ලස්සෙට කොඩි දැමූ කළුතර ස්ටෑන්ඩඩ් ආම්ස්ට්‍රෝං | සිළුමිණ

ලස්සෙට කොඩි දැමූ කළුතර ස්ටෑන්ඩඩ් ආම්ස්ට්‍රෝං

 

‘ලාන්ස් ආම්ස්ට්‍රෝං තහනම් උත්තේජක ලබාගත් බව පිළිගැනීමෙන් අමතරව ඔහුගේ ගෞරවය විනාශවී ගියද ලෝකයේ මෑත කාලයේ වඩාත් ජනාදරයට පත් පාපැදි ක්‍රීඩකයන් අතර පෙරමුණේ සිටියේය. එහෙයින් ලාන්ස් ආම්ස්ට්‍රෝං පාපැදි ක්‍රීඩකයන්ගේ වීරයෙක් විය. පසුගියදා කළුතර පැවැති පාපැදි තරගාවලියේ ශූරයා බවට පත්වූ චතුර මධුෂාන් ද මෙම වසරේ කළුතර දිස්ත්‍රික් ආම්ස්ට්‍රෝං යැයි කිව හැකිය.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයම ආවරණය වන පසුගියදා (17) පැවැති විවෘත දිගදුර ස්ටෑන්ඩ් පාපැදි තරගය ජය ගැනීමට දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ක්‍රීඩා සමාජයේ චතුර මධුෂාන් ද සිල්වාට හැකිවිණි. ඒ වෙනුවෙන් ශුරතා කුසලාන සමඟ රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තරග සංවිධායකයෝ කටයුතු කළහ.

එහි දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ ඩබ්ලිව්.ඩී පැතුම් සම්පත්ට හිමිවූ අතර (රු. 70000/-) , තෙවන ස්ථානය දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ක්‍රීඩා සමාජයේ නිශාන්ත පෙරේරාට (රු. 50000/-) හිමිවිය.

සිව්වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා ජයග්‍රාහකයින්ට රුපියල් විසිපන් දහස බැගින් ප්‍රදානය කරනු ලැබිණි.

මෙම ස්ටෑන්ඩඩ් පාපැදි සවාරිය කළුතර කලමුල්ල රිච්මන් ක්‍රීඩා සමාජයේ තරුණ කැළ සංවිධානය කළ අතර කළුතර දිස්ත්‍රික් පැපැදි සංගමයේ මෙහෙයවීමෙන් පැවැත්විණි.

තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සංස්කෘතික ප්‍රසාංගික කලා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා එක්ව සිටියේය.

 

Comments