කුකුළේ ගඟේ වේග තරණේ මෝටර් රථ යතුරුපැදි වේග වෙනස තත්පර තුනයි | සිළුමිණ

කුකුළේ ගඟේ වේග තරණේ මෝටර් රථ යතුරුපැදි වේග වෙනස තත්පර තුනයි

 

කුකුළේ ගඟ වේගවත් කඳු තරණයෙන් අශාන් සිල්වා (ත.32.52) දක්ෂතම රියැදුරා ලෙසින් සම්මාන ලබද්දී (Kukulegaga Speed Climb – 2021) දක්ෂතම යතුරුපැදි ධාවකයා සම්මානය දිනා-ගත්තේ (ත.33.508) ඒරන් ගුණවර්ධන විසිනි.

මීටර් 900ක දුරකින් හා මීටර් 10 ක පමණ පළලින් යුතු මිටර් 60 ක පමණ දළ බෑවුමකින් හා තියුණු වංගු 2 කින් සමන්විත වේගවත් රමණීය ධාවන පථයක් ලෙස කුකුළේ ගඟ ධාවන පථය සැලකෙයි.

අශාන් සිල්වා ‘එච්’ කාණ්ඩයේ එස්.එල්./ජී.ටී. 3500 සී.සී. මෝටර් රථ තරග ඉසව්ව ජයගනිද්දී එහි දෙවැනි ස්ථානය (ත.34.613 ) අභීත් දංගල්ලටත්, තෙවැනි ස්ථානය උෂාන් පෙරේරාටත් (ත.35.742) හිමිවිණි.

‘එච්‘ කාණ්ඩයේම එස්.එල්./එච්. 1618 සී.සී. තරග ඉසව්ව ඉර්ෆාන් ෆුවාඩ්ටත් දෙවැනි හා තෙවැනි ස්ථාන රන්දික නිරෝෂන් හා ඉර්ෂාඩ් ෆාම්න්ටත් හිමිවිණි. එච් කාණ්ඩයේ සුභාරු ලෙගසී. 2000 සී.සී. රන්දික නිරෝෂ් ද එම කාණ්ඩයේම 1275 වන් මේක් මිනි ඉසව්වේ ජය සඳරු වීරසිංහ සතුවිණි.

ඊ.එෆ්. අයි. තරග කාණ්ඩයෙන් ෆෝඩ් ෆෝමියුලා මැක්ලරන්ස් ජය චමින්ද ගුණරත්නටත්, නවීකරණය කරන ලද ෆෝඩ් ෆෝමියුලා තරග ඉසව්වෙන් ඩිලාන් සෙනෙවිරත්නත් ජය ලැබූහ.

එන්. කාණ්ඩයේ ෆෝඩ් ලේසර් මැස්ඩා 1300 සී.සී. හා 1500 සී.සී මිහාන් පීරිස්ටත් තානුක ලියනාරච්චි ‘ඊ‘ කාණ්ඩයේ වන් මේක් ෆෝඩ් ලේසර් මැස්ඩා හා “නිසාන් මාච් “ තරග ඉසව්වේ ජය දහම් ජනිත් සතුවිය.

ටී. හා ජී. කාණ්ඩයේ 5500සී.සී. චමෝද් සමරකොන්, විවෘත අංශය ඩැරන් විරසිංහත්, ‘එස්’ කාණ්ඩයේ නවීකරණය කරන ලද 1500 සී.සී. ජය සකීර් වාහාබ්ටත් 1050 සී.සී. ඉසව්වේ නාමල් සිල්වාටත් ජය හිමිවිය.

ඒරන් ගුණවර්ධන ‘එම්’ කාණ්ඩයේ සුපර් ස්පෝර්ට් යතුරු පැදි ඉසව් දෙකකින් ජය ගනිද්දී සුපර් ටියුනින් 600 සී.සී. ජය සුපුන් සුරාජ් සතුවිය.

ඒරන් ගේ සොයුරු ජේඩින් ගුණවර්ධන එස්. එම්. සුපර් මෝටාඩ් 250 සී.සී. ජයග්‍රාහකයා විය.

සරත් කුමාරසිංහ ‘එම්’ කාණ්ඩයේ ස්ටීට් ට්‍රේල් 100 – 250 සී.සී., සුපර් ස්පෝර්ට්ස් 175 – 250 සී.සී. විනුල පතිරගේ, ‘එස්.එම්. ’ කාණ්ඩයේ වන් මේක් කවසාකී 250 සී.සී. සසිඳු ප්‍රසන්න, සුපර් මෝටාඩ් 175 – 250 සී.සී. ඉසුරු මධුරංග, ‘එම්’ කාණ්ඩයේ 100 – 125 සී.සී. 2 ටී. කුෂාන් චමෝද්, ස්පෝර්ට් ටුවරින් 700 සී.සී. ශෂික සඳරුවන් ජය ලැබූහ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුව සහ මෝටර් රථ ධාවන සංගමය ඒකාබද්ධව කුකුළේ ගඟ වේගවත් කඳු තරණය සංවිධානය කර තිබුණි. මෝටර් රථ තරග ඉසව් 15 ක් සහ යතුරුපැදි තරග ඉසව් 12 කින් යුක්තවූ මෙම තරගාවලියට තරග කරුවෝ 200 කට වැඩි පිරිසක් එක්ව සිටියහ.

 

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments