සමාජ මාධ්‍ය භාවිතයේදී ජනතාව වැඩි වශයෙන් ඒවා අවභාවිත කිරීමේ අරමුණු කිහිපයක් හඳුනාගෙන තිබේ. එනම් ප්‍රචණ්ඩ ක්‍රියා, ත්‍රස්තවාදය, සයිබර් අයුතු බලපෑම් සහ ළමා අපචාර වශයෙනි.
ඊට අමතරව මේ වන විට සමාජ මාධය ඔස්සේ අති විශාල ලෙස ජනප්‍රිය වෙමින් පවතින වෙළෙඳ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන්ද නව නීති පැනවීමට සමාජ මාධ්‍ය ආයතන කටයුතු කරමින් සිටී.
ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලය ඒ යටතේ 2021 වසර සඳහා තමන් තම ග්‍රාහකයන් වෙත පනවා ඇති නව නීති ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මාසිකව ලොව පුරා ෆේස් බුක් භාවිත කරන සංඛ්‍යාව බිලියන 2.7ක් වශයෙන් ගණනය කර තිබේ.
• ඒ අනුව නව ගිණුමක් විවෘත කිරීමේදී අනන්‍යතාව තහවුරු කර ගැනීමේ දත්ත කිහිපයක්ම අලුතෙන් යෙදීමට සිදුවන සේ කටයුතු යොදා තිබේ.
• ටික් -ටොක් ඇප්ලිකේෂනය මෙන්ම වන ඒ හා සමාන කලැබ් ඇප්ලිකේෂනය ද හඳුන්වා දී තිබේ. ‘කලැබ්’ ෆේස්බුක් සමාගමේම නිෂ්පාදනයකි.
• වෙළෙඳ දැන්වීමක් සඳහා කලින් යොදා තිබූ වචන සඳහා වන සීමාකම් ඉවත් කර තිබේ.
• මැසෙන්ජර් හරහා වෙළෙඳ දැන්වීම් යොමු කිරීමේ පහසුකම ලබා දී තිබේ.
මේ පහසුකම්වලට අමතරව ෆේස්බුක් කළමනාකරණය තම ග්‍රාහකයන්ට දන්වා සිටින්නේ
• තමන්ගේ සම්පූර්ණ නම නොයොදන ලෙසත්, සම්බන්ධ කර ගැනීමේ දුරකතන අංක, ලිපින වැනි තොරතුරු ප්‍රසිද්ධියට පත් නොකරන ලෙසත්ය. නැතහොත් එම තොරුතුරු මිතුරන්ට පමණක් දැක ගත හැකි වන ලෙස යොදන ලෙසත්ය.
• වෙළෙඳ ගනුදෙනු සඳහා යෙමුවීමේදී වඩාත් ආරක්ෂිතව තොරතුරු හුවමාරු කර ගත යුතු බව දන්වා සිටින අතර ඒ සඳහා ආරක්ෂිත හුවමාරු ක්‍රම කිහිපයක්ද හඳුන්වා දී තිබේ.
• අමතරව අන්තර්ජාල සබඳතාවේ ආරක්ෂාව කෙරෙහිද අවධානය යොමු කරන ලෙස සමාගම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.