගලයන් ඒ සඳහ යොමු කරන මත හෙවත් ‘කමෙන්ට්’ පොදු ජනතාවට නැරඹීමට නුසුදුසු නිර්දේශ වේ නම් ඒවා ඉවත් කිරීමටද යූ ටියුබ් ආයතනය කටයුතු කරයි. ඒ අනුව පසුගිය 2021 ජනවාරි සිට මාර්තු දක්වා ඉවත් කර ඇති කමෙන්ට් සංඛ්‍යාව 1,032,365,719කි.