‘1996 ලෝක කුසලාන ජයග්‍රහණය, මොහොමඩ් ලාෆීර්ගේ බිලියඩ් ලෝක ශූරතාවල සුසන්තිකා ජයසිංහගේ ඔලිම්පික් රිදී පදක්කම කියන්නේ නැවත නැවත ස්මරණය කළ හැකි ජයග්‍රහණ ත්‍රිත්වයක්ග ඒ ගැන නැවත නැවත කතාකිරීම වමාරා කෑමක් නොවෙයි. ඒක අද්විතීය ජයග්‍රහණ නැවත නැවත ස්මරණය කිරීමක්. ඒක මහා අභිමානයක්. 1996 ලෝක කුසලාන දිනූ අර්ජුණ රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එහි රිදී ජුබිලි සමරුව මහා ඉහළින් පැවැත්වුණෙත් ඒ නිසයි. ඒත් ඔවුහු ලෝක ශූරයන් වූයේ අහම්බයෙන් දරෑ නෑ. ඒ ලෝක ශූර කණ්ඩායම තුළ බොහෝ දක්ෂතා තිබුණා. ඒ අතර පෞද්ගලික ක්‍රීඩක දක්ෂතා වගේම කණ්ඩායමක් වශයෙන් තිබිය යුතු ක්‍රීඩක දක්ෂතා තිබුණා. ඒ ලෝක ශූරතාව දිනූ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ලෝක වාර්තා පිහිට වූ ක්‍රිකට් ක්‍රීඩකයන් ගැනයි මේ.’
නායක අර්ජුණ රණතුංග, උපනායක අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, භෂාන් තිලකරත්න ඉහළ පෙළ ක්‍රිකට් උපදේශකයින්ය. මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, මාවන් අතපත්තු, රොමේෂ් කලුවිතාරණ, රවීන්ද්‍ර පුෂ්පකුමාර, උපුල් චන්දන, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පරිණත පුහුණුකරුවන්ය. සනත් ජයසූරිය ද ඉහළ පෙළ ක්‍රිකට් උපදේශකයකි. කුමාර් ධර්මසේන අද සම්මානනීය ක්‍රිකට් විනිසුරුවරයෙකි.
ඒ ඔවුන්ගේ අද තත්ත්වයය. එදා ඔවුන් සිටියේ කොතැන ද?
අර්ජුන රණතුංග :නායක-
වර්තමානය සමඟ සසඳද්දී ලොකු ලකුණු ගණනක් රැස් නොකළට අර්ජුන රණතුංග තමයි ශ්‍රී ලංකාව බිහිකළ හොඳම අංක හතර පිතිකරු. ඉනිමක් ජයග්‍රහණය කරා ඇදගෙන ගිය පෙරපෙළ හා පසුපෙළ එකට බැඳපු ශක්තිමත්ම අසව්ව.
1988 සිට 1999 දක්වා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකා අර්ජුන. ඔහුගේ නායකත්ව වාර්තාව තරග 193 ක දී ජයග්‍රහණය 89 ක්, පරාජයන් 95 ක් වශයෙනුයි. ප්‍රතිශතය 48.37 කි. එක්දින ලකුණු 1000 ක් සහ කඩුලු 50 ක් ද්විත්වය 1989 දී සම්පූර්ණ කළ පළමුවැනි ශ්‍රි ලංකා ක්‍රීඩකයාත් ඔහුයි. එක්දින ලකුණු 2000 ක් සම්පූර්ණ කළ :1989 දී- සහ එක්දින තරග 100 ක් ක්‍රීඩා කළ :1992 දී- පළමුවැනි ශ්‍රි ලංකා ක්‍රීඩකයා ලෙස වාර්තා ගතවන්නේ ද අර්ජුනයි. එක්දින ලකුණු 7000 ක් සම්පූර්ණ කළ දෙවැනි ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස 1998 දී ඔහු වාර්තා ගතවන්නේ ඔහුගේ 247 වැනි තරගයේ දීයි.
අර්ජුණගේ එක්දින පිතිකරණ වාර්තාව
තරග 269 - ඉනිම් 255 - නොදැවි 47 - වැඩිම ලකුණු 131 - මුළු ලකුණු 7456 :35.84- ශතක 4 - අර්ධ ශතක 49.
අරවින්ද ද සිල්වා :උපනායක-
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලකුණු 5000 :1996 දී- ලකුණු 6000 :1997 දී- ලකුණු 7000 :1997 දී- යන සන්ධිස්ථාන පසු කළ පළමුවැනි පිතිකරුවායි. 1997 එක්දින තරගවල දී තරග 28 ක් සහ ඉනිම් 27 ක දී ලකුණු 1212 ක් අරවින්ද රැස් කළේ වාර්තාවක් තබමින් ශතක 3 ක් සහ අර්ධ ශතක 8 ක් ද ඇතුලත්වය. 1997 දී සනත් ජයසූරිය සමඟ එක් වෙමින් පාකිස්තානයට එරෙහිව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 213 ක් රැස් කිරීම අරවින්ද තැබූ සම්බන්ධතා වාර්තාවකි. සාජා එක්දින තරගාවලියක දී ලකුණු 400 ක් රැස් කළ පළමුවැනි පිතිකරුවා ලෙස අරවින්ද වාර්තාගත වී ඇත්තේ 1997 දී ලකුණු 410 ක් රැස් කරමින්. අරවින්දගේ එක්දින ලකුණු වාර්තාව තරග 308 ඉනිම් 296 - වැඩිම ලකුණු 145 මුළු ලකුණු 9284 :34.901- ශතක 11 අර්ධ ශතක 64, පන්දු යැවීමෙන් ලකුණු 4177 කට කඩුලු 106.
සනත් ජයසූරියග
1998 සිට 2003 දක්වා ශ්‍රී ලංකා එක්දින නායකයා ලෙස හොඳ වාර්තාවක් සතුයග නායකත්වය දුන් තරග 118 ක දී ජයග්‍රහණ 66 සහ පරාජයන් 47 ක් ලෙස ප්‍රතිශතය 58.26 ක් වශයෙන් පවත්වා ගැනීමට සමත්වුණා. එක්දින තරගවල දී ලකුණු 3000 සහ කඩුලු 100 සම්පූර්ණ කළ පළමුවැනි ක්‍රීඩකයා වුණේ 1997 දී. ඉනිම් 433 ක දී එල්ල කළ හයේ පහරවල් 270 විශිෂ්ට වාර්තාවක්. 2001 දී එක්දින ඉනිම් 33 ක දී රැස් කළ ලකුණු 1202 වාර්තාගත එකක්. 1993 දී එංගලන්තයට එරෙහිව ලකුණු 29 කට කඩුලු 6 ක් දවාලීම :මොරටුව- 2003 දී ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක දී ලකුණු 122 සහ ලකුණු 39 කට කඩුලු 4 ක් දවාලිම :සිඩ්නි- 1996 දී පාකිස්තානයට එරෙහිව පන්දු 17 ක දී ලකුණු 50 ක් රැස් කිරීමල 1996 දී පාකිස්තානයට එරෙහිව පන්දු 48 ක දී ලකුණු 100 ක් රැස් කිරීම සහ 1998 දී තමා නායකත්වය දැරූ ප්‍රථම තරගයේ දී සිම්බාබ්වේට එරෙහිව ලකුණු 102 ක් රැස් කිරීම සනත්ගේ වාර්තා අතර විශිෂ්ටතම ඒවායි. 2004 දී ලකුණු 9000 සම්පූර්ණ කොට කඩුලු 250 ක් දවාලමින් ද උඩ පන්දු 100 ක් රැකගනිමින් ද සනත් ත්‍රිත්ව වාර්තාවක් තැබුවා. 2009 දී දඹුල්ල ක්‍රීඩාංගනයේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 107 ක් රැස් කරද්දී සනත්ගේ වයස අවුරුදු 39 දවස් 212 කිග එය තවත් වාර්තාවක්. සනත් තබා තිබෙන එක්දින වාර්තාව තරග 455 - ඉනිම් 433 වැඩිම ලකුණු 189 මුළු ලකුණු 13430 :32.36- ශතක 28 අර්ධශතක 68 පන්දු යැවීමේ දී කඩුලු 323 කිග 2001 දී ඉන්දියාව සමඟ සනත් රැස් කළ ලකුණු 189 තවමත් ශ්‍රී ලංකා වාර්තාවයි.
රොෂාන් මහානාම
දක්ෂ ආරම්භක හා මැදි පෙළ පිතිකරුවෙකු මෙන්ම දක්ෂ පන්දු රකින්නෙක් තමයි රොෂාන් කියන්නේ. ඔහුගේ එක්දින තරග වාර්තාව තරඟ 213 ඉනිම් 198 වැඩිම ලකුණු 119 මුළු ලකුණු 5163 :30.00- ශතක 4 අර්ධශතක 35 ක්. එක්දින තරගවල දී උඩපන්දු 50 ක් රැක ගත් පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයායි. 1994 දී සිම්බාබ්වේට එරෙහිව ලකුණු 119 ක් සහ 108 ක් ද 1995 දී කොදෙව්වන්ට එරෙහිව ලකුණු 101 ක් ද වාර්තා කළා. 1997 දී තරග 28 ක ඉනිම් 35 ක දී අර්ධශතක 6 ක් ද සමඟ ලකුණු 714 ක් රැස් කිරීම හොඳම එක්දින පිතිහරඹයයි.
අසංක ගුරුසිංහ
එදා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ස්ථාවර අංක 3 පිතිකරුවායි. ලෝක කුසලතා දිනා ගැනීමේ දී සුවිශේෂී දායකත්වයක් දැක්වූවෙක්. 1996 දී අරවින්ද ද සිල්වා සමඟ එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් සිම්බාබ්වේට එරෙහිව ලකුණු 172 ක් රැස් කිරීම විශේෂ දස්කමකි. අනිත් හොඳම සම්බන්ධතාවය 1996 දී අරවින්ද සමඟ එක්ව කෙන්යාවට එරෙහිව ලකුණු 184 ක් ලබාගැනීමයි.
රොමේෂ් කලුවිතාරණ
දක්ෂ ආරම්භක පිතිකරුවකු ලෙස ද උපායශීලි කඩුලු රකින්නෙකු ලෙස ද නමක් තැබුවෙක්. කඩුලු රැකීමේ දී දවාලීම් 50 ක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකාකඩුලු රකින්නායි. කලුවිතාරණගේ එක්දින තරඟ 89 ඉනිම් 181 - වැඩිම ලකුණු 102 මුළු ලකුණු 3711 :22.22- ශතක 2 අර්ධ ශතක 23 - කඩුලු රැකීමේ දී දවාලිම් 207.
හෂාන් තිලකරත්න
හැමවිටම තම පිලට ශක්තියක් වූ පිතිකරුවෙක්. ශ්‍රී ලංකාවේ පනස්වැනි එක්දින ක්‍රීඩකයායි. 1990 දී පකිස්තානයට එරෙහිව කඩුලු රකින්නෙකු ලෙස උඩපන්දු 5 ක් රැක ගැනීම විශේෂ වාර්තාවක්. 2003 නවසීලන්තය සමඟ සනත් ජයසූරිය හා එක්ව 2 වැනි කඩුල්ලට ලකුණු 170 ක් රැස් කිරීම හොඳම එක්දින දස්කමක්. 1995 දී කොදෙව්වන්ට එරෙහිව රැස් කළ ලකුණු 100 සටන්කාමී ඉනිමක්.
චමින්ද වාස්
සමස්ත එක්දින තරඟ වල හොඳම පන්දු යැවීමේ වාර්තාවට හිමිකරුවා. එය 2001 කොළඹ දී සිම්බාබ්වේ සමඟ ලෝක වාර්තාගත ලකුණු 19 කඩුලු 8 ක් දවාලීමයි. මේ හැර 2003 දී බංග්ලාදේශය සමඟ ලකුණු 25 ට කඩුලු 6ල 2000 දී ඉන්දියාව සමඟ ලකුණු 14 ට කඩුලු 5 සහ 2006 දී නවසීලන්තය සමඟ ලකුණු 39 ට කඩුලු 5 ක් ද වාස්ගේ හොඳම එක්දින දවාලීම්. 2001 දී සිම්බාබ්වේ සමඟත් 2003 දී බංග්ලාදේශය සමඟත් පිට පිට කඩුලු 3ක් බැගින් දවාලූ අවස්ථා දෙකකි. 1997 ඉන්දියාව සමඟ පැවති තරගයක දී තමා යැවූ ප්‍රථම පන්දු වාරයේ ප්‍රථම පන්දුවේ දීත්, අවසාන පන්දුවාරයේ අවසාන පන්දුවේ දීත් කඩුලු දවාලු එකම එක්දින තරග පන්දු යවන්නා තාමත් වාස්. වාස්ගේ එක්දින කඩුලු දවාලීමේ වාර්තාව තරග 322 ක දී කඩුලු 400 ක්. :27.53-
මුත්තයියා මුරලිදරන්
ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම දඟපන්දු යවන්නායි. 2000 සාජා වලදී ඉන්දියාව සමග ලකුණු 30 කට කඩුලු 7 ක් දවාලීම හොඳම එක්දින පන්දු යැවීමයි. 2001 තරග 33 කදී කඩුලු 56 ක් ද :18.19- 2004 තරග 24 කදී කඩුලු 46 ක් ද :15.89- දවාලීම විශේෂ වාර්තාය. මුරලිගේ එක්දින පන්දු යැවීමේ වාර්තාව තරග 350 කදී කඩුලු 534 ක් දවාලීමයි. :23.8- කඩුලු 5 ක් දවාලු අවස්ථා 10 කි.
මාවන් අතපත්තු
2001 සිට 2006 දක්වා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ය. නායකත්ව වාර්තාව තරග 63 ක් මෙහෙයවා ජයග්‍රහණ 35 ක්ග පරාජයන් 27 ක්ග ප්‍රතිශතය 56.45 කි. 2001 තරග 33 කදී ලකුණු 1084 ක් ද :38.71- 2002 තරග 32 කදී ලකුණු 1192 ක් ද :41.10- රැස් කිරීම මාවන්ගේ එක්දින දස්කම් මාලාවට ඇතුළත්ග ඊට ශතක 2 ක් සහ අර්ධ ශතක 18 ක් එක්ව තිබෙනවාග 2003 දී ඔස්ට්‍රලියාවට එරෙහිව සිඩ්නි පිටියේ දී පළමු කඩුල්ල වෙනුවෙන් මාවන් වාර්තාවක් තැබුවේ සනත් ජයසූරිය සමඟ ලකුණු 237 ක් රැස් කරමින්. මාවන්ගේ එක්දින තරග වාර්තාව තර 268 ක ඉනිම් 259 කදී ලකුණු 8529 කි. :37.57- වැඩිම ලකුණු 13 - ශතක 11
කුමාර් ධර්මසේන
ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙනෙන ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයා යි. හොඳම එක්දින පන්දු යැවීම 2006 දකුණු අප්‍රිකාව සමග ලකුණු 37 කට කඩුලු 4 ක් දවාලීමයි. 2001 තරග 24 කදී ලකුණු 781 කට කඩුලු 30 ක් දවාලීම ද හොඳ දස්කමක්.
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහල රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ උපුල් චන්දන 96 ලෝක ශූර කණ්ඩායමේ අනිත්ක්‍රීඩකයින් තිදෙනාය.










