ගුවන් සැරයට බර අවියෙන් ගැසූ යුද හමුදා සෙබළියන්ගේ වත | සිළුමිණ

ගුවන් සැරයට බර අවියෙන් ගැසූ යුද හමුදා සෙබළියන්ගේ වත

‘වොලිබෝලයට මෝටාර් එකක ප්‍රචණ්ඩත්වය එකතු කළොත්...

සිතාගැනීම අපහසු වේවි. ඒත් ඔවුන් පසුගියදා එවැනි ශක්තියක්, බලයක් වොලිබෝලයට එකතු කළා. එහෙම කරලා යුද හමුදාව යුද්ධයට විතරක් නෙවෙයි දක්ෂ කියලත් ඔවුන් ඔප්පු කළා. සිදුවීම ටිකක් පැරණියි. ඒත් මතකය තවමත් අලුත්. ඒ නිසා ‘ක්‍රීඩා’ යුද හමුදා වොලිබෝල් කණ්ඩායම ගැන මේ විධිහට කතා කළා.’

මෙවර වොලිබෝල් මංචී ජාතික ශුරතාව :කාන්තා - ශ්‍රී ලංකා යුද හමුදා :කාන්තා- පිල විසින් ජයග්‍රහණය කළේයග තරග වට 4 ක් දිනාගන්නා ලදී ශ්‍රී ලංකා යුද හමුදා :කාන්තා - පිල අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම 3-1 ක් ලෙස පරාජය කරමින් ජාතික ශුරතාව හිමිකර ගත්තේය.

ජාතික තරුණ සේවා පිල 3-0 ලෙස ද, මහ උස්වැව කණ්ඩායම 3-1 ලෙස ද, හයිඩ්‍රාමනී සමඟ අවසන් පූර්ව තරගය 3-1 ලෙස ද ගුවන් හමුදාව සමඟ අවසන් තරගය 3-1 ලෙස ද ජය ගනිමින් මංචී :කාන්තා- ජාතික ශුරතාව හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම සමත් විය.

එය අඛණ්ඩ පුහුණුවක ප්‍රථම අතිසාර්ථක උත්සාහය ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම ලැබූ ජයකි. ප්‍රධාන පුහණුකරු සාජන් ඩබ්ලිව්. ප්‍රදීප් මිල්රෝයි තිසේරා මහතා ක්‍රීඩා හා පැවසූයේ මහත් අභිමානයෙනි.

‘සැලසුමක් සහිතවල ශාරීරික සුවතාව හා ශක්ති වර්ධනය මෙන්ම පුහුණුවීම් වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට තමාට මෙන්ම සංචිතයට හැකිවූ හෙයින් ජයග්‍රහණය හිමිවුණා. මේ ජයග්‍රහණය වෙනුවෙන් යුද හමුදාපති ඇතුලු යුද හමුදා වොලිබෝල් සංගමයේ සභාපති හා ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ උප සභාපති බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න මහතා ඇතුළු සැමට ස්තුතිය පිරිනමනවා.’ යැයි ඔහු ‘ක්‍රීඩා’ වෙත පැවසීය.

ජයග්‍රහණය ගැන තවදුරටත් අදහස් දක්වමින්ල ‘අපි පුහුණුවීම් පටන් ගත්තේ පෙරවරු 8.30 සිට 10.30 දක්වාත් පස්වරු 3.30 සිට 5.30 දක්වාත් කාලයෙයි. අඛණ්ඩව මාස පහ මාරක් පනාගොඩ යුද හමුදා කදවුරේ ගෘහස්ත ක්‍රීඩාංගනයේ පුහුණු වුණාග පුහුණු කාලයේ කෝවිඩ් උවදුර හිසඔසවමින් තිබූ නිසා අදාල නීතිරීති වලට අනුකූලව යුද හමුදා විනය පිළිපදිමින් තමයි අපි පුහුණුවීම් කළේ. ඒ කාල සීමාව තුළ කිසිම ක්‍රීඩිකාවක් නිවාඩු නොගෙන එහි රැඳී සිට පුහුණුවීම් සිදු කළා.’ යැයි ඔහු පවසයි.

1999 ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව 2003 දක්වා ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කර ඇති ඒ මහතා 2012 දකුණු ආසියාතික ආරක්ෂක සේවා තරගාවලියේ නේපාලයේ පැවැති තරගයේදී නායකයා විය. එසේම ඔහු 2004 සිට ජාතික වොලිබෝල් ශූරතාවලි 6කට ක්‍රීඩා කර ඇත්තෙකි. 2015 දී ජාත්‍යන්තර වොලිබෝල් පුහුණුකරු පාඨමාලාව හදාරා ඇති 2015 / 2016 යුද හමුදා වොලිබෝල් කණ්ඩායම :පිරිමි- සහාය පුහුණුකරු හා 2019 යුද හමුදා වොලිබෝල් :පිරිමි- ප්‍රධාන පුහුණුකරු 2020 යුද හමුදා වොලිබෝල් කණ්ඩායම :කාන්තා- ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කර ඇත.

කණ්ඩායම් ගණනාවක පුහුණු කරුවකු වුවද මෙවර ලද ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර තමාට විශාල අභියෝගයක් වූ බවද මිල්රෝයී තිසේරා මහතා කීය.

2010න් පසුව ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙකම ජාතික ශුරතාවක් ලබා නොතිබුණ ද වසර ගණනක ට පසුව ලබාගත් ජයග්‍රහණ පසුපස සිටින සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලයේ සහයෝගය අති විශිෂ්ට බව ද පුහුණුකරුවාගේ අදහස ය.

‘අප කණ්ඩායම සතු ඉතා දක්ෂ ක්‍රීඩිකාවන් එක්ව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට සේවයක් කරන්න ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා.’ යැයි ඔහු පවස යි.

යුද හමුදාව වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස ක්‍රීඩා කළාට කිසිවෙකුත් යුද හමුදා අභිමානය පහතට වැටෙන්න ඉඩ නොහැර පරාජය වූ අවස්ථාවල දී පවා ඉදිරි තරග වලට මුහුණ දෙන්න සැලසුම් කළ නිසා මෙවර සුවිශේෂී ජයග්‍රහණයක් හිමිවූ බව ද ඔහු කීවේ ය.

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායමේ නායිකා තිළිණි වාසනා ද මෙම සාර්ථකත්වය ගැන අදහස් පල කළා ය. ‘මා, 2014 සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළා. මේ වන විට එම කණ්ඩායමේ උප නායිකාව ලෙස කටයුතු කරනවා. 2016, 2019 දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ රිදී හා ලෝකඩ පදක්කම් දිනූ කණ්ඩායම් නියෝජනය කළා. 2015 යුද හමුදා කණ්ඩායමට බැඳුණා. කණ්ඩායමේ ක්‍රීඩාකරන්න 14ක් හිටියට සංචිතයේ 26 දෙනාගේ සහයෝගයෙන් තමයි තරගාවලිය දිනුවේ. අවසන් තරගයේදී ප්‍රබල ගුවන් හමුදා කණ්ඩායම තමයි අපි පරාජය කළේ. යුද හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායමක් මංචී ශුරතාවලියේ අවසන් තරගයට ක්‍රීඩා කර තිබෙන්නේ මීට වසර තුනකට පෙරයි. අප යුද හමුදා සෙබළියන් වුවත් අපට වසර පුරාවටම පුහුණුවීම්වලට අවසර ලබා දී තිබෙනවා. ඒ පිළිබඳ යුට හමුදාපතිවරයාට ස්තුතිය පිරිනමනවාග එසේම ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති මහේෂ් අබේරත්න, උප සභාපති, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික, ප්‍රධාන පුහුණුකරු ඇතුළු පුහුණු කරුවන්ටත් සංචිතයටත් කණ්ඩායම් නායිකාව වශයෙන් ප්‍රශංසාව පිරිනමනවා.’ නායිකාව පවසන්නී ය.

 

Comments