
RAJEEW wasantha welgama
නොහික්මුණ මනුෂ්‍යයෙක් වුණත් ක්‍රීඩාව නිසා හික්මීම ඇති කරගන්නවා. පරදින්න අකමැති වුණත් දවසක පරදිනවා. කොච්චර පැරදුණත් දවසක දිනනවා.
ආර්ට් එක ඇඟේ නැත්නම් එතැන හොඳ ක්‍රීඩකයකු නෑ
පීඩාකාරි හැඟීම් නැතිකරන්න පුළුවන් ක්‍රීඩාවට. කලාව, ක්‍රීඩාව, දැනුම නැති තැන අසමතුලිත මනුෂ්‍යයින් බිහිවෙනවා.
කලා ලෝකය හා ක්‍රීඩා ලෝකය සසඳා බලන්න ‘ක්‍රීඩා’ ගන්නා උත්සහය අතරේ කලාකරුවන්ගේ ජීවන අසපු සොයා යන ගමනේ මෙවර අපේ නවාතැන් පොළ වුණේ පන්නිපිටියයි. පන්නිපිටියේ වීර මාවතේ පුංචි නිවහනක, තෘප්තිමත් ජීවිතයක් ගත කරන යොවුන් කලාකරුවකු අසල අපි නතර වුණා. ඔහු වෘත්තියෙන් නීතිඥයෙක්, ගේය පද රචකයෙක්. මේ කලාකරුවා නමින් රජීව් වසන්ත වෙල්ගම යි. මේ ඔහුගේ 'ක්‍රීඩාව'.
‘මම මිනිස්සු එක්ක ඉන්න කැමති, ඔවුන්ට කරන්න පුළුවන් උදව්වක් කරලා සතුටින් ජීවත් වෙලා, සතුටින් නිදහසේ මැරිලා යන්න කැමති මිනිහෙක්. අපට බලාපොරොත්තු තියෙනවා තමයි.ඒත් ඒ බලාපොරොත්තු අසීමිත වෙන්න නරකයි. විශේෂයෙන් ලැබුණු දෙයින් සතුටුවන මිනිස්සු තමයි දැන් සමාජයට ඕනෑ. ඇත්තටම කියනවා නම් මනුෂ්‍යත්වයට එරෙහිවන කිසිම දෙයක් කරන්න මම කැමැති නැහැ. සේකර කිව්වා වගේ මිනිස්සු එක්කම අපට රංචුවක් හැටියට අපේ අවසාන ගමන යන්න පුළුවන් නම් ඒක තමයි සුන්දර ගමන. මම හිතන්නේ ක්‍රීඩාව ඊට කදිම තෝතැන්නක් කියලයි,' රජීව් දිගු කතාවකට මුල පුරමින් කීවා.
මම ඉපදුණේ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පැලෑඳ කියන ගමේ. සිංහරාජ වනාන්තරයේ ඉඳල එන පැලෑඳ කියන ගඟ අපේ ගම මැදින් ගලනවා. සදාහරිත වනාන්තර, රබර් වතු, කුඹුරුවලින් සපිරි ස්වාභාවික පරිසරයේ අති රමණීය ගමක් තමයි මගේ ගමන,' ඔහු තමන්ගේ මුල් ඇදුණු සුන්දර ගම ගැන කිව්වා.
'පළමුවැනි ශ්‍රේණියේ ඉඳලා පහ ශ්‍රේණිය දක්වා මම ගියේ පැලෑඳ ඉස්කෝලෙට. ගෙදර ඉඳන් පයින් යන්නෙ. ඉස්කොලේ විදුහල්පති තමයි කේ. ඊ. අබේවර්ධන මහත්මයා. එතුමා අණ්ඩ දාපු කලිසම් අඳින සරල මිනිහෙක්. ඔන්න ඔය අතරේ තුන වසරෙදි මගේ කවියක් විජය පත්තරේ පළ වුණා. උදය රැස්වීමෙදි විදුහල්පතිතුමා මගේ කවියට මහා ඇගයීමක් කළා,' තමන්ගේ ජීවිතයේ මුල්ම ජයග්‍රහණයක් ඔහු එලෙස සිහිපත් කළේය.
'ශිෂ්‍යත්වයෙන් මම එනවා මතුගම ශාන්ත මෙිරි මහා විද්‍යාලයට. පංති භාර ගුරුතුමිය කල්‍යාණි මිස්. ඇය අමිමා කෙනෙක් වගේ අපිව බලා ගන්නවා. ඔය අතරෙදි විවෙිකයක් ලැබුණු ගමන් අපි දුවන්නෙ පිට්ටනියට. එතකොට ක්‍රිකටි තමයි සෙල්ලම් කරන්නෙ. ක්‍රිකටි ක්‍රීඩාව ඇඟට දැනුනෙ ගමේ තිබුණු බෙහෙත් බඩු කඩේ නිසයි. ඒකේ මුදලාලි එක්ක මම දාම් සෙල්ලම් කරනවා. ඔය අතරෙදි ගුවන් විදුලියෙන් ක්‍රිකටි ක්‍රීඩා විස්තරයක් ප්‍රචාරය වුණා. ප්‍රේමසර ඈපාසිංහ මහත්තයා ගුවන්විදුලි සන්නිවේදනය අතරෙ පිට්ටනිය මවනවා. මම ඒක ආසාවෙන් අහගෙන හිටියා. ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ අාසාව ඇතිවෙන්නෙ ඔය විදිහට. රොමේෂ් කළුවිතාරණ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 132 ගත්ත තරගය තමයි ඒ තරගය.' තම ක්‍රිකට් ප්‍රේමය ආරම්භ වූ ආකාරය ගැන රජීව් කිව්වා. කතාව රසවත්. හරියට අවුකන බුදුන්ට දෑස් ලැබුණු ආකාරය වගේ. ඉතින් අපි අහගෙන හිටියා.
'දැන් ඔන්න පංති දෙක එකතු වෙලා අපිත් ක්‍රිකටි සෙල්ලම් කළා. හිත ඇතුළේ රොමේෂ් කළුවිතාරණ ද අරවින්ද ද, අර්ජුන ද හිටියේ කියලා නම් මතක නෑ. හැබැයි මට ගන්න ලැබුණේ ලකුණු 10 ක් වගේ ගණනක්. හැබැයි ක්‍රිකට්වලට පණ ඇරලා ආදරය කරන්න පටන් ගත්තා.' රජීව් කියනවා.
'ඇත්තම කියනවා නම් සමබර මනුෂ්‍යයින් බිහිවෙන්න අධ්‍යාපනයට අමතරව කලාව සහ ක්‍රීඩාව තියෙන්න ඕනෑ. සමාජ ඛේදවාචකයට ප්‍රධාන හේතුව ඒ දේ නොමැතිකම. ඇත්තම කියනවා නම් දැනුම මතම ගිහින් ප්‍රශ්න වලට උත්තර හොයන්න බෑ,' වයසින් එතරම් වියපත් නොවුණද රජීව් වෙල්ගම තමන්ගේ බර අප ඉදිරියේ තබයි. එය සුන්දර මිනිසකුගේ ජීවිතය තුළ පැවතිය යුතු ආකාරයේ බරකි.
'ආතතියෙන් පිරි පීඩාකාරී හැඟීම් වගේම ජීවිත ඇතුළේ බොහෝ සුන්දර හැඟීම් තියෙනවා. පීඩාකාරි හැඟීම් නැතිකරන්න පුළුවන් ක්‍රීඩාවට. කලාව, ක්‍රීඩාව, දැනුම නැති තැන අසමතුලිත මනුෂ්‍යයින් බිහිවෙනවා. මේ කාරණා තුනම එකතු වුනොත් සමතුලිත මනුෂ්‍යයින් බිහිවෙනවා.'
ඒ වගේම මම ආස කරන කිුඩාවක් තමයි Foot Ball. මෙි දවස්වල කිුඩා කරන්නෙ Foot Ball. මම සතියට දවස් තුනක් ජීවත් වෙන්නෙ බලංගොඩ. අවු දෙකක් වෙනවා Foot Ball ගහන්න වෙලා. ඇත්තටම ක්‍රිකටි කියන්නෙ කම්මැලි කිුඩාවක්. ලෝකයේ ජනප්‍රියම කිුඩාව තමයි Foot Ball. හැබැයි ගමට Foot Ball ගියෙ නෑ. වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් Foot Ball වලට කැමතියි. කණ්ඩායමක් හැටියට Foot Ball ගහනවා. බලංගොඩ කලාපයේ තරග වලින් ජයග්‍රහණය කරලත් තියෙනවා. කිුඩාවට යොමුවෙන්න ඇගේ ගායකුත් තියෙන්න ඕනෑ.ඇත්තම කියනවා නම් ඒ ගාය උපතින් ලැබෙනවා.' ඒ ඔහුගේ අදහසය.
අප සිතන්නේ ඒ ගාය නැති උදවියට ක්‍රීඩාව, කලාව රසවිඳ ඒ ගාය යම් පමණකට තම ජීවිතයට එන්නත් කළ හැකැයි යන්නය. දැන් අප කරන්නේත් එයමය.
' සමාජයත් එක්ක ගැටෙන කොට නිරෝගි පුද්ගලයන් තමයි කිුඩාවට යොමු වෙන්නෙ. නොහික්මුණ මනුෂ්‍යයෙක් වුණත් ක්‍රීඩාව නිසා හික්මීම ඇති කරගන්නවා. ක්‍රීඩාව තුළදී දිනුම සහ පරාජය බාර ගන්න වෙනවාමයි. පරදින්න අකමැති වුණත් දවසක පරදිනවා. කොච්චර පැරදුණත් දවසක දිනනවා. දිනුම පරාජය සමබර බව ජීවිතයට ඇතුළත් කර ගන්න පුළුවන් ක්‍රීඩාවෙන්. සමාජය තුළ ලොකු ෙඛ්දවාචකයක් වෙලා තියෙනවා. තරුණ සිත් කිුඩාවට යොමු වෙනවා අඩුයි. ඒක තමයි ලොකුම ඛේදවාචකය,' ඒ රජීව්ගේ අත්දැකීම් තුළින් උපන් අදහස් ය.
' මනුෂ්‍ය සමාජය බිහිවීමත් සමග ක්‍රීඩාව බිහිවෙනවා. මුල් කාලයේ දුවන්නෙ ක්‍රීඩාවට නෙමෙයි සතෙක් දඩයම් කරන්න. එහෙම දුවල පසු කාලීනව ඔලිම්පික් තරග පටන් ගැනෙනවා. යුද්ධවලද, ජීවන අරගලවලදි, ක්‍රීඩාව කියන දේ නිරන්තරයෙන් පාවිච්චි කරනවා. සටන් කලාව බිහිවෙන්නෙත් ඒ විදිහට. හැම ක්‍රීඩාවකටම ආර්ට් එකක් තියෙනවා. ආර්ට් එකේ නිපුනයෙක් තමයි දක්ෂ ක්‍රීඩකයෙක් කියන්නෙ.' ඔහු තවත් බොහෝ දේ කීවේය. ඒ කියූ සෑම දෙයක්ම ක්‍රීඩාව ගැනය. සැබැවින්ම රජීව් හොඳ ක්‍රීඩකයෙකි. එය එසේ වන්නේ ඔහු තුළ කලාවක් පවතින හෙයිනි. ඔහු කියන ආකාරයටම කියන්නේ නම් 'ආර්ට් එකේ නිපුණයෙක් තමයි ක්‍රීඩකයා කියන්නෙ.' එය ඇත්තකි. ඒ අනුව රජීව් වසන්ත වෙල්ගමද එක්තරා ආකාරයකට සුන්දර ක්‍රීඩකයෙකි.
ඡායාරූප සහ සටහන -
සුදම් ගුණසිංහඉරෝෂණ










