ඩයනාගේ මරණය ඉක්මන් කළ මාධ්‍ය සාකච්ඡාව | සිළුමිණ

ඩයනාගේ මරණය ඉක්මන් කළ මාධ්‍ය සාකච්ඡාව

 

බීබීසී ආයතනයේ මාධ්‍යවේදී මාටින් බෂීර්‌ෆ්‍රෙඩ් සමඟ සිදු කළ මාධ්‍ය සාකච්ඡාව ඩයනාගේ ආයුෂ කෙටි කිරීමට සමත් වූ බවට මේ දිනවල ලොව පුරා පැතිර යමින් තිබෙන උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ.

1995 වසරේදී පවත්වනු ලැබූ එම සම්මුඛ සාකච්ඡාවේදී මාධ්‍යවේදියා විසින් ඩයනාගේ විවාහ ජීවිතය සම්බන්ධව ඇසූ ප්‍රශ්නයකට ඇය පිළිතුරු දුන්නේ “මගේ විවාහ ජිවිතයේ තිදෙනෙක් ඉන්නවා.” යනුවෙන් පවසමිනි.

එහිදී ඇය අදහස් කර සිටියේ චාල්ස් පසුව විවාහ කර ගත් කැමිලා සම්බන්ධව බවත් ඒ අනුව එම සාකච්ඡාවේදී ඇය තම ජීවිතයේ සීමා ඉර සටහන් කළ බවත් ඩයනාගේ සොහොයුරා පවසා තිබෙනවා.

එහෙත් මේ සම්බන්ධව රජ පවුලට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වූ විලියම් කුමරු පවසා සිටියේ තමා බීබීසී ආයතනය සම්බන්ධව කනගාටුවට පත්වන බවයි.

 

Comments